2011 සැප්තැම්බර් 15 බ්‍රහස්‌පතින්දා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster
හමුදාව අනවශ්‍යයි-ප්‍රදේශය
සාමාන්‍ය අතට හැරිලා

උතුරට දෙමළ පොලිස්‌ නිලධාරීන් යොදවන්න
රොබට්‌ බ්ලේක්‌ගෙන් යෝජනාවක්‌

උතුරේ තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බැවින් එම ප්‍රදේශවලට හමුදාව අනවශ්‍ය බවත් ඒ සඳහා දෙමළ පොලිස්‌ නිලධාරීන් යෙදවිය හැකි බවත් ඇමරිකා එක්‌සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ මහතා පැවසීය.

 


පැහැරගෙන ගොස්‌ දින 10කට පසු
පියා බාරයේ තබාගෙන සිටි
සිඟිති දරුවන් මවට බාරදෙයි


දින 10 ක්‌ තිස්‌සේ මව් සෙනෙහස අහිමිව සිටි සිඟිති දරු පැටවුන් දෙදෙනා සිය පියා බාරයේ සිටියදී ඊයේ (14වැනිදා) පෙරවරුවේ මිරිහාන පොලිස්‌ අධිකාරී කාර්යාලයේදී මවට බාරදෙනු ලැබීය.
 


කෝටි තුනේ වංචාකරු
මහනුවර උමඟක


යුරෝපයේ රටවල රැකියා ලබාදෙන බව කියමින් විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි තුනකට අධික මුදලක්‌ වංචා කළ පුද්ගලයෙක්‌ මහනුවර ප්‍රදේශයේ නිවසක පොළොව යට සකස්‌ කළ රහසිගත උමඟක සැඟවී සිටියදී කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය.
 


මෙරට හිටපු මාධ්‍ය ප්‍රධානියකුට
මාලදිවයින් ජනපතිගෙන් දොස්‌


තමන්ගේ රට වෙනුවෙන් නොව රටට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඔබගේ පැමිණීම ලැඡ්ජාවට කරුණක්‌ යෑයි මාලදිවයින් ජනාධිපති මොහමඩ් නෂිද් මහතා මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා හට දැඩි ලෙස චෝදනා කරමින් කියා සිටියේය.
 



5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද (15 වැනිදා) නිකුත් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා "දිවයින"ට ඊයේ (14 දා) පැවැසීය.


තෙලිඡ්ජවිල දැරිය දූෂණයේ
ප්‍රධාන සැකකරු යළි රිමාන්ඩ්


ඉකුත් 3 වැනිදා මාතර තෙලිඡ්ජවිල ප්‍රධාන පෙළේ විද්‍යාලයක පන්ති කාමරයකදී දස හැවිරිදි පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ප්‍රධාන සැකකරු ඊයේ (14 වැනිදා) මාතර අතිරේක මහෙස්‌ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය...


රු. කෝටි අටක රට සල්ලි රේගු අත්අඩංගුවට

රුපියල් අට කෝටි දාහත් ලක්‌ෂ හැට අටදහසක විදේශ මුදල් නීති විරෝධී ලෙස මෙරටින් ගෙනයාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙක්‌ ඊයේ (14 දා) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


  • දෙමළ, සිංහල, මුස්‌ලිම් කියා පොලිසියක්‌ නෑ
    මේ රටේ තිබෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය පමණයි
    නි. ඇමැති විනයාගමූර්ති

    ශ්‍රී ලංකාවේ දෙමළ, සිංහල, මුස්‌ලිම් පොලිසි කියලා තුන් වර්ගයක පොලිසි නොමැති බවත්, ශ්‍රී ලංකාවටම ඇත්තේ එක්‌ පොලිසියක්‌ බවත්, එය ශ්‍රී ලංකා පොලිසිය බවත් නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා (කරුණා අම්මාන්) "දිවයින"ට පැවැසීය.
     

  • ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව
    ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ ක්‍රියා කිරීම නින්දාසහගතයි

    අමාත්‍ය විමල් වීරවංශ

    ජිනීවා මානව හිමිකම් සමුළුව රැස්‌වෙන අවස්‌ථාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලාංකිකයන්ම පිරිසක්‌ කටයුතු කිරීම නින්දා සහගත ක්‍රියාවක්‌ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.ජිනීවා මානව හිමිකම් සමුළුව රැස්‌වන අවස්‌ථාවේදී මෙම පිරිස...

 
  • පානියන්කඩවල විද්‍යාලයේ පරිගණක සොරකම
    පොලිස්‌ පරීක්‍ෂණ ඇරඹීමත් සමග
    සොරාගත් පරිගණක ගිනිතබා විනාශ කරලා


    අනුරාධපුර පානියන්කඩවල මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයේ තිබූ රුපියල් තුන්ලක්‍ෂයක්‌ පමණ වටිනාකමින් යුත් පරිගණක යන්ත්‍ර හතරක්‌ කිසියම් පිරිසක්‌ විසින් සොරා ගැනීමෙන් පසු ඒ පිළිබඳව පොලිසිය පරීක්‍ෂණ ඇරැඹීමත් සමග බියට පත් සොරුන් විසින්ම එම පරිගණක යන්ත්‍ර...

 

  • නිලදරුවන්ගේ නොසැලකිල්ලෙන් වැසීයන පාසල්

    අපේ රටේ පාසල් දසදහසකට ආසන්න සංඛ්‍යාවක්‌ තිබේ. මේ වන විට ඉන් දහසක්‌ පමණ වැසීගොස්‌ ඇති අතර, තවත් දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ නුදුරු අනාගතයේදීම වැසී යැමට නියමිතව ඇත. වැසී ගිය පාසල් දෙස බලද්දී ඒවාට ගිය දරුවන්ට සිදුවූයේ කුමක්‌ද? එම පාසල්වලට ඇතුළත් වන්නට සිටි...

  

  • කුරුණෑගල ලියනගේ තරගාවලියේ
    පළමු වාර්තාව පිහිටුවයි
    ශාන්ත බෙනඩික්‌ට්‌ පෙරමුණේ

    මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක ශ්‍රීමත් ජෝන් ටාබට්‌ ශූරතා සමස්‌ත ලංකා පාසල් කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය යටතේ පළමු තරග වාර්තාව බිහි කිරීමට කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ ඩී. වී. ආර්. සී. ලියනගේ සමත්වූවාය.

  

Kapruka Shopping |  News

 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.