තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන්
රාජ්‍ය ආයතනවල කාර්යක්‍ෂමතාව නංවයි


ශ්‍යාම් නුවන් ගනේවත්ත

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉදිරියේදී මුළුමනින්ම ලංකා රාජ්‍ය ජාල වැඩසටහන යටතේ සිදු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය (ෂCඔA) පවසයි.

මෙමගින් රාජ්‍ය ආයතනවල කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට හැකිවෙනු ඇතැයි එම නියෝජිතායතනය කියයි.

මේ වන විට බස්‌නාහිර පළාත, දකුණු පළාත, වයඹ පළාත හා මධ්‍යම පළාත ඇතුළු පළාත් අටක ලංකා රාජ්‍ය ජාල වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ අතර ලංකා රාජ්‍ය ජාල මෙහෙයුම් මධ්‍යස්‌ථානය පසුගියදා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ සහ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් දේවපුර යන මහත්වරුන්ගේ නිරීක්‌ෂණයට ලක්‌විය.

අදාළ මෙහෙයුම් මධ්‍යස්‌ථානයේ කටයුතු මෙතෙක්‌ දකුණු කොරියාවේ සැම්සුම් සමාගම විසින් කළමනාකරණය කළ අතර එය දැන් පූර්ණ ලෙස ෂCඔA ආයතනය යටතේ පිහිටුවා ඇති ලංකා රාජ්‍ය ජාල තොරතුරු යටිතල පහසුකම් පෞද්ගලික සමාගම වෙත පවරා තිබේ.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.