පාකිස්‌තාන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ සංචාරය
ඉවසීමෙන් ක්‍රීඩා කොට ජයග්‍රහණය ලබමු

චමිල කරවිට

පාකිස්‌තානය සමගින් පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලියේදී කණ්‌ඩායමේ සියලුම පිතිකරුවන් ඉවසීමකින් යුතුව ක්‍රීඩා කරමින් තම වගකීම කොටස නිසියාකාරව ඉටු කළ හොත් ටෙස්‌ට්‌ තරග ජයක්‌ වාර්තා කිරීම එතරම් අපහසු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ටී. එම්. ඩිල්ෂාන් පවසයි.

ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලියට සහභාගිවීම සඳහා එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය බලා ඊයේ (14 දා) පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම පිටත්ව යැමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේදී ආගමික වතාවත් වලට සහභාගි වූ අයුරු. ඡායාරූපය - නිශේන්ද්‍ර සිල්වා

සති 6 කට ආසන්න කාලයක්‌ පාකිස්‌තාන කණ්‌ඩායම සමගින් එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අදාළ තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ (14 දා) උදෑසන පිටත්ව ගිsයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පැවැති ආගමික වතාවත් වලට සහභාගිවීමෙන් අනතුරුවය.

මෙම තරගාවලිය පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්‌වන ශ්‍රී ලංකා නායකයා, පාකිස්‌තාන කණ්‌ඩායමට නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඇතුළත් වුවද එම කණ්‌ඩායම සමබර කණ්‌ඩායමක්‌ වන බව සඳහන් කරයි.

zපාකිස්‌තාන කණ්‌ඩායම සමබර කණ්‌ඩායමක්‌. එමෙන්ම මෙම තරග පැවැත්වෙන තණතීරුත් පිතිකරුවන්ට ඉතා යෝග්‍ය බව පෙනී යනවා. ඒක නිසා වැදගත් වන්නේ ඉවසීමෙන් යුතුව ක්‍රීඩා කිරීමයිZ යනුවෙන් සඳහන් කරන ඩිල්ෂාන්, එහිදී මුහුණදීමට සිදුවන විශාලම අභියෝගය ලෙස සඳහන් කරන්නේ අත්දැකීම් මඳ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් පාකිස්‌තානු පිලේ කඩුලු 20 දවා ගැනීම වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම අවසන් වරට ටෙස්‌ට්‌ තරග ජයක්‌ වාර්තා කර ඇත්තේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමේ තරගයේදී වන අතර අනතුරුව පැවැති තරග 11 දීම එකම හෝ ජයග්‍රහණයක්‌ වාර්තා කිරීමට අසමත්වී සිටියි.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.