ශ්‍රී ලංකා-පාකිස්‌තාන ටෙස්‌ට්‌ තරගාවලියේ එක්‌ තරගයක්‌ සාජාහිදී

ලබන ඔක්‌තෝබර් මසදී ආරම්භවීමට නියමිත තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - පාකිස්‌තාන ටෙස්‌ට්‌ තරගාවලියේ අවසන් ටෙස්‌ට්‌ ටෙස්‌ට්‌ තරගය සාජාහිදී පැවැත්වීමට දෙරටේ ක්‍රිකට්‌ බලධාරීන් කැමැත්ත පළ කර තිබේ. සාජා ක්‍රිsකට්‌ ක්‍රීඩාංගණයේදී මීට පෙර ටෙස්‌ට්‌ තරග පවත්වා තිබෙන නමුත් අවසන් වසර 9 කට ආසන්න කාලය තුළදී මෙහි ටෙස්‌ට්‌ තරගයක්‌ පැවැත්වීමට නොහැකි වී තිබේ.

මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ තරග 2 අබුඩාබි සහ ඩුබායිහිදී පැවැත්වීමට නියමිත වන නමුත් තෙවැනි තරගය එකම ක්‍රීඩාංගණයකදී පැවැත්වීම සම්බන්ධව පැන නැගී තිබෙන ගැටලුවක්‌ සම්බන්ධයෙන් මෙලෙස තෙවැනි තරගය සාජාහි පැවැත්වීම සඳහා අවධානය යොමුවී තිබේ.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම ලබන ඔක්‌තෝබර් මස 15 වැනි දින පිටත්ව යැමට නියමිත වන අතර එහිදී ටෙස්‌ට්‌ තරග 3 ට අමතරව එක්‌දින තරග 5 කට සහ පන්දුවාර 20/20 තරග 2 කට සහභාගිවීමට නියමිතව ඇත.

එම එක්‌දින තරග අතරින් තරග 2 බැගින් ඩුබායි හා අබුඩාබිහිදීත්, එක්‌ තරගයක්‌ සාජාහිදී පැවැත්වෙනු ඇත.

සාජා ක්‍රිකට්‌ ක්‍රීඩාංගනයේදී අවසන් වරට ටෙස්‌ට්‌ තරගයක්‌ පවත්වා ඇත්තේ පසුගිය 2002 වසරේදී වන අතර එහිදී පාකිස්‌තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් තරග වැදී තිබේ. එමෙන්ම ටෙස්‌ට්‌ ක්‍රීඩා කරන රටවල් 2 ක්‌ අවසන් වරට මෙම ක්‍රීඩාංගණයේදී එක්‌දින තරගයට සහභාගි වී ඇත්තේ 2003 වසරෛ¨දීය. එහිදී පාකිස්‌තානය සහ සිම්බාබ්වේ කණ්‌ඩායම් තරග වැදී තිබේ.

ඉකුත් 2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්‌ඩායම ගමන් ගත් බස්‌ රථය ඉලක්‌ක කොට ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ එල්ල වීම මත ලොව සියලුම රටවල්(ඇµaගනිස්‌තානය හැර) පාකිස්‌තානයේ තරග සංචාරවලට සහභාගිවීම ප්‍රතික්‍ෂේප කළහ. පසුගිය 2011 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී තරග කිහිපයක්‌ පාකිස්‌තානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් සෙසු කණ්‌ඩායම් එහි ගොස්‌ තරග කිරීම ප්‍රතික්‍ෂේප කිරීම මත එම තරග අනෙක්‌ සත්කාරක රටවල් වූ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාවට බෙදී ගියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.