2011 ඔක්‌තෝබර් 26 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

වැඩ නැති දොස්‌තරලා අනූවක්‌ අමාත්‍යාංශයේ

මෙම වෛද්‍යවරුන් අනූදෙනා අමා ත්‍යාංශය වෙත පැමිණෙන්නේ ද සතියකට වරක්‌ හෝ දෙවරක්‌ පමණ ක්‌ බව ද එසේ පැමිණ සතියකටම අදාළ වන ලෙස අත්සන් කර අති කාල දීමනා ද ලබාගන්නා බව කී අමාත්‍යාංශ නිලධාරියා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කිසිදු රාජකාරියක්‌ නොමැතිව වෛද්‍යවරුන් අනූදෙනකු සිටින බව සෞඛ්‍ය ඇමැතිවරයා ද මෙතෙක්‌ දැන නොසිටි බව කීය.

නවක වධයට ගැටී සිසුවෙක්‌ රෝහලේ
නවකවදයට කැමති හා අකැමැති සිසුන් අතර ගැටුම හටගත් බව කී ආචාර්යවරයා තවදුරටත් ගැටුම් ඇතිවීම වැළැක්‌වීම සඳහා ජ්‍යෙෂ්ඨ සිසුන් ඉවත් කිරීමට පියවර ගත් බවත් සඳහන් කළේය.

ආයුර්වේද සංස්‌ථාව පාඩු
ලබන්නේ නෑ
- සංස්‌ථා සභාපති
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කරන්නේ "දිවයින" පුවත්පතේ ඊයේ (25) "ආතා අපේ" කවිවල ශ්‍රී ලංකා ආයුර්වේද සංස්‌ථාව කෝටි දහසයක පාඩුවක්‌ ලබා ඇති බවට කර ඇති සඳහන් පිළිබඳ කරුණු පැහැදිලි කරමිනි.

දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට ලිංගික අල්ලස්‌ පවා දීමට සිදුවෙලා - බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග
ඇතැම් පාසල්වල නාමලේඛනයේ නම සඳහන් නොකර පාසල් දරුවන් විද්‍යාලයේ තබාගෙන සිටින බවත් එසේ සිටි විදුහලක විදුහල්පතිවරයා විශ්‍රාම යැමෙන් පසු පාසලට පත්ව ආ නව විදුහල්පතිවරයා විසින් එම ළමයා ඉවත් කරගන්නා ලෙස දෙමාපියන්ට දැන්වීම සම්බන්ධ යෙන්ද පැමිණිල්ලක්‌ ලැබී ඇතැයිද කීය.

ඉන්දියන් තෙල් සමාගමේ වැඩ නිසා සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව වැසී යැමේ තර්ජනයක්‌
ඉන්දීය තෙල් සමාගම මේ වන විට ගිවිසුම් පවා උල්ලංඝනය කරමින් පිරිපහදු ඉන්ධන හා අලුත් පෙට්‍රල් වර්ග මෙරට වෙළෙඳ පොළේ අලෙවි කිරීමට පටන්ගෙන තිබීම ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ පැවැත්මට තර්ජනයක්‌ බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි.

විල්පත්තුව දෙකඩ කරමින්
අඩි 20 ක පාරක්‌ කපයි
ප්‍රබල ඇමැතිවරයකුගේ ආධාරකරුවන්ට වගා කිරීමට හැකිවන පරිදි එම ප්‍රමාණය වෙන් කරමින් අඩි 20 ක මාර්ගයක්‌ ඉදිකරමින් පවතින බව වනජීවී කාර්යල ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

විදුලිය ගාස්‌තු සංශෝධනය ජනවාරියේ සිට
කෙසේ වෙතත් ගාස්‌තු සංශෝධනය අවසන් වශයෙන් රජය මගින් තීර ණය කරනු ඇතැයි ද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

දෙකෝටි නව ලක්‌ෂයක රන් කාසි සහ රට සල්ලි පැන්නීමට තැත් කළ 3ක්‌ දැලේ
මාතලේ රත්තොට ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතිකයකු රුපියල් එක්‌කෝටි විසිපන් ලක්‌ෂයක යුරෝ සහ ස්‌ටර්ලින් පවුම් ඔහුගේ ගමන් මල්ලේ පතුලේ සහ හැඩලයේ සඟවාගෙන යැමට තැත්කර ඇත.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීති විරෝධීයි
- වෛද්‍ය සංගමය කියයි
අදාළ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුන්ට සායනික පුහුණුව යම් කිසි රෝහලක්‌ හරහා ලබා දීමට පෙර ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගත යුතු බව වෛද්‍ය පාදෙනිය කීවේය.

දුම්රිය ගැටීම් වැළැක්‌වීමට
එන්ජිමට විශේෂ උපකරණයක්‌

මෙම විශේෂිත උපකරණය මගින් ධාවනය කෙරෙන දුම්රියක රියෑදුරුට කිලෝමීටර් 10 ක්‌ ඉදිරියේ තිබෙන දුම්රියක්‌ පෙන්නුම් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්‍ෂ විජය සමරසිංහ මහතා පැවැසීය.

තැපැල්පතිට එරෙහි චෝදනා විභාග කළ කමිටුවේ වාර්තාව කැබිනට්‌ මණ්‌ඩලයට
දිගින් දිගටම තැපැල් දෙපාර්තමේන් තුව කෝටි ගණනින් පාඩු ලැබීමත් ඇතුළු කරුණු රැසක්‌ සැලකිල්ලට ගෙන තැපැල් සේවා අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

උ/නැ පොලිසිවලට දෙමළ තරුණ තරුණියෝ 475 ක්‌ බඳවා ගැනෙති
සම්මුඛ පරීක්‍ෂණ මේ දිනවල පවත්වන අතර උතුරු නැගෙනහිර දෙමළ තරුණ තරුණියන් ඉතාම උනන්දුවෙන් ඒ සඳහා ඉදිරිපත්ව සිටින බව ද වාර්තා වෙයි.

මම අලුත් දේශපාලන
සංස්‌කෘතියක්‌ ඇති කරනවා
- පා. මන්ත්‍රී බුද්ධික පතිරණ
මගේ මන්ත්‍රීකම නැති කරයි. එත කොට මගේ ආරක්‍ෂක නිලධාරීන් නැති වෙනවා. වාහන බලපත්‍ර නැති වෙනවා. පාර්ලිමේන්තුවේ කන බත් නැති වෙනවා. නමුත් මම දේශපාල නය කළේ ඒවා බලාගෙන නොවේ.

ආබාධිතයන්ටත් පදික වේදිකාවේ ඉඩ සෑදීම ගැන තුති පළවෙයි

ආබාධිත සහිත පුද්ගලයන්ට ගමන් කළ හැකි පරිදි කොල්ලුපිටිය, බම් බලපිටිය ප්‍රදේශවල පදික වේදිකා සකස්‌ කිරීම සම්බන්ධයෙන් ආරක්‍ෂ ක ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට ප්‍රශංසා කරන බව එල්.සී. ආබාධිතා සම්පත් මධ්‍යස්‌ථානයේ තරුණ හඬ සංවිධානය ප්‍රකාශ කරයි.

මහනුවර මහ නගර සභාවේ විපක්‌ෂනායක ලෙස නෙරන්ජන් විඡේරත්න මහතා සිය පත්වීම ලබාගත් අයුරු
ඡායා - ධම්මික සල්වතුර

ආණ්‌ඩු විරෝධී ජනතා ව්‍යාපාරය වහා අරඹමු
- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ අවස්‌ථාවේදී එහි ප්‍රතිඵලයක්‌ ලෙස නීතියේ ආධිපත්‍යය කඩා වැටී රටේ මෙබඳු තත්ත්වයක්‌ උදා වනු ඇති බවට අප එදා පැහැදිලිව තනතුරු ඇඟෙව්වා......

ජනපති මහින්දට එරෙහි නඩුව ඔස්‌ටේ්‍රලියානු
නීතිපති ඉවත දමයි
2007 දී ඔස්‌ටේ්‍රලියාවේ සිට මෙරටට පැමිණ වන්නියට ගොස්‌ කොටි සමඟ එක්‌වී ක්‍රියා කළ ජෙගදීස්‌වරන් පෙරේදා (24 දා) මෙල්බන් අධිකරණය හමුවේ පිටු හතකින් යුත් මෙම නඩුව පවරා තිබේ.

කැලණියේ මත්ද්‍රව්‍ය ජාවාර මට එරෙහිව පොලිසිය තදින් සිටිය යුතුයි
- ඇමැති මර්වින් සිල්වා
කැලණියට බාර් ලයිසන් තමා දී නැති බවද දැන් ක්‍රියාත්මක වී ඇත්තේ තමාට කලින් දුන් මත්පැන් බලපත් (බාර්) බවද ඇමැතිවරයා පැවසීය.

නාමල් රාජපක්‌ෂට විභාගයේ දී සීත කාමරයක්‌ ලබා දුන්නැ යි නීති විද්‍යාලයාධිපතිට එරෙහිව ගොනු කළ පෙත් සම ප්‍රතික්‍ෂේප කරයි
දෙපාර්ශ්වයේ නීතිඥවරු කරුණු දැක්‌වීමෙන් අනතුරුව විනිසුරු මඬුල්ල තීරණය කළේ විභාගය පැවැත්වීමට තරම් පෙත්සමේ පදනමක්‌ නැති බවය.

ශ්‍රී ලංගමයට තවත් වොල්වෝ බස්‌ 25 ක්‌
මෙවැනි බස්‌ රථ දෙකක්‌ මොරටුව සහ කොට්‌ටාව සිට කොළඹ දක්‌වා ධාවනය කෙ රෙන අතර ඒවායෙහි ආදායම ඉතා සතුටුදායක වී ඇත.

ජනපති හා ඕස්‌ටේ්‍රලියානු විදේශ ඇමැති හමුවක්‌
පර්ත් නුවර හයට්‌ රීජන්සි හෝටලයේදී මෙම හමුව සිදු වූ අතර, ජනාධිපතිවරයා සමඟ මෙම හමුව සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌  මහතා ද සහභාගි විය.

ජවිපෙ විජේවීරට පිටුපෑවා!
කැරැලිකාර කණ්‌ඩායමේ චමීර කොස්‌වත්ත
නිර්ධන පංතිය ධනපති පක්‍ෂවල වලිගයක්‌ කිරීමේ උත්සාහයක ජ.වි.පෙ. ගතවූ වසර 10 තුළ කටයුතු කළ බවද පැවසීය.

දීපවාලි අද

දීපාවලි උත්සවය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජි කාවන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ උත්සවයක්‌ ඊයේ (25 දා) පැවැත්විණි.

අරක්‌කු - බියර් මිල ඉහළ නඟී
මෙම බදු මුදල වැඩි වීමත් සමඟම මත්පැන් බෝතලයක මිල රුපියල් 25 - 50 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයි අමාත්‍යංශය පෙන්වා දෙයි.

ගෑස්‌ පිළිබඳව සාකච්ඡාවකට
ඇමැති සුසිල් රුසියාවට යයි
ඉන්ධන සහ ගෑස්‌ ක්‍ෂේත්‍රයේ ද්වීපාර්ශ්වීය සහයෝගිතා සම්බන්ධව රුසියානු ගෑස්‌ ප්‍රොම් ජාත්‍යන්තර සමාගම සමග විශේෂ සාකච්ඡාවක්‌ සඳහා සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාව බලා පිටත්ව ගියේය.

නිර්වින්දනය කළ වල් අලියා අසාධ්‍ය තත්ත්වයෙන් ඇද වැටේ
මේ වන විට අලියාට වදාකඩ ගම්වාසීන් විසින් කෑම බීම සපයා දෙනු ලබන අතර ඌ පත්ව සිටින තත්ත්වය යටතේ නැවත සුව කිරීම සැක සහිත බවද වනජීවී නිලධාරීහු පවසති.

ගුරුවරයාගෙන් වේවැල කැඩෙනතුරු පහර කෑ සිසුහු දෙදෙනා රෝහලේ
සිසුන් දෙදෙනා විදුහලේ නේවාසිකාගාරය අසලින් යන විටදී එහි ජනෙල් වීදුරු බිඳ දමා ඇති බවට චෝදනා එල්ල කර පහරදී ඇති අතර ගුරුවරයාගේ චෝදනාව පදනම් විරහිත යෑයිද එම දෙමාපියෝ පවසති.


 
  • ප්‍රභාකරන්ගේ බංකරය හැදූ කොටියා
    ජනාධිපතිට එරෙහිව නඩු පැවරීම

    ඕස්‌ටේ්‍රලියාවේ පදිංචි කොටි විරෝධී සුදේශ්වරන් ඊයේ උදේ අප අමතා ජෙගතීස්‌වරන්ගේ පසුබිම හෙළි කළේය. 2007 දී ජෙගතීස්‌වරන්ව ප්‍රභාකරන් විසින් වන්නියට ගෙන්වූයේ ඒ ඔහුගේ කොන්ක්‍රීට්‌ බංකරය සහ අනෙකුත් බංකර් ඉදිකිරීමට යයි සුදේශ්වරන් කියා සිටියේය. මෙහිදී සනාථ වන්නේ ජෙගතීස්‌වරන් ත්‍රස්‌තවාදයට සහයවී ඇති බවයි.

  

  


 
  • ශ්‍රී ලංකා-පාකිස්‌තාන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය අද
    පිතිකරුවකු ලෙස පසුබෑමකට ලක්‌ව සිටින ඩිල්ෂාන් අද තරගයේදී තමාගේ දායකත්වය පිළිබඳව අදහස්‌ දක්‌වමින් "මම පෞද්ගලිකව විශ්වාස කරනවා. අද තරගයේදී ලකුණු අතරට පැමිණෙන්න පුළුවන් කියල. මැද පෙළ පිතිකරුවකු විදිහට කණ්‌ඩායමට ලබා දිය යුතු ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට හැකි වෙතැයි මම විශ්වාස කරනවා" යනුවෙන් පැවසීය.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.