දුර ගමන් පෞද්ගලික බස්‌ රථවල
ගමන් කරන මගීන්ට පහසුකම් ලබාදෙන
ආපන ශාලාවල ගුණාත්මක බව ඉහළට

දුර ගමන් බස්‌ රඨවල ගමන් කරන මගීන්ට ආහාර සහ අනෙකුත් පහසුකම් ලබාදෙන ආපන ශාලාවල ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා පියවර ගෙන ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභා අධ්‍යක්‍ෂ චන්ද්‍රසිරි වීරසේකර මහතා තත්ත්ව ආරක්‍ෂණ පවසයි.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව මගීන්ට පහසුකම් සපයන ආපනශාලා පරීක්‍ෂා කර ඒවායේ ගුණාත්මක බව ඉහළ නැංවීමට කටයුතු කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට අනුව එච්. 800 සංශෝධිත ආහාර පරිහරණ ආයතන ශ්‍රේණිගත කිරීමේ පත්‍රිකාව අනුව අදාළ ආපන ශාලාවල තත්ත්වය පරීක්‍ෂා කර ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබයි.

ආපනශාලාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ආපනශාලාවේ පිහිටීම හා පවිත්‍රතාව, ආපන ශාලා ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම්, වාතාශ්‍රය ලැබීම, ගෙබිම, සිවිලිම, බිත්ති නිමවුම, ආහාර සකස්‌ කිරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හා පිරිනැමීම, ආපනශාලාව සඳහා ජල සැපයුම් මූලාශ්‍ර හා ජලයේ පවිත්‍රතාවය, වැසිකිළි හා කැසිකිළිවල තත්ත්වයන් හා අපද්‍රව්‍ය කළමනාකරණය, ආහාර ද්‍රව්‍යවල තත්ත්වය, ප්‍රමිතීන් හා පවිත්‍රතාවය, ආපන ශාලාවේ සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා පිරිසිදු බව සහ පිසින ලද ආහාර හා අර්ධ සකස්‌ කළ ආහාර හා භාවිත කළ ආහාර ගබඩා කිරීම පිළිබඳ කරුණු සැලකිල්ලට ගනු ලැබේ.

මේ වැඩපිළිවෙළ යටතේ ආපන ශාලා පවතින ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් යොදවා අඛණ්‌ඩව ආපනශාලා පරීක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක්‌ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.