ආබාධිත සහිත වූවන්ගේ ලෝක කුසලාන
වොලිබෝල් තරගාවලියේ ලෝකඩ පදක්‌කම
දිනූ ශ්‍රී ලංකා කණ්‌ඩායමට දේශීය වොලිබෝල්
ඉතිහාසයේ පළමු තැන



මෙරට ආබාධ සහිතවූවන්ගේ ක්‍රීඩාව සඳහා නව අර්ථයක්‌ එක්‌ කිරීමට ආබාධිත ජාතික වොලිබෝල් කණ්‌ඩායමට හැකිවූයේ යෑයි ඔවුනට උපහාර පුදමින් ඩයලොග් සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි නූෂාඩ් පෙරේරා මහතා පවසන ලදී.

පසුගියදා පැවැති ආබාධිතවූවන්ගේ ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියේදී ලෝකඩ පදක්‌කම දිනූ ශ්‍රී ලංකා කණ්‌ඩායමට, උපහාර පිදීමේ එම උත්සවය සංවිධානයක කරන ලද්දේ අදාළ තරග සංචාරයේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සම අනුග්‍රාහකත්වය දැරූ ඩයලොග් ආසිආටා සමාගම විසින් විසිනි.

කාම්බෝජයේ නොම්පෙන්හී රටවල් 16ක සහභාගීත්වයෙන් පසුගියදා පැවැති මෙම ලෝක කුසලානේදී ජර්මනිය, ස්‌ලෝවැකියාව, කසකස්‌තානය ආදී ප්‍රබලයන් සමගද තරගවදිමින් එම ෙඓතිහාසික මොහොත හිමි කරගැනීමට ශ්‍රී ලංකා ආබාධ සහිත වූවන්ගේ ජාතික වොලිබෝල් කණ්‌ඩායමට හැකියාව ලැබිණි.

මෙම කණ්‌ඩායමේ සියලුම සාමාජිකයන් පාහේ ක්‍රියාන්විතයේදී අබාධිතවූවන් වන අතර ඔවුන් කිසිවෙකුත් එයට ප්‍රථම වොලිබෝල් ක්‍රීඩාවේ නියෑලී අත්දැකීම් ලැබූවන් නොවීමත් කැපී පෙනෙයි. කෙටි කාලීන පුහුණුවකින් පසු ලෝක මට්‌ටමේ ජයග්‍රහණයක්‌ ගෙන ඒමට සමත්වීම මෙන්ම මෙම තරගාවලියට සහභාගීව අනෙක්‌ රටවල කණ්‌ඩායම් මෙන් ක්‍රීඩාව සඳහාම යොදාගන්නා ඉහළ තාක්‍ෂණයෙන් යුත් කෘත්‍රීම පාද වෙනුවට සාමාන්‍ය මට්‌ටමෙන යොදාගැනෙන සාමන්‍ය කෘත්‍රිම පාද ආදිය පළඳිමින් ක්‍රීඩා කර ලැබූ ජයක්‌ ලෙසත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මෙම පදක්‌කමට සුවිශේෂී වටිනාකමක්‌ හිමිවේ.

zමොවුන් ලැබූ මෙම ජයග්‍රහණය ලෝක මට්‌ටමේ තෙවැනි තැනක්‌ නොවෙයි, ඉතිහාසයක පළමු තැනක්‌ ලෙස මම දකිනවාZ යෑයි අදාළ උපහාර පිදීමේදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ නූෂාඩ් පෙරේරා මහතා,

z1998 වසරේ සිට ඩයලෝග් සමාගම ආබාධිත ක්‍රීඩා වලට සහයෝගය දක්‌වන්න එකතුවුනේ ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්ම නෙවෙයි. සමාජීය යුතුකමක්‌ ඉටුකිරීමටයි. අපි වගේම මේ රටේ සිටින අනික්‌ සියලූම සමාගම් මේ යුතුකමට එකතුවෙනවා නම් අපි ඉතාම සතුටුයි, යෑයිද පැවසීය.

ආබාධ සහිත වූවන්ගේ ජාතික වොලිබෝල් සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පියල් අබේසේකර මහතාද මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර, එකාවන්ව කැපවීමෙන් බාධක රැසක්‌ ජයගෙන පැමිණි ගමනක්‌ ලෙස මෙය හදුන්වන බව ඔහු එහිදී පැවසීය. එම බාධක ජයගැනීම සඳහා අනුග්‍රාහකයන් මෙන්ම, ආරක්‍ෂක ලේකම්තුමා සහ යුද හමුදාපතිවරයා දුන් සහයෝගයද අගය කරන ලදී. ක්‍ෂේත්‍රයට නවක කණ්‌ඩායමක්‌ ලෙස පැමිණ ඉහළ දක්‍ෂතා දැක්‌වීමේදී, ලෝකඩ පදක්‌කම දිනාගත්තද, මෙහිදී තරගාවලියේ දක්‍ෂතම කණ්‌ඩායම ලෙසින් මාතෘකාවට ලක්‌වූයේ ශ්‍රී ලංකාව යෑයිද ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ආබාධ සහිතවූවන්ගේ ජාතික වොලිබොල් කණ්‌ඩායමේ නායක සී.කේ අර්ථනාකද මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර, කණ්‌ඩායමේ උසින් වැඩිම ක්‍රීඩකයා වන තමන්ටද වඩා අඩියකට වැඩි උසකින් යුත් ක්‍රීඩකයන් සහිතව තරගවැදුණු ලෝක ශූර ජර්මනිය මෙම තරගාවලියේදී පරාජයට පත්කළ (මූලික වටයේ තරගයකදී) එකම කණ්‌ඩායම ලෙසින් ශ්‍රී ලංකාව මෙහිදී අතිරේක ගෞරවයක්‌ හිමිකරගත් බවත් ඔහු පවසන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.