මසුන් මැරීමේ තහංචි සීමා ඉවත් කළත්
අයිස්‌ කම්හලක්‌ නැති කමින් යාපනේ
ධීවරයන්ට දැඩි අපහසුතා


දිනසේන රතුගමගේ

යාපනය අර්ධද්වීපයේ ධීවරයන්ට මසුන් මැරීම සඳහා පනවා තිබූ සියලු තහනම් නියෝග රජයෙන් ඉවත් කොට ඇතත් ඉන්දීය ටෝලර් යාත්‍රා යාපනයට පැමිණීම හා රජයේ අයිස්‌ කම්හලක්‌ යාපනයේ නොමැතිකම නිසා යාපනයේ ධීවරයන් දැඩි අපහසු තත්ත්වයකට පත්ව සිටින බව පළාතේ ධීවර සමිති ප්‍රකාශ කරයි.

සතියේ අඟහරුවාදා, බ්‍රහස්‌පතින්දා හා සෙනසුරාදා යන දිනවල උතුරු මුහුදු කලාපයට ටෝලර් යාත්‍රා 3000 ක්‌ පමණ පැමිණ ශ්‍රී ලාංකික ධීවරයන්ට අයත් මත්ස්‍ය සම්පත කොල්ලකාගෙන යැම නිසා යාපනයේ ධීවරයෝ දැඩි අපහසු තත්ත්වයකට පත්ව සිටිති.

මේ දිනවල යාපනයේ ධීවරයන් බාධාවකින් තොරව මසුන් මැරීම සිදුකරන බැවින් ඉතා ඉහළ මත්ස්‍ය අස්‌වැන්නක්‌ නෙළා ගැනීමට ඔවුනට හැකිවී තිබේ. නමුත් මසුන් කල්තබා ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස අයිස්‌ යාපනයේ නොමැතිකම නිසා එදිනෙදා අල්ලා ගන්නා මසුන් ධීවර වරායේදීම වෙන්දේසි කිරීමට යාපනයේ ධීවරයන්ට සිදුව තිබේ. නමුත් මත්ස්‍ය තොග වෙන්දේසි වන්නේ ඉතා අඩු මුදලකට බවද යාපනයේ ධීවරයෝ පවසති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.