ප්‍රභාකරන්ගේ බංකරය හැදූ කොටියා
ජනාධිපතිට එරෙහිව නඩු පැවරීම


වන්නියේ සිටි කොටි ත්‍රස්‌තයකු වූ ජෙගතීස්‌වරන් විසින්
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව ගොනු කළ පැමිණිල්ල සහ නීතිවේදී රොබ් ස්‌ටේ්‍ර.



''අරුණාචලම් ජෙගතීස්‌වරන් ප්‍රභාකරන්ගේ
කොන්ක්‍රීට්‌ බංකරය හැදූ සිවිල් ඉංජිනේරුවායි''
- ඕස්‌ටේ්‍රලියානු කොටි විරෝධී ආරංචි මාර්ග

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා ඕස්‌ටේ්‍රලියාවේ පර්ත් නගරයට පැමිණ පැය 24 ක්‌ ගතවීමෙන් පසු කොටි සංවිධානයට සහය දුන් තවත් ත්‍රස්‌තයකු මතු විය.

ඒ 2007 සිට 2009 දක්‌වා කොටි සටන එක්‌ව වන්නියේ කටයුතු කළ සිවිල් ඉංජිනේරුවකු වූ අරුණාචලම් ජෙගතීස්‌වරන්ය.

ජෙගතීස්‌වරන් මෙල්බෝන් අධිකරණය හමුවේ පිටුහතක පැමිණිල්ලක්‌ යොමු කළේ පෙරේදා (25 දා) දහවල් ඔහුගේ නීතිවේදියා වූයේ රොබ් ස්‌ටේ්‍රයි මාර්ගයෙන්ය.

අරුණචලම් ජෙගතීස්‌වරන් මේ නඩුව පැවරීමට පෙර ඕස්‌ටේ්‍රලියාවේ හර්මන් හෝටලයේ පැවැති කොටි සමුළුවට පැමිණ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් පියනම සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ.

එම රහස්‌ සාකච්ඡාවේ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහි නඩුවයි.

2007 තමා ශ්‍රී ලංකාවට පැමිණ 2009 වන තෙක්‌ කිලිනොච්චියේ සිටි බව ජෙගතීස්‌වරන් විසින් නඩුවේ දක්‌වා තිබිණි.

එසේ නම් සනාථ වන්නේ කොටි සංවිධානය සමග ඔහු කටයුතු කළ බවයි.

ඕස්‌ටේ්‍රලියාවේ පදිංචි කොටි විරෝධී සුදේශ්වරන් ඊයේ උදේ අප අමතා ජෙගතීස්‌වරන්ගේ පසුබිම හෙළි කළේය. 2007 දී ජෙගතීස්‌වරන්ව ප්‍රභාකරන් විසින් වන්නියට ගෙන්වූයේ ඒ ඔහුගේ කොන්ක්‍රීට්‌ බංකරය සහ අනෙකුත් බංකර් ඉදිකිරීමට යයි සුදේශ්වරන් කියා සිටියේය.

මෙහිදී සනාථ වන්නේ ජෙගතීස්‌වරන් ත්‍රස්‌තවාදයට සහයවී ඇති බවයි.

මේ කොටි ත්‍රස්‌තවාදියා දැන් මෙල්බන් අධිකරණය හමුවේ පවසන්නේ ශ්‍රී ලංකා හමුදාව පාසල්, ආගමික ස්‌ථාන, රෝහල්, ප්‍රජා මධ්‍යස්‌ථාන ආදිය බෝම්ම දමා විනාශ කළ බවයි.

මේ ප්‍රකාශය කිරීමට ඔහු 2009 සිට 2011 දක්‌වා බලා සිටියේය.

ජෙගතීස්‌වරන්ගේ මේ ප්‍රකාශය ඕස්‌ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ තිසර සමරසිංහ විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

මෙලෙස කොටි ත්‍රස්‌තයකු වූ ජෙගතීස්‌වරන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක්‌ පැවරීම ගැන නීතිවේදී රොඩ් ස්‌ටේ්‍ර පැවසුවේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දැන් ඕස්‌ටේ්‍රලියාවේ සිටින නිසා ඔහු ගැන පරීක්‍ෂණ පවත්වන ලෙස ඕස්‌ටේ්‍රලියාවේ නීතිපති වෙත දැක්‌වූ බවයි.

එහෙත් ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට සහය දැක්‌වීම මත අරුණාචලම් ජෙගතීස්‌වරන් මුලින්ම දඬවුම් ලැබිය යුතුය. ඔහු මෙරට ආගමන විගමන නීති රීති උල්ඝනය කරමින් වන්නියේ රැඳී සිටියේය. එසේම කොටි ත්‍රස්‌තවාදී සංවිධානයට සහය විය. මේ චෝදනා දෙක මත ජෙගතීස්‌වරන්ව අත්අඩංගුවට ගත යුතු වේ.

මේ හැර ඕස්‌ටේ්‍රලියානු පුරවැසියකු වූ ජෙගතීස්‌වරන් වන්නියේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා රජයට හා හමුදාවට එරෙහිව ක්‍රියා කිරීම නිසා ඔහු අනිවාර්යයෙන්ම යුද අපරාධකරුවකු වේ.

මෙලෙස ඕස්‌ටේ්‍රලියානු අධිකරණය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරන්නේ කොටි ත්‍රස්‌තවාදයට සහය වූවන්ය.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් වසර දෙකක්‌ තිස්‌සේ ජෙගතීස්‌වරන් ශ්‍රී ලංකාවට ගොස්‌ කුමක්‌ කළේද යන්න ගැන ඕස්‌ටේ්‍රලියානු රජය විසින් විමර්ශනයක්‌ නොකළේ මන්ද යන්නයි.

මෙයට සමගාමීව මීනා ක්‍රිෂ්ණමූර්ති හෙවත් ඊළන්දි නමැති කොටි කාන්තාව ඕස්‌ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ තිසර සමරසිංහට සාවද්‍ය යුද අපරාධ චෝදනා නැගීය.

දැන් අරුණාචලම් ජෙගතීස්‌වරන් ඉදිරිපත් වී ඇත.

මොවුන් ශ්‍රී ලංකා හමුදාව ඉවත් බවක්‌ නැතිව ෂෙල් ප්‍රහාර බෝම්බ ප්‍රහාර එල්ල කළ බව පවසයි. එහෙත් ඔවුන් දිවි ගලවා ගෙන ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නගන්නේ වසර 2 කට පසුවයි.

මින් සනාථ වන්නේ පසුබිමේ සිට මෙම සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කිරීම මෙහෙයවන්නේ ගෝලීය ද්‍රවිඩ සංසදයයි. මේ කොටි හිතවාදී සංවිධානයේ ප්‍රධානියා එමානුවෙල් පියනමයි. මෙයට වසර ගණනකට පෙර කොටි ත්‍රස්‌තයන් බැංකුවක්‌ බිඳ එම මුදල් තැන්පත් කර තිබුණේ එමානුවෙල් පියනමගේ දේවස්‌ථානයේයි.

මේ අතර මෙම ජෙගතීස්‌වරන් නමැත්තා ඕස්‌ටේ්‍රලියාවට පැමිණ ඇත්තේ 1987 වසරේදී යෑයි හෙළිවිය. ඔහුට වසර 3 කට පසු පුරවැසි බව හිමිවිය.

ඕස්‌ටේ්‍රලියාවේ පුරවැසියකු වූ ජෙගතීස්‌වරන් 2007 දී මෙරටට පැමිණියේ සංචාරකයකු වේශයෙනි. එහෙත් ඔහු නතර වූයේ කොටින්ගේ වන්නි අඩවියේය.

ජෙගතීස්‌වරන්ගේ මේ ශ්‍රී ලංකා විරෝධී නඩුවේ පසුබිමේ සිටින තවත් අයෙකු හෙළිවී ඇත. ඔහු මෙයට වසර ගණනකට පෙර කොළඹ ඕස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ කාර්යාලයේ තානාපති නිලධාරියකු වූ බෘස්‌ ගේන්ය.

බෘස්‌ ගේන් ඕස්‌ටේ්‍රලියාවේ සිට ශ්‍රී ලංකාවේ සිදුවීම් ඇසින් දුටුවාක්‌ මෙන් ප්‍රකාශ කර තිබේ.

මෙහිදී ඕස්‌ටේ්‍රලියානු පසුබිම කෙරේ නිරීක්‍ෂණය කළ යුතුය.

මෙරට හිටපු එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක ගෝඩන් වෙනීස්‌ය.

ගෝඩන් - ටයිස්‌ '' ද කේඡ්'' නමින් පොතක්‌ ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඉන් 400000 කට අධික ද්‍රවිඩයන් ඝාතනය වූ බවට පැවැති තොරතුරු ප්‍රකාශයට පත්විය.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව සිතාසි නිකුත්කරන්නැයි ජෙගතීස්‌වරන් නීතිවේදී රොබ් ස්‌ටේ්‍ර විසින් ඕස්‌ටේ්‍රලියානු නීතිපති රොබට්‌ මැන්ත්ලෙන්ඩි ගෙන් ඉල්ලා ඇත.

එහෙත් ඊට ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

මෙලෙස ජෙගතීස්‌වරන්ගේ නඩුවට ඕස්‌ටේ්‍රලියානු බලධාරීහු ප්‍රතිචාර දක්‌වන්නේ නම් ජෙගතීස්‌වරන් විසින් කොටි ත්‍රස්‌තවාදයට සහය දැක්‌වීම නිසා මෙරට ඕස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ද ජෙගතීස්‌වරන්ගේ ක්‍රියාදාමයට වගකිව යුතුය.

මෙහිදී ඕස්‌ටේ්‍රලියානු රජය ජෙගතීස්‌වරන්ගේ පසුබිම සෙවීමට ක්‍රියානොකරන්නේ මන්ද?

ත්‍රස්‌ත මර්දනය ගැන ඕස්‌ටේ්‍රලියානු පාර්ලිමේන්තුව හඬ නගද්දී ඕස්‌ටේ්‍රලියාවේ සිටින කොටි ත්‍රස්‌තයන් ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා නගති.

ජෙගතීස්‌වරන් මෙරට ජනතාව ත්‍රස්‌ත ක්‍රියාවලින් විනාශ කිරීම සඳහා කොටින්ට සහාය වී ඇත. එසේ නම් එම චෝදනාවට ඕස්‌ටේ්‍රලියානු රජය ඔහුට එරෙහිව පියවර ගත යුතුය.

එහෙත් ගෝලීය ද්‍රවිඩ සංසදය ස්‌විස්‌ බැංකුවල ඇති කොටි අරමුදල් විශාල ලෙස වැය කරති. එම මුදල් ඕස්‌ටේ්‍රලියාවේ ග්‍රීන් පක්‍ෂයේ සිට ලේබර් පක්‍ෂය දක්‌වා ව්‍යාප්තවී ඇති බව පැහැදිලිය.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.