මෙවර භෞතික විද්‍යාවට ප්‍රශ්න පත්‍රයක්‌

භෞතික විද්‍යාව ෂ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දීමේ අභියෝගය ජයගැනීම උදෙසා පසුගිය විභාග ප්‍රශ්න සඳහා සවිස්‌තරාත්මක විග්‍රහයක්‌ කෙරෙන ග්‍රන්ථ මාලාවක්‌ද ඒ සඳහා පෙරහුරු විභාග ප්‍රශ්න අඩංගු ග්‍රන්ථ කිහිපයක්‌ ද ඇතුළුව භෞතික විද්‍යාව සඳහා ග්‍රන්ථ දහයකට ආසන්න ප්‍රමාණයක්‌ ලියා ඇති සහ භෞතික විද්‍යාව විෂයය ගුරුවරයෙක්‌ ලෙස දැනට වසර 27 ක සේවා කාලයක ගුරුවරයකු වන මෙවර උසස්‌ පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිළිබඳ මාගේ ආකල්පය මෙම ලිපිය මගින් ඉදිරිපත් කරන්නේ කිසිදු පාර්ශ්වයකට චෝදනා කිරීමේ අරමුණක්‌ ඇතිව නොවේ.

පාසල් මට්‌ටමින් පවත්වනු ලබන වාර විභාග ප්‍රශ්න පත්‍ර ගෙන ඉතා හොඳින් විශ්ලේෂණය කළ විට ඉන් බොහොමයක්‌ මෑතකාලයේදී පවත්වනු ලබන උසස්‌ පෙළ විභාග මට්‌ටමේත් තවත් සමහරක්‌ ඊට එහා මට්‌ටමකත් පවතින බව දැක ගතහැක. එවැනි වටපිටාවක්‌ පාසල් මට්‌ටමින් ඇති කිරීම සඳහා අප පොළඹවනු ලබන්නේ පවතින්නා වූ උසස්‌ පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ව්‍යහය විනා අන් කිසිවක්‌ නොවේ. එසේ නම් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර නිසා අප අතින් සිදුවන්නේද උසස්‌ පෙළ විභාගයේදී සිදුවන දේම නොවේ දැයි යන සිතිවිල්ල කෙනෙකුට ඇතිවීම සාධාරණ වුවත් එම විභාග වටපිටාව හොඳින් තේරුම් ගත්විට ඒ අතර පැහැදිලි වෙනසක්‌ ඇති බව අවබෝධ කරගත හැක.

පාසල් වාර විභාගයකදී විස¹ගත නොහැකි හෝ කියවා තෝරුම් ගත නොහැකි තරමට අවුල්සහගත වූ හෝ නියමිත කාලයට වඩා කිහිප ගුණයක කාලයක්‌ මිඩංගු කළද පිළිතුරක්‌ ලබාගත නොහැකි ගැටලුවක්‌ හමුවේ ඇතිවන පීඩනයට වඩා දැඩි පීඩනයක්‌ උසස්‌ පෙළ විභාගයේදී එවැනි ගැටලුවක්‌ හමුවේ සිසුන්ට ඇතිවේ. මක්‌නිසාද යත් පාසල් විභාගයෙන් පසුව එම ගැටළුව විසඳන ආකාරය අදාළ ගුරුවරයාගෙන් දැන උගැන ගැනීමෙන් අනතුරුව මින් මතුවට එවැනි අවස්‌ථාවකට සාර්ථකව මුහුණ දිය හැකි වාතාවරණයක්‌ ඇතිකර ගැනීමේ ඉඩ ප්‍රස්‌ථා බහුලව පවතින බැවිනි.

උසස්‌ පෙළ විෂයය ධාරාව ඉගෙනගන්නා දරුවන් අතරින් බොහෝ පිරිසක්‌ තමාගේ අධ්‍යාපන කාලය වන වර්ෂ දෙක පුරාම විවිධ කැපකිරීම් කර මහත් බලාපොරොත්තු ඇතිව විභාගයට පෙනී සිටින විට පාසල් වාර විභාග වලදී නොදුටු ප්‍රශ්නයක්‌ හමුවේ සිසුන්ගේ මානසික පීඩනය කෙතරම්ද යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. ප්‍රශ්නය ඉදිරිපත් කරඇති ආකාරය ඉතාමත් නිරවුල් නම්, ප්‍රශ්නයක්‌ කියවීම සඳහා ගතකළ යුතු කාලය ඉතා අඩුනම් යහපත් මානසික තත්ත්වයක සිට ඊට මුහුණ දිය හැක. ගැටලුව ඉදිරිපත් කර ඇති ආකාරය නිරවුල් නොවේ නම් සහ එය කියවා තේරුම් ගැනීම සඳහා අවම වශයෙන් පේළි අටක්‌ හෝ නවයකින් ප්‍රශ්නය ඉදිරිපත් කර තිබුණේ නම් දරුවන් පත්වන තත්ත්වය කුමක්‌ද යන්න දන්නේ ඔවුන් පමණි. ඔවුන්ගේ මානසික පීඩනය කෙබඳුද යන්න යම් තරමකට හෝ තේරුම් ගැනීමට නම් අප එවැනි ප්‍රශ්න පත්‍රයක නියමිත කාලය තුළ පිළිතුර සැපයීමට උත්සාහ ගත යුතුය.

පසුගිය වසරේ (2010) උසස්‌ පෙළ භෞතික විද්‍යාව ෂ සහ මෙවර (2011) නව විෂයය නිර්දේශය යටතේ ලබාදුන් භෞතික විද්‍යාව ෂ ප්‍රශ්න පත්‍රවල නියමිත කාල සීමාවේදී පිළිතුරු සැපයීමට මම උත්සාහ කළෙමි. ඒවායේ සමහර ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමේදී මාහටද අපහසුතාවට ලක්‌වීම් සිදු විය. එසේ ප්‍රකාශ කිරීමට පසුබට නොවන්නේ දී තිබූ කාලයේදී එම ගැටලුව විසඳීමට අපහසු බව බලධාරීන් තේරුම් ගත යුතු නිසාය.

උසස්‌ පෙළ වැනි තම ජීවිතයේ ඉරණම තීන්දු කරන කඩඉම් විභාගයකදී වුවද ගැටලු අපහසු වීමේදී මතුවන පීඩනයන් පාලනය කරගනිමින් යහපත් මානසික තත්ත්වයක්‌ යටතේ නියමිත කාලය ඇතුළත සාර්ථකව පිළිතුරු සපයන දරුවන් අප රටේ සිටින්නේ ඉතාමත් සීමිත පිරිසක්‌ වීම ජාතියේම අවාසනාවකි.

පද්මසිරි විඡේවීර
භෞතික විද්‍යා ලේඛක සහ ආචාර්ය

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.