කොළඹ දකුණු වරායේ පළමු පර්යන්තය
ඉදිකිරීමට වරාය ගිවිසුම්ගත වේ


ජනිත සෙනෙවිරත්න

කොළඹ දකුණු වරායේ පළමු පර්යන්තය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගිවිසුම් අත්සන් කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් චීනයේ සිදුකළ සංචාරය අතරතුරදී (අගෝස්‌තු 12 දින) මෙම ගිවිසුම් ගතවීම සිදුවිය. කොළඹ දකුණු වරාය පළමු පර්යන්තය සඳහා මෙහෙයුම් සමාගම ලෙස කටයුතු කරන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත සමාගම සඳහා චීනයේ චයිනා මර්චන්ට්‌ හෝල්ඩිංග් (ජාත්‍යන්තර) සමාගම එයිට්‌කන්ස්‌ ස්‌පෙන්ස්‌ පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ආයතන රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්‌ව කටයුතු කිරීමේ ක්‍රමය යටතේ මෙලෙස ගිවිසුම්ගත විය. මෙම ගිවිසුම් ගතවීම චීනයේ Sයෑනදමි භ්බය්ස හෝටලයේ දී Cඵ්‍යෂ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය හු ජියෑන්හු, Aසඑනැබ Sචැබජැ සමාගමේ නියෝජ්‍ය සභාපති හා කළමනාකාර අධ්‍යක්‌ෂ රාජන් බ්‍රිටෝ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බී. වික්‍රම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය කළමනාකාර අධ්‍යක්‌ෂ කපිතාන් නිහාල් කැප්පෙටිපොළ යන මහත්වරුන්ගේ ප්‍රධානත් වයෙන් සිදුවිය. මෙම ගිවිසුම වඩාත් වාසි සහගත වන්නේ එය ඉදිකර, පරිහරණය කර නැවත පැවැරීමේ  ක්‍රමයට ගිවිසුම් ගතවූ බැවිනි.

කොළඹ වරාය මෙලෙස පුළුල්කොට තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා රජයේ අවධානය යොමු වන්නේ එහි ඇති කලාපීය වැදගත්කම හේතුවෙනි. එය මෙම දශකයේ වැදගත්ම සංවර්ධන ව්‍යාපෘතියක්‌ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.