අඩුම මිලට නිවෙසක්‌ ඉදිකරදීම අපේ අරමුණයි



දකුණ කියන්නේ අප රටට කීර්තිමත් ව්‍යාපාරිකයන් රැසක්‌ බිහිකළ පළාතක්‌. දකුණේ මිනිසුන් අප රටේ ආර්ථිකය නගා සිටුවීමේලා සුවිශේෂි කාර්යභාරයක්‌ කර ඇති බව අප කවුරුත් දන්නා කරුණක්‌.

ඒ වගේම දකුණ කියන්නේ ධෛර්යවන්ත මිනිසුන්ගෙන් නොඅඩු පළාතක්‌. ඔවුහු ජීවිතයේ කෙතරම් බාධක කම්කටොලු පැමිණියත් ඉන් සැලෙන්නේ නැහැ. එම බාධක ජයගෙන ජීවිතය ජයගන්නේ කෙසේද කියා ඔවුහු මැනවින් දන්නවා. ඒ නිසාම දකුණේ ඉපිද ඉතාමත් සුළුවෙන් ව්‍යාපාර ආරම්භ කළ බොහෝ දෙනා අද වන විට අප රටේ කීර්තිමත් ව්‍යාපාරිකයන් වී සිටිනවා.


සිදත් විජේවර්ණආරච්චි මහතා
වියළි ආහාර ජනතාව වෙත ලබ දෙමින්.....


අද අප ඔබට හඳුන්වා දෙන මෙම සුවිශේෂි චරිතයද දකුණේ කම මැනවින් පෙන්නුම් කළ විශේෂයෙන් අප රටේ කුඩා මිනිසුන්ගේ හදවත් මැනවින් තේරුම් ගත් චරිතයක්‌ ලෙස හඳුන්වාදිය හැකියි. නමින් සිදත් විඡේවර්ණ ආරච්චි වන ඔහු මේ වන විට මිනුවන්ගොඩ නගරයේ තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යමින් සිටිනවා. සකුරා දේපළ වෙළෙ¹ම් ආයතනයේ අධිපතිවරයාද වන්නේ ඔහුයි.

ඔහු සිය ගමන් මඟ පිළිබඳව දිවමිණට මෙසේ අදහස්‌ දැක්‌විය.

මම උපන්නේ තංගල්ලේ බෙලිඅත්ත ප්‍රදේශයේ. උසස්‌ පෙළ කලා අංශයෙන් ඉගෙනීම් කටයුතු කළා. විභාගය ඉහළින් සමත් වුණත් සරසවි වරම් ලබන්න ලකුණු දෙකක්‌ මදි වුණා. ඉන්පසු මම විදේශගත වී රැකියාවක්‌ කරන්න තීරණය කළා. ඒ අනුව කොරියාව සහ හොංකොං යන රටවල වසර කිහිපයක්‌ සේවය කළා.

විදේශ රටවල සේවය කළ සිදත් විඡේවර්ධන ආරච්චි මහතා යළි මව් බිමට පැමිණීමෙන් අනතුරුව තමන්ගේම කියා ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට තීරණය කළා. ඔහු තම හිතවතකුගේ සහාය ඇතිව කොළඹ ආශ්‍රිතව පුද්ගලික ආරක්‌ෂක සේවාවක්‌ ආරම්භ කරන්නේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි.

මම අවුරුදු අටක්‌ තිස්‌සේ පෞද්ගලික ආරක්‌ෂක සේවාව හොඳින් කරගෙන ගියා. අනතුරුව විවාහ දිවියට ඇතුළත් වුණා. කාලයක්‌ යද්දී මට මගේ ව්‍යාපාර කටයුතුවල වෙනසක්‌ දකින්න අවශ්‍ය වුණා. ඒ නිසා පුද්ගලික ආරක්‌ෂක සේවය මගේ මිත්‍රයාට භාරදී මිනුවන්ගොඩට පැමිණියේ නව ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමේ අදහසින්. කොළඹින් මිනුවන්ගොඩට එද්දී මම කලින් ව්‍යාපාරයේ තිබූ සම්පත්වලින් ගෙනාවේ යතුරුපැදියක්‌ සහ ජංගම දුරකථනයක්‌ පමණයි. මිනුවන්ගොඩට පැමිණි මම නගරයේම සැලොන් ඇකඩමියක්‌ පටන් ගත්තා. ඒ අතරතුර ලියාපදිංචි ඉඩම් බ්‍රොaකර් කෙනෙක්‌ ලෙසද කටයුතු ආරම්භ කළා. සිදත් විඡේවර්ණ ආරච්චි මහතා ව්‍යාපාරික ජීවිතයේ නැවුම් ආරම්භයක්‌ සනිටුහන් කරනුයේ ඉන් අනතුරුවයි. 2003 වර්ෂයේ ඔහු විසින් ආරම්භ කළ සකුරා දේපළ වෙළෙ¹ම් සමාගම මේ වන විට ශක්‌තිමත් ව්‍යාපාරයක්‌ බවට පත්ව ඇති අතර එය ගනුදෙනු කරුවන්ගේද උපරිම විශ්වාසය දිනාගත් ආයතනයක්‌ ලෙස නමක්‌ දිනා ගෙන සිටී.

ඔහු තම ඉඩම් සහ නිවාස ඉදිකිරීම් පිළිබඳ වූ ව්‍යාපාරය ගැන මෙසේ අපව වැඩිදුරටත් දැනුවත් කළා.

මම මුලින්ම මිලදී ගත්තේ මිනුවන්ගොඩ , වෑගොව්ව ප්‍රදේශයේ පර්චස්‌ 60 ක ඉඩමක්‌. එය කොටස්‌ කර විකිණීම හරහායි මගේ මෙම ව්‍යාපාරය ආරම්භ කළේ. දෙවැනි වරටත් මිලට ගත්තේ හොරගස්‌මුල්ල ප්‍රදේශයෙන් පර්චස්‌ 100 ක ඉඩමක්‌. ඒ වන විට මගේ ව්‍යාපාරය තරමක්‌ දුරට සාර්ථක වී තිබුණා. එනිසා සේවිකාවකුත් මාගේ ආයතනයට බඳවා ගත්තා.

ව්‍යාපාරයක්‌ සාර්ථකව පවත්වාගෙන යැමට ව්‍යාපාරික ඥනය අත්‍යවශ්‍යයි ඒ බව හොඳින් අවබෝධ කර ගත් සිදත් විඡේවර්ණආරච්චි මහතා කුඩා කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන ආයතනයට බැඳී ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක්‌ හදාරයි.ඒ තුළින් ඔහු ලැබූ ව්‍යාපාරික දැනුම ඔහුගේ ජීවිතයට ආලෝකයක්‌ විය.

2006 වර්ෂය කියන්නේ මගේ ව්‍යාපාරික ජීවිතයේ තවත් කඩඉම් වර්ෂයක්‌. එම වර්ෂයේදී මිනුවන්ගොඩ නගරයේ කොළඹ පාරේ පාලම අසල මගේම ඉඩම් ව්‍යාපාරික ආයතනයක්‌ (සකුරා දේපොළ වෙළ¹ම්) ඉතාමත් අංග සම්පූර්ණ ලෙස ස්‌ථාපිත කිරීමට හැකි වුණා. අනතුරුව පුවත්පත් දැන්වීම් මගින් අඩු ආදායම් ලාභීන්ට නිවාස සාදා දෙන බවට ප්‍රචාරය කළා. ඒ සඳහා විශාල ප්‍රතිචාරයක්‌ ලැබුණා. විශේෂයෙන් මා මෙහිදී තේරුම් ගත්තේ අප රටේ අඩු ආදායම්ලාභීන්ට ඔවුනගේ ආදායමට ගැලපෙන අයුරින් නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය වුණත් ඒ සඳහා ඔවුනට අවස්‌ථාවක්‌ නොමැති බවයි. ඒ නිසාම මම නිවාස ඉදිකිරීමේදී අඩු ආදායම්ලාභී පවුල් ඉලක්‌ක කර ගත්තා. ඒ තුළින් මගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට මෙන්ම සමාජයට විශාල සේවයක්‌ කිරීමට අවස්‌ථාව ලැබුණා.නමුත් ඕනෑම ප්‍රමාණයක නව නිර්මාණ අනුව නිවාස ඉදිකර දීමට අප කටයුතු කරනවා. ඒ සඳහා ඉල්ලුම් කරන අයට වෙළෙඳපොළේ ඉතාමත් සාධාරණ මුදලකට නිවාස ඉදිකර දෙන්න අපගේ දේපොළ වෙළෙ¹ම් සමාගම සූදානම්.

මේ වන විට සිදත් විඡේවර්ණආරච්චි මහතා තම ඉඩම් සහ දේපොළ සමාගම මගින් අලුත්ම කර්තව්‍යයකට අත ගසා සිටී. ඒ පිළිබඳවත් ඔහු මෙසේ අපව දැනුවත් කළා.

ජනපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ නිවාස දස ලක්‌ෂයක්‌ සෑදීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. එම වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස තනාදීමේ කාර්යයට අප සමාගමත් සම්බන්ධ කරගෙන තිබෙනවා.

ඒ අනුව නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා සහ පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින සහාධිපත්‍ය කළමනාකාර අධිකාරිය සමග එක්‌වී නිවාස ව්‍යාපෘති කිහිපයක්‌ ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. දැනට පාදුක්‌ක මලගල පාසල ආසන්නයේත්, ගම්පහ යක්‌කල ප්‍රදේශයේත් මිනුවන්ගොඩ සහ පෙතියාගොඩ යන ප්‍රදේශවලත් නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘති අපට ලබාදීම සඳහා අප සමාගමට අවස්‌ථාව ලබාදුන් ඉදිකිරීම් ඉංජිනේරු සේවා සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, හිටපු සංස්‌කෘතික අමාත්‍ය පියසිරි විඡේනායක යන මහත්වරුන්ට අප සමාගමේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා. එමෙන්ම මගේ ව්‍යාපාර කටයුතුවලට මගේ බිරිඳ තනුජා කුමාරිගෙන් ලැබෙන සහයෝගයටත් දිවා රෑ වෙහෙස නොබලා කැපවීමෙන් අවංකව කටයුතු කරන මාගේ සේවක මණ්‌ඩලයටත් ස්‌තුතිය පුද කිරීමට මෙය අවස්‌ථාවක්‌ කර ගන්නවා.

අඩු ආදායම්ලාභීන්ට මෙන්ම අනෙකුත් ඉඩම් සහ නිවාස ඉදිකිරීම් කරගැනීමට අවශ්‍ය අයට 0773869944 ජංගම දුරකථනයෙන් හෝ සකුරා දේපොළ වෙළෙ¹ම් සමාගම, කොළඹ පාර (පාලම අසල) මිනුවන්ගොඩ යන ලිපිනයෙන් විමසීම් කළ හැක.

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.