|

BIT උපාධියට රැකියාව ද සහිතව
සිව් වසරක ශිෂ්‍යත්ව
OpenArc කාර්මික සරසවිය එහි "නවෝදය" ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය යටතේ
පරිගණක මෘදුකාංග සංවර්ධනයට සහජ කුසලතාවක් ඇති අ.පො.ස. උසස්
පෙළ (A/L) සමත් සිසුන්ට වසරක පරිගණක මෘදුකාංග සංවර්ධන ඩිප්ලෝමා
පාඨමාලාවකට සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වසර තුනක BIT උපාධි
පාඨමාලාවට රැකියාව ද සමග සම්පූර්ණ වසර හතරක පූර්ණ ශිෂ්‍යත්ව 50
ක් ලබාදීමට කටයුතු යොදා ඇත. මෙම වසරේදී ද මෙම "නවෝදය"
ශිෂ්‍යත්ව සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක උසස් පෙළ සමත් පාසල්
සිසුනට ඉල්ලුම් කළ හැකිය.
"නවෝදය" ශිෂ්‍යත්ව වැඩසටහන OpenArc ආයතනයේ සමාජ සුබසාධන
ව්‍යාපෘතියක් (CSR) වන අතරම එය ලොවට අවැසි ප්‍රමුඛ පෙළේ
මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කිරීම අරමුණු කරගත් ඵලදායි
ව්‍යාපෘතියකි. "නවෝදය" ශිෂ්‍යත්ව වැඩසටහන මීට වසර තුනකට පෙර
OpenArc ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඇති කරගත් අවබෝධතා
ගිවිසුමකට අනුව රජයේ අනුමත ශිෂ්‍යත්ව ව්‍යාපෘතියක් ලෙස ආරම්භ
කරන ලදී.
"නවෝදය ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්‌වන OpenArc
සමූහ ව්‍යපාරයේ සභාපති දයා හෙට්‌ටිආරච්චි මහතා.....
"රැකියාවක්‌ද සමග වසර හතරක අංග සම්පූර්ණ "නාවෝදය" ශිෂ්‍යත්ව
ලබන සිසුන්ට ප්‍රථමයෙන් අප පරිගණක මෘදුකාංග සංවර්ධනය පිළිබඳ
වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවස්‌ථාව සලසනවා. එහිදී
මාස නමයක පමණ කාලයක් න්‍යායාත්මක දැනුම ලබාදීමෙන් පසුව ඉතිරි
මාස තුන අප ආයතනයේ මෘදුකාංග සංවර්ධනය අංශය වන OpenArc Systems
Management සමාගමේ මෘදුකාංග සංවර්ධන තාක්‌ෂණය පිළිබඳ
ප්‍රායෝගිකව පුහුණුවට යොමු කරනවා. මාස තුනක සාර්ථක ප්‍රායෝගික
පුහුණුවකින් පසු එම සිසුන් OpenArc Systems Management සමාගමේ
මෘදුකාංග සංවර්ධන ශිල්පීන් ලෙස රැකියා ලබා දෙනවා. ඉන් පසුව
පූර්ණ කාලීනව රැකියාව කරන අතරතුර කොළඹ විශ්වවිද්‍යාලයේ වසර
තුනක BIT උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන්න ඕනෑ. ඒ සඳහා යන සියලුම
වියදම් අප දරනවා.
පරිගණක මෘදුකාංග සංවර්ධනය පිළිබඳ වසරක ඩිප්ලෝමා පාඨමාලාවේදී
පරිගණක විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් ලබා දෙනවා. එහිදී
එංගලන්තයේ ලන්ඩන් උසස් පෙළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය
කරනවා. ඊට අමතරව ගණිතය, ඉංග්‍රීසි භාෂා භාවිතය පිළිබඳ ඉතා හොඳ
දැනුමක් ලබා දෙනවා. පරිගණක මෘදුකාංග ලිවීම සඳහා දැනට ලෝකයේ
භාවිත වන නවතම සහ ජනප්‍රියතම පරිගණක භාෂා වන Java,PHP, Net,
Progress වැනි භාෂාවන් මුල සිට උගන්වනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ
තොරතුරු තාක්‌ෂණ බාහිර උපාධියට BIT ජාතික සහ අන්තර්ජාතික
වශයෙන් ඉහළ පිළිගැනීමක් තියෙනවා. ඉන් තොරතුරු සහ සන්නිවේදන
තාක්‌ෂණ ක්‍ෂේත්‍රයේ ඉතා පුළුල් විෂය පරාසයක් ආවරණය කරනවා.
සිසුන්ගේ ඉතිරි වසර තුන යොමු කරන්නේ ඒ සඳහායි. |