කොළඹ විශ්වවිද්‍යාලයේ BIT
උපාධියට නවක සිසුන් ලියාපදිංචි කෙරේ


කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ (UCSC) තොරතුරු තාක්‌ෂණ බාහිර උපාධියට (BIT) මේ දිනවල නවක සිසුන් ලියාපදිංචි කර ගන්නා බව එහි අධ්‍යක්‍ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස්‌ දක්‌වන කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්‌ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක,

මෙවර අපි බඳවා ගන්න යන්නේ 12 වැනි ශිෂ්‍ය කණ්‌ඩායමයි. BIT උපාධිය ආරම්භ කළේ 2000 වර්ෂයේ. එදා සිට මේ දක්‌වා අප BIT උපාධිධාරීන් 941 ක්‌ පමණ බිහිකර තිබෙනවා. ඔවුන් මෙරට මෙන්ම විදේශ රටවල ප්‍රධාන පෙළේ ආයතනවල ඉහළ වැටුප්වලට සේවය කරනවා. ඒ අනුව BIT උපාධිය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයට විශාල රුකුලක්‌ වී තිබෙනවා. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ රැකියා අවස්‌ථා 7000 ක්‌ පමණ තියෙනවා. මේ නිසා BIT උපාධිධාරීන්ට රැකියා සොයා ගැනීමේ ගැටලු ඇති වන්නේ නැහැ."

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ BIT උපාධියට අ.පො.ස. උසස්‌ පෙළ වැඩ තුනක්‌ සමත් සිසුන්ට සෘජුවම ලියාපදිංචි විය හැකි අතර ඊට වඩා අවම ප්‍රතිඵල ඇති සිසුන්ට තොරතුරු තාක්‌ෂණ පදනම් පාඨමාලාව (FIT) හදාරා එය සමත්වූ පසු ලියාපදිංචි විය හැකිය. 2011 වර්ෂයේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටින සිසුන්ටද ලියාපදිංචි වීමේ අවස්‌ථාව ලබාදී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.