ත්‍රස්‌තවාදය පරාජය කරමින් විශ්වයම විශ්මයට පත්කළ
ශ්‍රී ලංකා හමුදාව කිසිදු දේශෙද්‍රdaහී බලවේගයකට
නැවත හිස එසවීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

ත්‍රස්‌තවාදය නමැති වියරුව පරාජය කරමින් රට, ජාතිය එක්‌සේසත් කිරීමට දායක වෙමින් අභිමානවත් යුද හමුදාවක්‌ ලෙස විශ්වයම විශ්මයට පත් කළ ශ්‍රී ලංකා යුද හමුදාව කිසිදු දේශෙද්‍රdaහී බලවේගයකට නැවත හිස එසැවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවැසීය.

යුද හමුදාවේ 62 වැනි සංවත්සරය සමරමින් කොළඹ සී. ආර්. ඇන්ඩ්. එµa. සී. ක්‍රීඩාංගණයේ ඊයේ (10 දා) පෙරවරුවේ පැවැති උත්සවය අමතා යුද හමුදාපතිවරයා එසේ පැවැසීය.

හිටපු යුද හමුදාපතිවරු ඇතුළු යුද හමුදාවේ වත්මන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මහත් අභිමානවත් අයුරින් පැවැති මෙම සංවත්සර උත්සවය අමතා යුද හමුදාපතිවරයා මෙසේ ද කීවේය.

ප්‍රෙෘඪ ඉතිහාසයක අභිමානය පෙරටුකොට ගෙන මහා ජාතියක්‌ සතු උදාර සංස්‌කෘක සිරිත් විරිත්වලින් ගොඩනැඟුණු විනයානුකුලත්වය පන්නරය කර ගනිමින් එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ බිහිකිරීමට අප සැම කටයුතු කළෙමු. ඉතිහාසයේ අප නොයෙකුත් යුගයන් පසුකළෙමු. විවිධ බාධක, කම්කටොලු සතුරු උවදුරු පරාජය කර අපි නැවත ජාතියක්‌ ලෙස නැගී සිටියෙමු. ත්‍රස්‌තවාදය නමැති වියරුව පරාජය කරමින් අපි නැවත අපේ ආදි රජදරුවන්ගේත් සෙන්පතීන්ගේත් අඩිපාරේ යමින් රට, ජාතිය එක්‌සේසත් කිරීමට දායක වුණෙමු. අප ශ්‍රී ලංකා යුද හමුදාව අභිමානවත් යුද හමුදාවක්‌ ලෙස විශ්වයම විශ්මයට පත්කළෙමු.

එවන් උදාරතර මෙහෙවරක්‌ ඉටුකරන්නට වසර 62 ක ඉතිහාසය පුරාවට අප යුද හමුදාවට යෝධ ශක්‌තිය ලැබුණේ තම පුද්ගලික අභිමතාර්ථය පසෙකලා දේශයේ උණ්‌නතිය වෙනුවෙන් තම දිවි දෙවැනිකොට යුද හමුදාවට නායකත්වය දුන් යුද හමුදාපතීන් ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙත්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ඇතුළු සියලුම සෙසු නිලයින්ගේත් අප්‍රතිහත කැපකීරීම හේතුවෙනි. මෙම අභිමානවත් යුද හමුදා 62 වන සංවත්සරය සමරන අද දිනයේ අපගේ විශේෂ කෘතවේදිත්වය ඔවුන් වෙත පිරිනැමිය යුතුය.

ලොව වෘත්තීය හමුදාවන්ටත් පරාජය කළ නොහැකි වූ ත්‍රස්‌තවාදය අප දේශයෙන් අතුගා දැමුවේ අප සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ දැඩි අධිෂ්ඨානය පෙරටුව අභීත සංස්‌කෘතියෙන් ලද පන්නය නිසාවෙන් බව පැවැසිය යුතුමය. දැන් අප නිදහස්‌ ජාතියකි. මේ දේශයට ජීවය දුන් අපහට ඇත්තේ සුවිශාල මෙහෙවරක්‌ බව මා ඔබට මතක්‌ කර දෙන්නේ වගකීමෙනි. අප කෙදිනකවත් ජාතිවාදීන් වූයේ නැත. ලොව පුරා විවිධ දුර්මත ඉදිරිපත් කරන ත්‍රස්‌තවාදී හිතවාදීන්ට මෙය අප මතක්‌කර දීමට කැමැත්තෙමු. මානුෂීය මෙහෙයුම්වල දී අප කටයුතු කළේ ජාතිවාදීන් ලෙස නොව ජාතිකත්වයට මුල් තැන දෙමිනි. අප එරෙහි වූයේ ත්‍රස්‌තවාදයට පමණි. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් යන අප ශ්‍රී ලාංකිකයන් සමසේ නිදහස භුක්‌ති විඳින්නේ අප ජාතිකත්වයට මුල්තැන දුන් නිසාවෙනි. දැන් එළඹ තිබෙන්නේ රටේ සංවර්ධන පුනරුදයෙන් සමස්‌ථ ජාතියම ගොඩනැගීමයි. දිනූ සාමය භුක්‌ති විඳින්නේ අප සමස්‌ත ජාතියම වන අතර සංවර්ධනයේ ප්‍රතිඵල විඳින්නේද අප සමස්‌ත ජාතියම බව අමතක නොකළ යුතුය.

දැයේ නිදහස වෙනුවෙන් උරදුන්නාසේම ශ්‍රී ලංකා යුද හමුදාව වර්තමානයේ ජාතිය ගොඩනැගීමේ රජයේ සංවර්ධන සංග්‍රාමය උදෙසාද සිදුකරන්නේ උදාරතර මෙහෙවරකි. ගරු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ ත්‍රස්‌තවාදය හේතුවෙන් උතුරු නැගෙනහිර අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ රජයේ වැඩපිළිවෙළට දායක වීම, ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ දැවැන්ත ඉදිකිරීම්, යටිතල පහසුකම් සංවර්ධනය, මහා පරිමාණ කෘෂි ව්‍යාපෘතීන් හා සුවිශාල ශ්‍රම දායකත්වය දිනූ දේශයේ සංවර්ධනය සඳහා සිදුකරන රාජ්‍ය ප්‍රයත්නයට සාමූහිකව අපගේ දායකත්වය ඉන් සමහරකි.

සමස්‌ත ජාතියම විපතට පත්වූ අවස්‌ථාවකදී මෙන්ම ස්‌වභාවික විපත් හා ව්‍යසනයන් ඇතිවූ අවස්‌ථාවලදී අපේම ජනතාව වෙනුවෙන් අප පෙරට ආ අවස්‌ථා පිළිබඳව කොතෙක්‌ නම් අත්දැකීම් අප හට තිබේද? එවිට අප සිත්තුල නිහතමානී ආඩම්බරයක්‌ ඇතිවන්නේ ජාති බේදයෙන් තොර ශ්‍රී ලාංකිකකත්වයේ සාඩම්බර හැඟීමෙනි.

අප අභිමානවත් ඉතිහාසයක්‌ සංස්‌කෘතියක්‌ ඇති ප්‍රතාපවත් ජාතියකි. සාමූහිකත්වය, ජාතිකත්ව හැඟීම අප වෙත ලබා දුන්නේ මේ අපේ සංස්‌කෘතියයි. අපි කෘතගුණ හොඳින් දන්නා මානුෂික ජාතියක්‌ වන්නේ එබැවිනි. දේශය වෙනුවෙන් තම දිවි පරදුවට තබමින් රණබිමේ සටන් වැදුන අප සෙබළුන් කිසිවිටකත් අමතක කළේ නැත. අමතක වන්නේ ද නැත. මා හමුදාපති වශයෙන් පත්වී වසර දෙකක්‌ ගතවී ඇත. එම කාලය තුළ මා සම්පූර්ණයෙන් යුද හමුදාවේ අප සාමාජිකයන්ගේ සුබසාධනය කෙරෙහි අවධානය යොමු කළේ ඔවුන්ගේ කැපවීම යුද භූමිය තුළදීම මා අත්දුටු බැවිනි.

මානුෂීය මෙහෙයුම්වලදී පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සෙබළුන් වෙනුවෙන් ලොව කිසිදු රටක මෙතෙක්‌ ඉදි නොවූ ජීවිත කාලය පුරාවට රැකබලා ගන්නා සුපිරි පහසුකම්වලින් අංගසම්පූර්ණ සුවසහන මධ්‍යස්‌ථානයක්‌ "අපි වෙනුවෙන් අපි" ව්‍යාපෘතිය යටතේ මිහිඳු සෙත් මැඳුර නමින් අත්තිඩිය ප්‍රදේශයේ ගරු ආරක්‌ෂක ලේකම් ගෝඪාභය රාජපක්‍ෂ මැතිතුමාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඉදිකර පවත්වා ගෙන යන අතර, "බ්‍රේන් හාර්ට්‌ස්‌" නමින් යුද හමුදාව විසින් ව්‍යාපෘතියක්‌ ආරම්භ කර එවැනිම වූ සුවසහන මධ්‍යස්‌ථානයක්‌ අනුරාධපුරයේ අභිමංසල නමින් පවත්වාගෙන යනු ලබයි. මෙවැනි මධ්‍යස්‌ථාන පළාත් මට්‌ටමින් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ලැබෙන්නේ නොමඳ සහයකි. මීට අමතරව රණවිරු පුනරුත්ථාපන කටයුතු සඳහා යුද හමුදා වැය ශීර්ෂය යටතේ වැඩිපුර මුදල් වෙන් කිරීම තුළින් තම පාද අහිමි සෙබළුන්ට විශිෂ්ට ගණයේ කෘත්‍රිම පාද ලබාදීම වෙනුවෙන් විශේෂ අවධානයක්‌ යොමු කර තිබේ.

යුද හමුදා සුබසාධන අධ්‍යක්‍ෂ මණ්‌ඩලය හරහා ලබාදෙන සුභසාධක භාණ්‌ඩ ලබාගැනීමේ ණය මුදලේ වටිනාකම වැඩිකිරීමටත් විශේෂයෙන් නිවාස තනා ගැනීම සඳහා ලබා දෙන්නා වූ ක්‍ෂණික ණය හඳුන්වාදීමටත්, යතුරුපැදි, ත්‍රිරෝද රථ ණය පහසුකම් යටතේ ලබාගැනීමට ඉඩ ප්‍රස්‌ථා ඇති කිරීම තුළින් ඔබගේ සුබසාධනය තවදුරටත් උසස්‌ තලයක තැබීමට හැකිවුණි.

මීට සමගාමීව රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ යුද හමුදා සේවා වනිතා ශාඛාවක්‌ රණවිරු සුබසාධනය වෙනුවෙන් ඉඩම්, නිවාස සහ නිවාස තැනීමට අවශ්‍ය මූල්‍යධාර, පාසල් ළමුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, සුවිශේෂී සැත්කම් වෙනුවෙන් මූල්‍යාධාර, පොලී රහිත ණය හා මහා පරිමාණ සුබසාධක ව්‍යාපෘතින් හි ප්‍රතිඵල ඔබ දැනටමත් භුක්‌ති විඳිමින් සිටියි. ඔවුන්ගේ මෙහෙවර වෙනුවෙන් මාගේ කෘතවේදිත්වය මේ අවස්‌ථාවේදී ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.