කොළඹ රාජකීය විදුහල බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් හොකී ශූරතාව දිනයි

අනුරුද්ධ හේරත් බණ්‌ඩාර

කොළඹ රාජකීය විද්‍යාලයීය හොකී සමාජයේ මෙහෙයවීමෙන් පසුගියදා පැවැති 9 වැනි බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් කුසලාන සමස්‌ත ලංකා පාසල් වයස අවුරුදු 9 න් පහළ සත් සාමාජික හොකී තරග මාලාවේ බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහල් පිල දිනාගත් අතර මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලට බාලිකා ශූරතාව හිමිවිය.

මෙවර බාලක අනුශූරතාව මාතලේ විජය විදුහල හිමිකරගත් අතර බාලිකා අනුශූරතාව කොළඹ විශාඛා විදුහල සතු විය.

බාලක කණ්‌ඩායම් 34 ක සහභාගිත්වයෙන් පැවැති තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සයිඩ් කුකුබ්ඩීන් (කොළඹ රාජකීය විදුහල) ද දක්‍ෂතම ගෝල් රකින්නා ලෙස ධාරක ප්‍රියභාෂික තැන්නේද (මාතලේ විජය විදුහල) දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස චතුරිකා ඒකනායක (මහනුවර පුෂ්පදාන බා. ම. වි.) ද දක්‍ෂතම ගෝල් රකින්නිය ලෙස නෙත්මී සඳලී ද සම්මාන ලැබූහ.

මෙම තරග මාලාවේ බාලක ''පලිහ'' ශූරතාව කොළඹ වෙස්‌ලි විදුහල දිනාගත් අතර මාතර ශාන්ත තෝමස්‌ විදුහලට අනුශූරතාව හිමි විය. බාලිකා ''පලිහ'' ශූරතාව කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විදුහල දිනාගත් අතර එහි අනුශූරතාව කොළඹ යසෝධරා බාලිකා විදුහල සතු විය.

බාලක අංශයේ ''බඳුන'' ශූරතාව කොටහේන ශාන්ත බෙනඩික්‌ට්‌ විදුහලටද අනුශූරතාව කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහලටද බාලිකා අංශයේ ''බඳුන'' ශූරතාව මාතලේ ක්‍රිස්‌තුදේව විදුහලටද අනුශූරතාව පානදුර බාලිකා විදුහලටද හිමි විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.