ආසියානු දැල්පන්දු ශූරතාව-2012
පුහුණු සංචිතය තේරීමේ පරීක්‍ෂණය ලබන 30 දා

සහාය පුහුණුකාරිනිය තේරීමටත් අයෑදුම්පත් කැඳවයි

ලබන 2012 වසරේ ජුලි - අගෝස්‌තු වකවානුවේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලිය ඉලක්‌ක කොට ගෙන ජාතික දැල්පන්දු සංචිතය තේරීමේ ප්‍රථම පරීක්‍ෂණය ලබන 30 දා පෙ. ව. 8.00 සිට ප. ව. 1.00 දක්‌වා කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේද පැවැත්වීමට ශ්‍රී ලංකා දැල්පන්දු අතුරු පාලක කමිටුව විධිවිධාන යොදා ඇත.

අදාළ පුහුණු සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 30 දෙනකු ඉහළම දක්‍ෂතා අනුව පළමුව තෝරා ගැනෙන අතර ඉන් අනතුරුව අවස්‌ථා කිහිපයකදී යළි තේරීම් තරග පවත්වා සංචිතයේ සාමාජිකත්වය අඩු වැඩි කිරීම සිදු කරන බව ශ්‍රී ලංකා දැල්පන්දු අතුරු පාලන කමිටුවේ ලේකම් කුමුදුනී ගෝමස්‌ මෙනෙවිය zදිවයිනZ ට පැවසුවාය.

මේ අතර ජාතික දැල්පන්දු සහාය පුහුණුකාරිනියන් දෙදෙනෙක්‌ තෝරා ගැනීම සඳහා දැන් අයෑදුම්පත් කැඳවා ඇති දැල්පන්දු අතුරු පාලන කමිටුව ලබන 31 වැනි දිනට පෙර ඒ සඳහා අයෑදුම්පත් යොමු කළ යුතු බව ගෝමස්‌ මෙනෙවිය පැවසුවාය.

අදාළ තනතුරට අයෑදුම්පත් යොමු කිරීමේදී අන්තර් මාධ්‍ය පුහුණු සහතිකය (ශ්‍රී ලංකා) අධ්‍යාපන සුදුසුකම්, ජාතික මට්‌ටමේ තරග ප්‍රතිඵල, සහභාගි වී ඇති ජාතික හෝ ජාත්‍යන්තර මට්‌ටමේ පුහුණු පාඨමාලා, පුහුණුකාරිනියක්‌ ලෙස ඇති අත්දැකීම් සහ දිනා ඇති ජයග්‍රහණ සිය අයෑදුම්පත සමඟ ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි.

සියලුම අයෑදුම්පත් අදාළ දිනයට පෙර කුමුදුනී ගෝමස්‌ මෙනවිය, නො. 16 ඒ, ගෝමස්‌ පටුමඟ, කොළඹ 5 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

සුසිල්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.