සුදුකොඩි නඩුව
පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ කිසිදු සාක්‍ෂියක්‌
විත්තිය මගින් අභියෝගයට ලක්‌කර නෑ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ


සමන්ත ඉලේපෙරුම

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෙµdන්සේකා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති "සුදුකොඩි නඩුවේ" ඊයේ (06 දා) පැවැති නඩු විභාගය සඳහා සරත් ෙµdන්සේකා මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ අයුරු.
ඡායාරූප - කමල් බෝගොඩ


හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා මහතාට එරෙහි සුදු කොඩි නඩුවට අදාළව පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ කිසිදු සාක්‍ෂියක්‌ විත්තිය මගින් අභියෝගයට ලක්‌ කර නොමැති බවත් එම සියලු සාක්‍ෂි පිළිගත හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා ඊයේ (06 දා) කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියේය.

සුදුකොඩි නඩුව සිද්ධියට අදාළ නඩු විභාගයේ පැමිණිල්ලේ දේශනය පවත්වමින් එසේ කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විත්තිය මගින් කැඳවන්නට යෙදුනු සාක්‍ෂි මගින් පැමිණිල්ල තවත් තහවුරු වී ඇති බවත් ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළ යුතු බවත් කියා සිටියේය.

2009 දෙසැම්බර් මස 08 දා හෝ ඊට ආසන්න දිනකදී කොළඹ 07, රාජකීය මාවතේ සිය මැතිවරණ කාර්යාලයේදී "සන්ඩේ ලීඩර්" පුවත්පතේ කර්තෘ ෙµඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ත්‍රස්‌තවාදයට එරෙහිව රජය මගින් ගෙන ගිය මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී සුදුකොඩි රැගෙන හමුදාවට භාරවීමට පැමිණි කොටි නායකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙඩි තබා මරා දමන ලෙසට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට නියෝග කොට ඇතැයි තමන්ට දැන ගන්නට ලැබුණු බව ප්‍රකාශ කිරීම තුළින් මහජනතාව අතර කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් ජාතිවාදී හැඟීම් ඇවිස්‌සීමට මෙන්ම ලංකාණ්‌ඩුවට විරුද්ධව මහජනතාව අතර අසමගියක්‌ ඇති කිරීමට උත්සාහ දරන ලදැයි හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

මෙම සිද්ධිය විශේෂ අධිකරණ කටයුත්තක්‌ ලෙස සලකමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්‌ හමුවේ විභාග කිරීමට නියම කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම නඩු විභාගය පැවැත්වේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විඡේසුන්දර (සභාපති විනිසුරුවරිය) ඩබ්ලිව්. එම්. ටී. පී. බී. වරාවැව සහ එම්. ඉසෙඩ් රාෂින් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාග වේ.

නඩු විභාගයට අදාළව පැමිණිල්ලේ හා විත්තියේ සාක්‌කි කැඳවීම අවසන් කර ඇති අතර අනතුරුව පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් නීතිඥ දේශන පැවැත්වීමට තීරණය විය. ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා සිය දේශනය පවත්වමින් මෙම නඩුවේ විත්තිකාර හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා මහතාට එරෙහිව චෝදනා තුනක්‌ යටතේ මෙම නඩු විභාගය පැවැත්වෙන බවත් පළමු හා දෙවැනි චෝදනා හදිසි නීතී රෙගුලාසි යටතේද තුන්වැනි චෝදනාව දණ්‌ඩ නීති සංග්‍රහය යටතේද ගොනු කර ඇති බවත් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් සිය දේශනය පවත්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙසේද කියා සිටියේය.

විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා ප්‍රතික්‌ෂේප කිරීමට ඔහුගේ පාර්ශ්වය මගින් කැඳවන්නට යෙදුනු සාක්‌කි පිළිබඳව පැමිණිල්ලේ ස්‌ථාවරය අධිකරණයට පැහැදිලි කළ යුතු වෙනවා. විත්තියේ සාක්‌කිකරුවකු ලෙසින් කැඳවන්නට යෙදුනු සුකුමාර් රොක්‌වුඩ් සිය යෑපීම උදෙසා 70% ටත් වැඩියෙන් නෝර්වේ හා ස්‌කැන්ඩිනිවියානු ආයතනයක සේවය කරනු ලබන්නෙක්‌. ඔහුගේ සාක්‌කියෙන් කියා සිටියේ ජනමාධ්‍ය උදෙසා පවත්වනු ලැබූ සම්මාන උළෙලක්‌ පිළිබඳයි. එහිදී ඔහු කියා සිටියා විත්තියේ සාක්‌කිකරුවකු වූ අනුර කුමාර දිසානායකගේ වචනවලින් කියනවානම් දැරිවියක්‌ වන ෙµඩ්රිකා ජෑන්ස්‌ ප්‍රවෘත්ති පත්‍රයක පළ කළ ලිපියක්‌ ගැන. එම ලිපියට ඇය විසින් සම්මාන ගැනීමට ඉදිරිපත් කළ අයදුම් පත්‍රය ගැන. ෙµඩ්රිකා ජෑන්ස්‌ගෙන් කළ හරස්‌ ප්‍රශ්නවලදී ඇයත් කියා සිටියා මෙම සම්මාන ලබාදීම සම්බන්ධයෙන් ඇය සෑහීමකට පත්වුණේ නෑ කියා. ඒ ගැන ඇය විවේචන ලිපි පළ කළ බවට. එවැනි ලිපි පිළිබඳව මෙම රාජ්‍ය නොවන ආයතන සේවකයකුට හිතන්න අමාරුයි. එම ලිපි තුළින් ඇය කියා සිටි කරුණු අනුව ඇය ගැන ඔහුට සුහදත්වයක්‌ තියෙන්න බෑ.

අනතුරුව කැඳවනු ලැබූ ශේ්‍රෂ්ඨාධිකරණයේ ලේඛන භාරකරුගේ සාක්‌කියේදී ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන සැලකිල්ලක්‌ දැක්‌විය නොහැකි බව කිව යුතුයි. මූලික අයිතිවාසිකම්වලදී එක්‌ එක්‌ පාර්ශ්වවලට දිවුරුම් පෙත්සම් මත මිස සාක්‌කිවල නිවැරැදිතාවන් පිළිබඳව සිතා බලා නොවේ තීන්දු ප්‍රකාශයට පත් වන්නේ. එයයි මෙරට ශේ්‍රෂ්ඨාධිකරණ ක්‍රියාදාමයේ පිළිවෙළ.

විත්තිය මගින් මෙම නඩුවේ විමර්ශන නිලධාරි පොලිස්‌ පරීක්‍ෂක අනුර සිල්වා පිළිබඳව ශේ්‍රෂ්ඨාධිකරණයේ විභාගයට ගත් මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් අපහසුතාවට ලක්‌ කිරීමට උත්සාහ කළ බවක්‌ දක්‌නට ලැබුණා. මෙම විමර්ශන නිලධාරියා කිසිදු විටෙක නොකළ යුතු ආකාරයෙන් විමර්ශනයක්‌ සිදුකළේ යෑයි යෝජනා ඉදිරිපත් වුණේ නෑ.

අනතුරුව විත්තිය මගින් කැඳවනු ලැබූ ආචාර්ය රාජීව විඡේසිංහ මහතාගේ සාක්‌කියේදී වැදගත් කරුණු මතු වන බව කිව යුතුයි. ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළ යුතුයි.

විත්ති පාර්ශ්වය මගින් කැඳවන්නට යෙදුනු අනුර කුමාර දිසානායක මහතාගේ සාක්‌කිය තුළින් සමස්‌තයක්‌ මගින් පැමිණිල්ලේ කරුණුවලට කිසිදු අභියෝගයක්‌ එල්ල කර නෑ. දෙසැම්බර් 13 දා පළවූ ලිපිය ගැන දෙසැම්බර් 14 දා පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවා කරුණු දැක්‌වීමට උත්සාහ කිරීම තුළින් එහි බලපෑම පැහැදිලියි. එම ප්‍රවෘත්ති සාකච්ඡාවට විතAතිකරු සමග මංගල සමරවීර මහතා, කරූ ජයසූරිය මහතා සමග තමා ද එක්‌ වූ බවට අනුර කුමාර දිසානායක මහතා සාක්‌කි දෙමින් කියා සිටියා. ඔහු එහිදී කියා සිටියා විත්තිකරු ලාල් වික්‍රමතුංග මහතා සහ ෙµඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය සමග කතා බහක නියෑළී සිටි බවට. ඔහු එයට සහභාගි වූයේ නැති වුවත් එහිදී කතා බහ කළ දේවල් ඇසුණු බවට කියා සිටියා. විත්තිකරු ඔවුන් සමග කළ කතා බහේදී ලිපියේ යම් යම් වාක්‍ය කාණ්‌ඩ ප්‍රකාශ කරමින් ඒවා තමා නොකියූ බවත් ඒවා ප්‍රතික්‌ෂේප කරන බවත් තමන්ට ඇසුණු බව දිසානායක මහතා කියා සිටියා.

අනුර කුමාර දිසානායක මහතාගේ එම සාක්‌කිය මොහොතකට පිළිගත්තත් විත්තිකරු එම ප්‍රකාශය ප්‍රතික්‌ෂේප නොකළ බවට විත්තිය විසින්ම අධිකරණයට දක්‌වා සිටියා. ඒ තුළින් පැමිණිල්ල තහවුරු කර තිබෙනවා.

අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ සාක්‌කි කැඳවීමේදී කියා සිටියා එක්‌සත් ජාතික පක්‍ෂයත් ජනතා විමුක්‌ති පෙරමුණත් ප්‍රධාන පක්‍ෂ ලෙසිනුත් තවත් පක්‍ෂ සමග එක්‌වී විත්තිකරු දිනවන්න ක්‍රියා කළ බව. එවැනි තත්ත්වයක ඔවුන්ට අගතිදායක ප්‍රවෘත්තියක්‌ යම් මාධ්‍යයක පළ වූවා නම් එය ඔවුන් ප්‍රතික්‌ෂේප නොකර සිටීද? "ඇයි මෙසේ බොරු පළ කරන්නේ" කියා එම මාධ්‍ය මගින් විමසා නොසිටීද? සාක්‌කිකරු කියා සිටියා ෙµඩ්රිකා ජෑන්ස්‌ගෙන් මේ පිළිබඳව විමසා නොසිටි බව. එහෙත් ඔහු කියා සිටියා ඔහුට එරෙහි ප්‍රවෘත්තියකට අදාළව ලේක්‌ හවුස්‌ ආයතනයට එරෙහිව නඩු දැමීමට ක්‍රියා කළ බව. විත්තිකරුගේ අපේක්‍ෂකත්වයට දේශපාලනමය වශයෙන් පාඩු සිදුවූ බව කියන මෙවැනි තත්ත්වයක එම ප්‍රකාශ ප්‍රතික්‌ෂේප නොකර වෙනත් පරිබාහිර කරුණු කියා නිහඬව සිටිය හැකිදැයි සිතා බැලිය යුතුයි.

අනතුරුව විත්තිය වෙනුවෙන් කැඳවනු ලැබූ කරු ජයසූරිය මහතා සාක්‌ෂි දෙමින් දෙසැම්බර් 14 දා පැවැති පුවත්පත් සාකච්ඡාවට ඔහුත් එක්‌වූ බවට කියා සිටියා. ඔහුත් කියා සිටියා මෙම සිද්ධියට අදාළ ලිපිය පිළිබඳව ෙµඩ්රිකා ජෑන්ස්‌ මහත්මියගෙන් විමසීමක්‌ නොකළ බව. ඔහුත් දේශපාලන ලෙසින් විත්තිකරු සමඟ සංධානගත වූ පක්‍ෂයක සාමාජිකයෙක්‌. ඔහුටත් අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙන්වා දෙනු ලැබූ සියලු කරුණු අදාළ වෙනවා.

මෙහිදී සැලකිලිමත් විය යුතු තවත් කරුණක්‌ වන්නේ 13 දා පළවූ ලිපියට පසුව සතියකට පසු කතුවරිය පළ කළ පුවතක්‌ තුළින් ඇත්ත වශයෙන්ම විත්තිකරු කළ ප්‍රකාශය තහවුරු කර ඇති දෙයයි. එයින්ද විත්තියේ සාක්‌කි පිළිගත නොහැකි ඒවා බවට පෙනී යනවා.

විත්තිය මගින් සාක්‌කිකරුවකු ලෙසින් කැඳවන්නට යෙදුනු මහාචාර්ය ඈෂ්ලි හල්පේ මහතාගේ සාක්‌ෂිය පිළිබඳව මෙහිදී සැලකිල්ලක්‌ දැක්‌විය නොහැකියි. හල්පේ මහතා සතුව පවතින ඉංග්‍රීසි පිළිබඳ දැනුම මේ රටේ සාමාන්‍ය පාඨකයන්ට ඇත්තේ නෑ.

සමස්‌තයක්‌ ලෙසින් ගත් කල විත්තිය මගින් කැඳවන්නට යෙදුනු සාක්‌ෂි පැමිණිල්ලේදී තරයේ පිළිගත නොහැකි බවත් චෝදනාවන්ට බලපෑම් නොකරන ඒවා බවත් කිව හැකියි.

ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද සාක්‌කි දෙමින් කියා සිටි කරුණු වලින්ද මෙම හමුවට අදාළ ලිපියේ සඳහන් වෙඩි තැබීමක්‌ සිදු නොකළ බවත් මානුෂීය මෙහෙයුමේදී පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීම මිස මරා දැමීමක්‌ නොකළ බවත් ඒ මහතා කියා සිටියා. එය ඉතා වැදගත්.

මෙම නඩුවේ පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ කිසිදු සාක්‌ෂියක්‌ විත්තිය මගින් අභියෝගයට ලක්‌කර නෑ. ඒවා පිළිගත හැකි සාක්‌ෂි වෙනවා.

අදාළ සම්මුඛ සාකච්ඡාව සටහන් කරගත් පොත පිළිබඳව එය අධිකණ භාරයට ගත් කොළඹ හිටපු ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය ලබා දුන් සාක්‌ෂිවලින් හෙළි වෙනවා අලුතින් සකස්‌ කළ එකක්‌ නොවන බව. පැමිණිල්ලේ දේශනය ඊයේ (6 දා) දිනට එතැනින් අවසන් විය.

වැඩිදුර විභාගය අද (07 වැනිදා) කැඳවීමට නියමිතය.

දැඩි ආරක්‌ෂක විධි විධාන යටතේ රැගෙන විත් සිටි සරත් ෙµdන්සේකා මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර අනෝමා ෙµdන්සේකා මහත්මිය සමඟ පවුලේ ඥාතීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහජන නියෝජිතයන් රැසක්‌ හා සමීපතයන් රැසක්‌ නඩු විභාගය නැරැඹීමට පැමිණ සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂඨ නීතිඥවරුන් වන ඩිලාන් රත්නායක, රියාස්‌බාරි, චමින්ද අතුකෝරල යන මහත්වරුන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා පෙනී සිටියේය.

සරත් ෙµdන්සේකා මහතා වෙනුවෙන් යූ. එල්. ජී. බණ්‌ඩාර. කැළුම් උබේසේකර, නාමල් රාජපක්‍ෂ, චතුර අනුෂ්ක අමරතුංග, අසේල මුතුමුදලිගේ, ප්‍රේමනී පොතුපිටිය හා නිලන්ති පීරිස්‌ යන නීතිඥ මහත්ම මහත්මීන් සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා පෙනී සිටියේය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.