ඇමරිකානු යුද සන්නිවේදන උපාංග
කොටින්ට ලැබුණේ කෙසේද?



රොබට්‌ බ්ලේක්‌ට එරෙහි යාපනය ජනතා විරෝධය සහ
බ්ලේක්‌ යාපනය අතිරේක දිසාපතිනිය හමුවී කරුණු විමසීම

ජිනීවා මානව හිමිකම් සමුළුවේ පසුපෙළ සිටි කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ වී. කිරුබාහරන් සහ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානි රංජි මල්ලි

* මෙන්න නියම විහිළුවක්‌!
  තමා මාලදිවයින් ජනාධිපති සමග සාකච්ඡා කළේ
  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ කිරීමට යෑයි
  නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා කියා සිටී

* යාපනයට "ද්‍රවිඩ පොලිස්‌ සේවාවක්‌ අවශ්‍ය"යෑයි
  රොබට්‌ බ්ලේක්‌ පවසයි

* මානව හිමිකම් සමුළුවට "දරුස්‌මාන් වාර්තාව"
   ඉදිරිපත් වන බව යුරෝපා කොටි ජාලය කල්තියාම
   දැන සිටි බව හෙළිවේ

* ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සිංහල ඒකකයක්‌

* මේජර් ජනරාල් ජගත් ඩයස්‌ව ශ්‍රී ලංකාවට කැඳවූ බවට සාවද්‍ය වාර්තා

* යාපනයේ "ඇමරිකන් කෝනර්" මධ්‍යස්‌ථානය චරපුරුෂ ඒකකයක්‌?

* බෑන් කී මූන්ගෙන් වන්නි මෙහෙයුම ගැන ඒකපුද්ගල කමිටුවක්‌

* එක්‌සත් ජාතීන්ගේ මානුෂික සේවා කාර්යාලය ද
   සාවද්‍ය යුද අපරාධ චෝදනා දියත් කරයි.

"සතුරන් පැමිණෙන්නේ මිතුරු වේශයෙනි"
- රුසියානු අගමැති වැලඩ්මීර් පුටින්

එක්‌ සර්පයෙක්‌ තවත් සර්පයෙක්‌ ගැන දනී"
- ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්ද


ජිනීවාහි පැවැති විරෝධතාවය

අමාත්‍ය සමරසිංහ මානව හිමිකම් සමුළුව අමතමින්

මේ සතියේ සඳුදා දින ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවර සිට සර්පයෙක්‌ මෙරටට සම්ප්‍රාප්ත විය. මේ "සර්පයා" වෙනින් කවුරුත් නොව කොටි පැරදවිය නොහැකි යෑයි පැවසූ ඇමරිකානු සහකාර ලේකම් රොබට්‌ බ්ලේක්‌ය. මොහු ශ්‍රී ලංකාවට පැමිණි දිනයේම සවස ඇමරිකානු හඬ ගුවන්විදුලිය හදිසි පුවතක්‌ විකාශනය කරමින් ශ්‍රී ලංකාවට එරෙහි දරුස්‌මාන් වාර්තාව බෑන් කී මූන් විසින් ජිනීවා මානව හිමිකම් සමුළුවට යවා ඇතැයි හෙළි කළේය.

එහෙත් මේ බව ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායමට වාර්තා වූයේ නැත. මෙම දරුස්‌මාන් වාර්තාව ජිනීවා වෙත එවීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායම හෙළි කරන ලද්දේ ජිනීවාහිදී දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වූ යුරෝපා ප්‍රජාවේ නියෝජිතයකු විසින් යෑයි වාර්තා විය. එසේ වුවත් දරුස්‌මාන් වාර්තාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත අනිවාර්යයෙන්ම ඉදිරිපත් කෙරෙන බව යුරෝපා කොටි ජාලය මෙන්ම කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ වී. කිරුබාහරන් මෙන්ම මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා වූ රංජි මල්ලි හෙවත් 1971 කැරලිකරුවා ද කැනඩාවේ ලෝයර්ස්‌ රයිට්‌ස්‌ වොච් නමැති එන්.ජී.ඕ. සංවිධානය මෙහෙය වන ගැරී ආනන්ද සංගරී ද දැන සිටියේය. ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය ද පසුගිය ඉරිදා (11 දා) ඒ බව තහවුරු කර තිබිණි. මේ ගැරී ආනන්ද සංගරී යනු ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරීගේ පුත්‍රයායි. ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ප්‍රකාශයක්‌ කළ ගැරී ආනන්ද සංගරී දරුස්‌මාන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලෙයිගෙන් ඉල්ලා සිටියේය. එසේම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමට ද ඔහු චෝදනා නැඟීය.

මේ පසුබිම යටතේ වී. කිරුබාහරන් සහ රංජි මල්ලි ජිනීවා සමුළුවේ පසුපෙළ ආසන දෙකක සමීපව සිටිනු දක්‌නට ලැබිණි.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් කැනඩා රහස්‌ පොලිස්‌ වාර්තාවේ කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා යෑයි හැඳින්වූ කිරුබාහරන්ට මානව හිමිකම් සමුළුවට සහභාගිවීමට ඉඩ ලැබීමයි.

එසේම මේ කොටි ත්‍රස්‌තවාදියා සහ රංජි මල්ලි එක ළඟ වාඩිවී සිටියේ මන්ද? ඡායාරූපය බලන්න. මෙලෙස දරුස්‌මාන් වාර්තාව හොර රහසේ මානව හිමිකම් සමුළුවට යොමු කිරීම පසුපස ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ක්‍රියාත්මක විය. එය සනාථ වූයේ මෙයට දෙසතියකට පෙර බ්ලේක්‌ ඇමරිකාවේදී සංක්‍රමණික ද්‍රවිඩයන් හමුවී බෑන් කී මූන් විසින් දරුස්‌මාන් වාර්තාව ජිනීවා වෙත යවන්නේ නැත්නම් එය යෑවීමේ ක්‍රමවේද ඇමරිකාවට ඇතැයි කියා සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහි දරුස්‌මාන් වාර්තාව මානව හිමිකම් සමුළුවේ න්‍යායපත්‍රයට පවා ඇතුළත්වී නොතිබිණි. එසේනම් හිටි හැටියේම එය මානව හිමිකම් සමුළුවට යොමු කිරීමත්, ඒ බව යුරෝපා කොටි ජාලය සහ දෙස්‌ විදෙස්‌ එන්.ජී.ඕ. ප්‍රධානීන් කල්තියාම දැන සිටියේත් කෙසේද?

      

මේ පසුබිම යටතේ මෙරටට පැමිණි රොබට්‌ බ්ලේක්‌ කිසිදු දෙයක්‌ නොදන්නාක්‌ මෙන් ජනාධිපති හා ආරක්‍ෂක ලේකම් හමුවී සාකච්ඡා කළේය. මේ අතර පසුගිය අඟහරුවාදා බ්ලේක්‌ ශ්‍රී ලංකාව තුළ තම 2 වැනි මෙහෙයුම ආරම්භ කළේය. ඒ යාපනයේ ඇමරිකන් කෝනර් නමැති මධ්‍යස්‌ථානයට ද්‍රවිඩ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ හමුදාවට එරෙහි විවිධ පාර්ශ්වයන් කැඳවා ඔවුන්ගෙන් තොරතුරු විමසීමට සැලසුම් කිරීමයි.

මේ ක්‍රියාදාමය රජයට එරෙහිව තොරතුරු ඒකරාශී කිරීමක්‌ නොවේද? ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු කෝනර් මධ්‍යස්‌ථානය යාපනය නගරයේ ස්‌ථාපිත කරනු ලැබුවේ චරපුරුෂ සේවා කටයුතුවලට යෑයි අපි මෙයට මාස කීපයකට පෙර අනතුරු අඟවමින් කියා සිටියෙමු. මෙවන් තත්ත්වයක්‌ මැද බ්ලේක්‌ගේ යාපනය සංචාරයට බාධා ඇති විය. ඊ.පී.ඩී.පී. සංවිධානය විසින් මෙහෙය වනු ලැබූ පිරිසක්‌ ඇමරිකානු මධ්‍යස්‌ථානය අසල මාර්ගයේ රැඳී සිටීම නිසා මේ ඇමරිකානු නිලධාරියා බරපතළ ප්‍රශ්නයකට මුහුණපෑවේය. අනතුරුව ඔහු වෙනත් මාර්ගයකින් එම ස්‌ථානයට පැමිණීමට උත්සාහ කළත් එය ද ව්‍යාර්ථ විය. මේ නිසා අසරණ වූ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල සිසුන් අපි පැය දෙකක්‌ තිස්‌සේ බ්ලේක්‌ එනතුරු බලා සිටියා යෑයි ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය වෙත කියා සිටියහ. එසේ වුවත් යාපනයේ එන්.ජී.ඕ. ජාලයේ ප්‍රධානියා වූ සිවඥණසම් හමුවූ රොබට්‌ බ්ලේක්‌ ඔහු සමග රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වීය.

අනතුරුව යාපනයේ අතිරේක දිසාපතිනිය වූ රාධිනි වයිතලිංගම් හමුවූ බ්ලේක්‌ ඇගෙන් යාපනයේ තත්ත්වය ගැන විමසා ඇත. මෙලෙස ඊ.පී.ඩී.පී. ක්‍රියාකාරීහු බ්ලේක්‌ට බාධා පැමිණවීම ගැන යාපනය කොටි හිතවාදීන් කෝපයට පත්වූහ. ඊ.පී.ඩී.පී. කණ්‌ඩාය විසුරුවා හැරීමට ක්‍රියා නොකිරීම ගැන පොලිසියට ද චෝදනා කළහ. මෙලෙස රොබට්‌ බ්ලේක්‌ නමැති සර්පයාට එරෙහිව විරෝධතා දැක්‌වූ පිරිස ඉරාකයේ ළමුන් කොතරම් සංඛ්‍යාවක්‌ ඝාතනය කළාද යන්න සහ පිලිපීනයේ සුබික්‌ බොක්‌ක ප්‍රදේශයේ ලිංගික හිංසනයන්ට ඇමරිකානු හමුදාව වගකිවයුතු යෑයි දක්‌වන පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.

මේ අන්දමට බ්ලේක්‌ තම චරපුරුෂ සේවාව යාපනය විශ්වවිද්‍යාලය තෙක්‌ විහිදුවේ උතුර හා දකුණ අතර සහජීවනය ඇති කිරීමටද? මෙරට අභ්‍යන්තර කටයුතුවලට බරපතළ අයුරින් මැදිහත් වන බ්ලේක්‌ ෙද්‍රdaහියා යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයට ද පිවිස ඔවුන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කර ඇත. මේ පසුබිම යටතේ දරුස්‌මාන් වාර්තාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීම ගැන ද්‍රවිඩ සන්ධානය සිය සතුට පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය ප්‍රකාශයට පත් කළ නිවේදනය ස්‌විස්‌ කොටි ජාලය විසින් විගස මානව හිමිකම් සමුළුවට සහභාගි වූ නියෝජිතයන් අතර බෙදාහරිනු ලැබීය. මෙහි දැක්‌වෙන්නේ ද්‍රවිඩ සන්ධාන ප්‍රකාශයේ පළවූ සාවද්‍ය තොරතුරුයි. රජය 200,000 කට අධික ද්‍රවිඩ ජනතාවට තම නිජබිම්වලට යැමට ඉඩදී නැත, ද්‍රවිඩ ජනතාව සතු ඉඩම් හමුදාව සහ සිංහලයන් විසින් පැහැර ගනී, හින්දු සහ ක්‍රිස්‌තියන් දේවස්‌ථාන විනාශ කෙරේ. විකෘති කර ඇත, වාර්ගික ජන කොටස්‌ මර්දනය සඳහා කාන්තාවන්ට එරෙහිව ලිංගික හිංසනය යොදා ගනී. එසේම ද්‍රවිඩ සන්ධානය මෙකී ප්‍රකාශයෙන් දරුණු කොටි 881 ක්‌ බේරා ගැනීමට ද උත්සාහ කර ඇත.

මෙලෙස ද්‍රවිඩ සන්ධානය විසින් මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාදාමයන් දියත් කරන අවස්‌ථාවේ පසුගිය අඟහරුවාදා ස්‌විස්‌ ප්‍රවෘත්ති සේවාව යුද අපරාධ චෝදනා එල්ලවූ ජර්මනියේ නියෝජ්‍ය තානාපති මේජර් ජනරාල් ජගත් ඩයස්‌ව ශ්‍රී ලංකා රජය විසින් ආපසු කැඳවා ඇතැයි සඳහන් කළේය. එහෙත් මේ පුවත ජිනීවා නුවර සිටින දෙස්‌ විදෙස්‌ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් මෙන්ම ඔවුන් සමග සබඳකම් පවත්වන තානාපති අංශවල සැලසුමක්‌ යෑයි වාර්තා විය. එහෙත් සත්‍යය නම් මේ වසරේ දෙසැම්බර් මස අවසන්වීමට පෙර මේජර් ජනරාල්වරයා විදේශගත පාඨමාලාවකට සහභාගි විය යුතු අතර ඒ සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මේ වසරේදී ඔහුට එම පාඨමාලාවට සහභාගිවීමට නොහැකි වුවොත් ලබන වසරේදී ඊට ඉඩ නොලැබෙන්නේ වයස්‌ සීමාව නිසා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවසීය.

පසුගිය ජනවාරි මාසයේදී මානව හිමිකම් සහ ව්‍යවස්‌ථානුකූල කටයුතු සඳහා වූ යුරෝපා මධ්‍යස්‌ථානය නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් මේජර් ජනරාල් ජගත් ඩයස්‌ යුද අපරාධකරුවකු ලෙස නම් කරමින් ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර රටින් පිටුවහල් කරන්නැයි ස්‌විස්‌ සහ ජර්මානු ආණ්‌ඩුවලින් ඉල්ලීමක්‌ කර තිබිණි.

මේ අතර බ්‍රිතාන්‍ය කොටි වෙබ් අඩවිය මෙහෙය වන සොක්‌කලිංගම් නමැත්තා ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ අරගලය මෙහෙයවීම සඳහා වින්සන්ට්‌ චර්චිල්, මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, බෙන්ජමින් ප්‍රෑන්ක්‌ලින්, තියඩෝර් රුස්‌වෙල්ට්‌, නෙල්සන් මැන්ඩෙලා හෝ මාටින් ලූතර් කිං වැන්නකු අවශ්‍ය බවට හඬ වැලපේ. "ලෝක මතය අප සමග ඇත. ශක්‌තිය ද අප සමගය. එහෙත් අපේ නායකයන් අප සමග නැත. කණගාටුව එය"යෑයි මේ කොටි හිතවාදියා තවදුරටත් කියා සිටියේය. මෙවන් තොරතුරු හෙළිsවෙද්දී මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා මෙන්ම දේශපාලන සරණාගතයකු වූ රංජි මල්ලි මාලදිවයින ජනාධිපති මොහමද් නෂිද් ගෙන් ප්‍රශ්ණ ඇසීමට ගොස්‌ නිසි ප්‍රතිචාරය ලැබීය. මේ තොරතුරු විශේෂයෙන් හෙළි කිරීමට අපට හැකිවී ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතා කිරීමට නුඹට ඇති අයිතිය කමක්‌දැයි රංජි මල්ලි නමැත්තා මාලදිවයින ජනාධිපතිගෙන් ප්‍රශ්න කළේය.

"මම ශ්‍රී ලංකාව ගැන මැනවින් දන්නවා. සිංහල භාෂාවත් දන්නවා. බෙහෙත් ලබාගන්නෙත් ශ්‍රී ලංකාවෙන්. නුඹ මෙහි ඇවිත් තියෙන්නේ රට වෙනුවෙන් නොවෙයි. එය ලැජ්ජාවට කරුණක්‌" යෑයි මාලදිවයින ජනාධිපතිවරයා කියා සිටියේය.

"නුඹ රාජ්‍ය නොවන සංවිධානයකින් ද"යෑයි මාලදිවයින ජනාධිපතිවරයා විමසූ අවස්‌ථාවේ රංජි මල්ලි "ඔව්" යෑයි පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සකස්‌ කළ ලයිස්‌ අපොන් ඇග්රිඩ් වීඩියෝ පටය ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ තිරගත කිරීමෙන් පසු රංජි මල්ලි සහ ඔහු අසල සිටි ජාත්‍යන්තර කොටි ජාලයට සම්බන්ධ වී. කිරුබාහරන් විසින් මාලදිවයින ජනාධිපතිගෙන් හරස්‌ ප්‍රශ්න අසනු ලැබීය. පසුව නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා මාලදිවයින ජනාධිපති වෙත ගොස්‌ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. මානව හිමිකම් ක්‍රියාකාරීන් යෑයි හඳුන්වන කොටි හිතවාදීන් ද මාලදිවයින ජනාධිපති සමග සාකච්ඡා කරන අයුරු දැක්‌වෙන ඡායාරූපයක්‌ සිය සගයා වූ කිරුබාහරන් ලවා ලබාගැනීමට ද ඔහු ක්‍රියා කළේය. මේ තත්ත්වය මැද මොහුගේ මෙකී ක්‍රියා කලාපය මෙරටට වාර්තා විය. ඉන් කලබල වූ රංජි මල්ලි හෙවත් නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා ජිනීවා සිට වෙබ් අඩවි මෙහෙය වන්නකු අමතා තමා මාලදිවයින ජනාධිපති සමග සුහද සාකච්ඡාවක යෙදුන බවද පළ කළේය. මෙම සුහද සාකච්ඡාවට තේමා වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ කරන්නේ කෙසේද යන්න යෑයි ද රංජි මල්ලි නමැති හිටපු කැරලිකරුවා තවදුරටත් සඳහන් කළේය.

මෙය හාස්‍යජනක ප්‍රකාශයක්‌ නොවේද? මාලදිවයින ජනාධිපති නෂිද් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡා කිරීමට මෙවැන්නකු සමග ඉදිරිපත් වනු ඇතැයි කිව හැකිද?

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් බස්‌ රථ ගිනි තබමින් පොලිසිවලට පහර දුන් පිරිස්‌ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඬ නැඟීමයි.

මාලදිවයින ජනාධිපති දැක්‌වූ ප්‍රතිචාරයත් සමගම ශ්‍රී ලංකාවට එරෙහි "ෙද්‍රdaහීන්" කවුරුන්දැයි සනාථ විය.

මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ උරුමකරු යෑයි සිතමින් කටයුතු කළ 1971 කැරැල්ලේ ත්‍රස්‌තවාදියකු වූ රංජි මල්ලි මෙලෙස අසරණ තත්ත්වයට පත්වෙද්දී ස්‌විස්‌ටර්ලන්තයේ ද්‍රවිඩ සංක්‍රමණික ජාලයට අනුබද්ධ සිංහල ඒකකයක්‌ ආරම්භ වී ඇත. මෙය මෙහෙය වන්නේ මෙරටින් නේපාලය හරහා පැනගිය බොම්බඩියර් නමැති මාධ්‍ය අඳබාලයා යෑයි වාර්තා විය. සාවද්‍ය "සුදුකොඩි" කතාවේ නිර්මාතෘ වූ මොහු ස්‌විට්‌සර්ලන්තයේ සෙන්ගාලන් ප්‍රදේශයේ රජයේ සරණාගත නිවසක පදිංචිව සිටි මොහුට ඕල්ටන් නගරයේ තවත් සරණාගත කඳවුරක සිටින පිය පුතු දෙදෙනකු ද සහාය වේ.

මේ අතර යාපනයට ගොස්‌ කොළඹට පැමිණ මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූ රොබට්‌ බ්ලේක්‌ උතුරට ද්‍රවිඩ පොලිසියක්‌ අවශ්‍ය යෑයි කියා සිටියේය. බ්ලේක්‌ගේ මේ රට දෙකඩ කිරීමේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වූ අමාත්‍ය විනයගමුර්ති කරුණා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ, සිංහල, මුස්‌ලිම් යනුවෙන් පොලිස්‌ සේවාවක්‌ නැති බවත් ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය පමණක්‌ බවත් පළ කළේය. එසේම දරුස්‌මාන් වාර්තාවෙන් එල්ලවී ඇති චෝදනා ගැන ශ්‍රී ලංකාව නිසි පරිදි ප්‍රතිචාර නොදැක්‌වූවොත් ජාත්‍යන්තර බලපෑමකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවන බවට ද බ්ලේක්‌ විසින් පවසා ඇත.

මින් බ්ලේක්‌ නොකියා කියන්නේ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසම ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැඟිය යුතු බවත් නැත්නම් වැඩ වරදින බවත්ය.

මේ මාධ්‍ය සාකච්ඡාවේදී රොබට්‌ බ්ලේක්‌ බොරුවක්‌ ද කීවේය. ඒ ඔසාමා බින් ලාඩන් ඝාතනය ගැන මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලෙයි විසින් ඇමරිකාවෙන් විමර්ශනයක්‌ ඉල්ලා ඇති බව තමා නොදන්නා බව පැවසීමයි.

යාපනයේ සාවද්‍ය ගී්‍රස්‌ යකුන් ගැන තොරතුරු දන්නා බ්ලේක්‌ නවි පිල්ලෙයිගේ ඉල්ලීම ගැන නොදන්නේ යෑයි විශ්වාස කළ හැකිද? මේ ඇමරිකානු නිලධාරියා උතුරට ද්‍රවිඩ පොලිස්‌ සේවාවක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි රජයට පැවසුවත් එම ඉල්ලීම පසුබිමේ සිටියේ කොටි රූකඩය වූ ද්‍රවිඩ සන්ධානයයි.

මෙහිදී අල්කයිදා නායක ඔසාමාව ඝාතනය කිරීම අපේ නීත්‍යනුකූල ඉලක්‌කයක්‌ බව බ්ලේක්‌ කියා සිටියේය. "මා ඔබලාට කියන්න කැමතියි ඔසාමා සන්නද්ධ කණ්‌ඩායමක නායකයෙක්‌. ඔහු ඇමරිකානු රජයට එරෙහිව සන්නද්ධ අර්බුදයක නිරත වුණා. මේ නිසා ඔහු නීත්‍යානුකූල ඉලක්‌කයක්‌. අපේ එම ක්‍රියාමාර්ගය ගැන අපි තවදුරටත් රැඳී සිටිනවා."යෑයි ඔහු තවදුරටත් පළ කළේය.

ඔසාමා බින් ලාඩන් නීත්‍යනුකූල ඉලක්‌කයක්‌ නම්, ප්‍රභාකරන්, නඩේසන්, පුලිතේවන්, රමේෂ් ඇතුළු කොටි නීත්‍යනුකූල ඉලක්‌ක නොවන්නේද?

මේ අතර ඊ.පී.ඩී.පී. සංවිධානය තමන්ට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් හමුවීම සඳහා ඉඩ නුදුන් බවට ද බ්ලේක්‌ චෝදනා නැඟීය.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ඇමරිකාවේ ඕක්‌ලහෝමා ප්‍රදේශයේ රතු ඉන්දියානු ජනතාව වෙනුවෙන් රතු ඉන්දියානු පොලිසියක්‌ ද ස්‌විට්‌සර්ලන්තයේ සුරීච් හා ජිනීවාහි ප්‍රංශ, ජර්මානු භාෂා කතා කරන ජනතාව වෙනුවෙන් ජර්මානු සහ ප්‍රංශ පොලිසි ක්‍රියාත්මක වන්නේද යන්නයි. මේ තත්ත්වය මැද එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් වන්නි මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්‌ථාවේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිදුවූ අතපසුවීම් ගැන විමර්ශනය කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ ද පත් කර ඇත. ඇය තොරායා ඕබිඒඩ් නමැත්තියයි.

මහලේකම් බෑන් කී බූන් මේ පත්වීම කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානවල ඉල්ලීම් මත යෑයි වාර්තා විය.

මේ අතර කොටි සංවිධානය සිය පණිවුඩ හුවමාරුව සහ රහස්‌ පණිවුඩ යෑවීම සඳහා භාවිත කළ යුද සන්නිවේදන උපාංග රැසක්‌ම ඇමරිකානු සමාගම්වල නිෂ්පාදන යෑයි හෙළි විය. ඇන්රිට්‌සු, කෙන්වුඩ්, ඇස්‌ට්‍රොa, ඇලින්කෝ පී. ආර්. සී. 77, වෙරිටෙක්‌ස්‌ යන සන්නිවේදන උපකරණ වෙල්ලමුල්ලවයික්‌කාල් ඇතුළු ප්‍රදේශ කීපයක තිබී සොයා ගැනුණි. මේ අධි තාක්‍ෂණික උපකරණ අතර ඇමරිකානු හමුදාව භාවිත කරන රහස්‌ පණිවුඩ යෑවිය හැකි පී.ආර්.ඕ. 77 යන්ත්‍රය ද කොටි විසින් භාවිත කර තිබේ.

මේ පසුබිම මැද පසුගිය 13 වැනිදා ජිනීවාහිදී විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවක්‌ පැවැත්වූහ. එක්‌සත් ජාතීන්ගේ මානුෂික සේවා කාර්යාලය ද ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා දියත් කර ඇත.

මේ සම්බන්ධයෙන් පසුගිය 14 වැනිදා විකාශනය වූ පුවතක කොළඹ එන්.ජී.ඕ. ක්‍රියාකාරියකු මෙලෙස ප්‍රකාශ කර ඇත. "උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම හමුවට ඉදිරිපත් වූ චෝදනාවලට සමාන චෝදනා එක්‌සත් ජාතීන්ගේ වාර්තාවට ඇතුළත් වී තිබුණා"යෑයි ඔහු තවදුරටත් සඳහන් කර තිබේ. මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් උගත් පාඩම් කොමිසමට ඉදිරිපත්වූ දිවුරුම් ප්‍රකාශ ගැන මොහු දන්නේ කෙසේද යන්නයි.

කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.