මුලතිව් ප්‍රාදේශීය සභා දෙකක ඡන්දය
පැවැත්වීමේ හැකියාව සොයයි


රනිල් ධර්මසේන

පුදුකුඩිඉරිප්පු හා මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභාවල බිම්බෝම්බ ඉවත්කර ජනතාව යළි පදිංචි කරවීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව වාර්තාවක්‌ හැකි ඉක්‌මණින් තමන් වෙත ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා මුලතිව් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා වෙත දැනුම්දී තිබේ.

එම සභා දෙකෙහි ඡන්ද විමසීමද ඉදිරි ඡන්ද විමසීමත් සමගම සිදු කිරීමට ඇති හැකියාව සොයා බැලීම මෙම වාර්තාව කැඳවීමේ අරමුණ වී තිබේ.

යළි පදිංචි කිරීම් අවසන්ව ඇත්නම් කඩිනමින් නාම යෝජනා කැඳවා ඔක්‌තෝබර් මාසයේ අනෙකුත් පළාත් පාලන ආයතන සමග එකම දිනක ඡන්ද විමසීම සිදු කළ හැකි බවද මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.