ලොව සුපිරි රග්බි තරු සහභාගි වන
කාල්ටන් රග්බි පළමු අදියර 29-30 බෝගම්බරදී


අසේල විතාන



කාල්ටන් ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකා රග්බි සංගමය සමග එක්‌ව නව මුහුණුවරකින් සංවිධානය කරනු ලබන 2011 කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර මෙම 29 සහ 30 දෙදින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා රග්බි ක්‍ෂේත්‍රයට නැවුම් අත්දැකීමක්‌ එක්‌ කරමින් ලොව සුපිරි විදෙස්‌ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ගේ සහය ඇතිව ක්‍රියාත්මක කරන කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා කණ්‌ඩායම් 10 ක්‌ තරග වදිති.

මෙවර තරගාවලිය සඳහා සෑම කණ්‌ඩායමකට උපරිම විදෙස්‌ ක්‍රීඩකයන් තිදෙනකු සහභාගි විය හැකි අතර වයස අවුරුදු 20 ට අඩු යොවුන් ක්‍රීඩකයකු සෑම කණ්‌ඩායමකම සිටීම අනිවාර්ය කර තිබේ. දිවයිනේ සුපිරි රග්බි ක්‍රීඩකයන් 116 දෙනකු පමණ අදාළ තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව ඇත.

ලොව සුපිරි රග්බි ක්‍රීඩකයන් සමග උරෙන් උර ගැටෙමින් තරග කිරීමේ අවස්‌ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලැබෙන මෙවර තරගාවලියේ සෑම කණ්‌ඩායමකම විදෙස්‌ පුහුණුකරුවන් ගේ පුහුණුවීම් සහිතව තරගාවලියට සහභාගිවීම විශේෂත්වයක්‌ වේ.

ඉන්දියාවේ ක්‍රියාත්මක අයි.පී.එල්. ක්‍රිකට්‌ තරගාවලියේ ආකාරයට තරගාවලිය සංවිධානය කිරීමට ශ්‍රී ලංකා සංවිධායක මණ්‌ඩලය සමත්ව ඇත. එහිදී කණ්‌ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සහ පුහුණුකරුවන් තෝරාගැනීම ඉකුත්දා සිදුකෙරිණි. තරගාවලිය නියෝජනය කරන සියලුම ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් බොහොමයක්‌ මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර තවත් කිහිපදෙනකු අද (26 දා) වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර සියලුම කණ්‌ඩායම් මේ වන විට පුහුණුවීම් අරඹා තිබේ.

තරගාවලිය සඳහා සහභාගිවන නෝත් වෙස්‌ටන් බ්ලැක්‌ කණ්‌ඩායම ඉකුත් සතියේ සිය විදෙස්‌ පුහුණුකරුවන්ගේ සේවය ලබමින් පුහුණුවීම් ආරම්භ කළ අතර එම කණ්‌ඩායමේ නායකත්වය චානක චන්දිමාල් විසින් දරනු ලබයි.

'ඒ' සහ 'බී' කාණ්‌ඩ යටතේ කණ්‌ඩායම් තරග වදින අතර එහිදී 'ඒ' කාණ්‌ඩයෙන් ඊස්‌ටන් ඊගල්, ඌව වයිපර්ස්‌, සෙන්ට්‍රල් කිංග්ස්‌, සබරගමුව ස්‌ටෙලියන්ස්‌ සහ වෙස්‌ටන් වොරියර්ස්‌ කණ්‌ඩායම් තරග වදිති. 'බී' කාණ්‌ඩයෙන් ජැµaනා චැලේන්ජර්ස්‌, නොදන් ගැලැඩිටෝර්ස්‌, නෝත් සෙන්ටල් ටයිපෝන්ස්‌, නෝත් වෙස්‌ටන් බැලැක්‌ සහ සදන් සාර්ක්‌ස්‌ තරග වදිති. තරගාවලියේ දෙවැනි අදියර ලබන මස 5 සහ 6 දෙදින රාජකීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ඒ සඳහා පළමු වටයේ ඉදිරියෙන් සිටින කණ්‌ඩායම් සහභාගි වීමට නියමිතය.

කණ්‌ඩායම් නායකයන්

චානක චන්දිමාල් (නෝත් වෙස්‌ටන් බ්ලැක්‌), සාලිය හඳපාන්ගොඩ (සබරගමුව ස්‌ටැලියන්ස්‌), ලසිත ද කොස්‌තා (ඊස්‌ටන් ඊගල්), තනුජ සෙනවිරත්න (නෝත් සෙන්ටල් ටයිපෝන්ස්‌), යෝෂිත රාජපක්‌ෂ (ජැµaනා චැලේන්ජර්ස්‌), දුෂාන්ත ලෙව්කේ (වෙස්‌ටන් වොරියර්ස්‌), සංජීව ජයසිංහ (නෝදන් ගැලැඩිටෝර්ස්‌), µසීල් මරීජා (සෙන්ටල් කිංග්ස්‌), කෝසල තිසර (ඌව වයිපර්ස්‌), අම්ජාඩ් බුක්‌ස්‌ (සදර්න් සාර්ක්‌ස්‌)
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.