ශනි මාරුව පියවි ඇසින්
නාත්තන්ඩිය පී.ඩී. පෙරේරා
අපායෙත් ස්‌වර්ගයෙත් යතුර ඇත්තේ සෙනසුරු අතේ යෑයි කියමනක් ඇත.
එවන් ද්විත්ව චරිතයක් රඟපාන ශනි ග්‍රහයා නොවැම්බර් 15 වැනිදා
උදේ 9.26 ට සිකුරු හිමි තුලා රාශියට පැමිණ උච්චවීම බොහෝ දෙනාගේ
ප්‍රීතියට කරුණක්‌ව ඇති බව පෙනීගොස් ඇත. ශනි තුලාවට
පැමිණීමෙන් පංච මහා පුරිෂයෝග වලින් එකක් වන "සස" යෝගය
උදාකිරීමට සමත්වේ. බටහිර දිසාවට දිග් බලය පතුරන ශනි මකර කුම්භ
රාශි දෙකටම අධිපතිත්වයක් දරයි. තුලා රාශියේ උච්ච වන අතර මේෂ
රාශියේදී නීච බවට පත්වේ. තුලා ලග්න හිමියන්ට ශනි ලග්නයේ උච්ච
වීම රජ තත්ත්වයක් හිමිකරන අතර ධනු ලග්න හිමියන්ට පස් වැන්නේ
මේෂ රාශියේ නීච වීමත් ඒ හා සමාන බලයක් ගොඩ නැගෙනු ඇත. ශනි
මුල්ව ඒරාෂ්ඨක ලෙසත් යෙදෙන අතර අන් ග්‍රහයන්ට වඩා සෙනසුරුගේ
ක්‍රියාකාරිත්වය එක එල්ලේ ශුභය අශුභය කීමට ඉක්‌මන් වීම
ජ්‍යෙdතිෂයේ අනාගතය වීමට කරුණක් ජ්‍යෙdතිෂ වේදීන් සිහියට ගත
යුතුය.
ශනි ගැන කතා රැසක් ගෙතී ඇති අතර විශේෂිත
රසකතාව වන්නේ රාවණගේ පුතා උපදින අවස්‌ථාවේ සියලු ග්‍රහයන්ට
එකොළොස්‌වන රාශියට පැමිණ සිටින ලෙස රාවණගෙන් ආරාධනයක් වීලු. ඒ
වූ පරිදිම සියලු ග්‍රහයන් 11 වැන්නේ සිටියත් රාවණගේ පුත් උපත
සිදුවන මොහොතේ සෙනසුරු ග්‍රහයා දොළොස් වැන්නට තම වම්පය දැම්ම
නිසා රාවණගේ කඩු පහරට ලක්‌ව වම් කකුලත් සොට්‌ටි වුණාලු. මේ
විනෝද කතාවෙන් වුණත් ඔබ තේරුම් ගත යුත්තේ ශනි ශුභ ප්‍රතිඵල දිය
යුතුම තැනදී වුවත් අශුභ පලත් දීමට දක්‌වන උනන්දුවේ තරමයි.
දුකෙන් පිරුනු ලෝකයේ දුක පරම සත්‍ය බව ඔබට මට හැම විටම
වැටහෙද්දී සියල්ල වෙනස්‌වන ලෝකයේ සෙනසුරු දැකුම්කළු සළු පිළි
පළ¹ සැන් පවුඩර් දමා කලඑළියට ආවත් සෙනසුරුගේ සැබෑ ගතිය ලෝකයේ
පවතින පරම සත්‍යයට පිටු නොපෑම බව ශනිගේ තුලා රාශි ගමන සිදුවන
මොහොතේ සිහියට ගෙන කටයුතු කළොත් ශනිට පහන් දල්වා තමනුත් රැවටී
ශනිත් රවටනවාට වඩා කාලෝචිත වන බව සැමට සහිපත් කරමි.
දැලි පිහියෙන් කිරි කනවා මෙන් ප්‍රවේශමෙන් පලාඵල කථනයට පිවිසිය
යුතු ශනි මාරුව ඔබට බලපාන අයුරු පසුගිය නැකත මගින් පැවැසූ
පරිදිම දැන් ඔබට බලපාන අයුරු ගලපාගත හැකිය.
මේෂ- ලග්නයෙන් හත්වැන්නට ශනි පැමිණ උච්ච බවට පත්ව ගමන් ගනී.
පමා වූ විවාහය ඉක්‌මන් වීමට කරුණක් වේ. අවුල් වූ විවාහය
නිමාවක් දකින්නත් මඟ පාදමි. පොදු කටයුතුවලට හවුල් වැඩට අතගසා
හොඳ ප්‍රතිඵල හිමි වේ. සේවකයන් යොදා කරන ව්‍යාපාර කර්මාන්ත
ආරම්භයට හොඳයි. ව්‍යාපාර කටයුතු වලින් සුවිශේෂ ජයග්‍රහණ අත්වේ.
ස්‌වයං රැකියා වල නිරත අයට හොඳ කලක් උදා වේවි. ලොතරැයි වාසනා
උරගා බැලීමට කදිම කාලයකි. දේශපාලනයට සම්බන්ධ අයට උසස් තනතුරු
හිමිවේවි. බලවත් අය නොසිතූ සහායක් දක්‌වයි. දේපළ ප්‍රශ්න
නිරවුල් වේවි. අධ්‍යාපන
කටයුතු වල ප්‍රගතියක් ඇති වේ. කලක් පැවැති අසනීප සුව අතට.
උපතේ සඳු 6-7-8-12 රාශිවල නම් ශුභඵල හීන කරන්න බලයි.
සිතට සහනය අඩු වේ. මිතුරන් සතුරන් වේවි. ශාන්ති කර්ම අවශ්‍ය
කාලයකි.
වෘෂභ-ලග්නයෙන් හය වැන්නට ශනි පැමිණ උච්චව ගමන් ගනී. සතුරන් අළු
දූවිලි වී යන කාලයකි. අහිමිව ගිය තත්ත්වය තනතුරු යළි ලැබේවි.
බලවත් අයගේ ප්‍රසාදයට පත්වෙයි. රැකියා අංශ ප්‍රධානීන්ට නැතිවම
බැරි අයකු වේවි. ඉවසීම නිසා බොහෝ ප්‍රශ්න විසඳෙයි. සතුරන් ගෙත්
කරට අත දමා කටයුතු කිරීමට දක්‍ෂ වේ. අලුත් යමක් කිරීමට
පෙළඹෙයි. ව්‍යාපාර කටයුතු බලා සිටියදී දියුණුවට පත්වේ. උසස්
අධ්‍යාපනයට විශේෂ කරුණු යෙදෙයි. පරම්පරාගත දෙයක් හිමිවේ.
අලුත් වාහන ගන්න පෙළඹෙයි. පමා වූ විවාහය ඉක්‌මන් වන කාලයකි.
උපතේ සඳු 5-6-7-11 රාශියක නම් ඔබ ශරීර සනීපය ගැන සැලකිළිමත්
විය යුතුය. ඇපවීම් වලට නොයා යුතුය. රහස් රැකගන්න උනන්දුවිය
යුතුය. ශාන්ති කර්ම අවශ්‍යයි.
මිථුන - ලග්නයෙන් පස්‌වැන්නට ශනි පැමිණ උච්ච ගමනක යෙදෙයි.
උසස් අධ්‍යාපන කටයුතු වලින් විශේෂ ජයග්‍රහණ හිමිවේ. ඒ සඳහා
විදේශ වලට යන්නත් මඟ පෑදෙයි. අමතර ආදායම් මාර්ග පෑදෙයි. අත මිට
සරුවන කාලයකි. ඉඳහිට ලොතරැයි ගැනීමෙන් වාසනාවේ තරම දැනේවි.
පුහුණු කටයුතුවලට රැකියාවට යන්න මාර්ග පෑදෙයි. නොසිතූ අයගේ
සහාය ලැබෙන කාලයකි. අලුත් පාඩම් ගන්න අහිමි සම්පත් නීති මගින්
හෝ ලාබ ගන්න වාසනාව ඇති කාලයකි. කලක් අමනාපව සිටි අයත් ඇසුරට
පත්වේ. වාහන ත්‍යාග ලෙස හිමිවිය හැක. උපතේදී සඳු 4-5-6-10
රාශිවල නම් ප්‍රවේශම් විය යුතුය. හන්දි ආශ්‍රිත අසනීප බලපායි.
නීති ප්‍රශ්න පැටලිය හැක. නොසිතූ ප්‍රශ්න වල පැටලෙයි.
ශාන්තිකර්ම අවශ්‍ය වේවි.
කටක- ලග්නයෙන් සිව් වැන්නේ ශනි උච්චව ගමන් ගනී. දේපළ ප්‍රශ්න
නිරවුල් වෙයි. අලුත් ඉඩමක් නිවසක් ඉදිකරන්න අවස්‌ථා උදාවේ.
මව් පස දේපළ හිමිවිය හැක. නීති ප්‍රශ්න නඩු හබ ඔබේ වාසියට
විසඳෙයි. වාහන මිලට ගන්න පහසු අවස්‌ථා උදාවේ. අලුත් ව්‍යාපාර
අරඹන්න ඉතා හොඳ කාලයකි. ඔබේ තත්ත්වය තනතුර ඉහළ යයි. මෙතෙක්
නොලැබුණු උසස් වීම හිමිවේවි. දරුඵල නොමැතිව ළතවුණු අයට
සතුටුදායක පුවත් අසන්න ලැබේවි. විදේශ ගමන් යෙදෙයි. වන්දනා ගමන්
වලට මඟ පෑදේ. උපතේ සඳු 3-4-5-9 රාශිවල නම් පපුවේ රෝග උත්සන්න
වෙයි. සැත්කම් වලට බර කාලයකි. රැකියාවට නොසිතූ ප්‍රශ්න ඇතිවේ.
සතුරන් ක්‍රියාත්මක වන කාලයකි. ශාන්ති කර්ම අවශ්‍ය වේවි.
සිංහ- ලග්නයෙන් තුන් වැන්නට ශනී පැමිණ උච්ච ගමනක් අරඹයි. ඔබේ
හැකියා දක්‍ෂතා නිසාම විශාල පිළිගැනීමක් ප්‍රසිද්ධියක්
ඇතිවේවි. නිර්මාණශීලී වැඩට දක්‍ෂ වේවි. යටපත් අයිති හිමිකම්
ලබාගැනීමට හැකිවේවි. නීති මඟට යොමුවූ අයට ජයග්‍රහණ අත්වේ.
ස්‌වයංරැකියා වලට යොමුවේ නම් උසස් දියුණුවක් ලැබිය හැකිය.
බලවත් අයගෙන් තෑගි බෝග හිමිවන පසුබිමක් ඇතිවේ. අලුත් නිවස
ඉදිකිරීම් වලට මඟ පෑදෙයි. කලක් පැවැති අසනීප සුව අතට. උගත් අය
බලවත් අය පිහිටට එන කාලයකි. ගරු තනතුරු හිමිවීමට ඉඩ ඇත. උපතේ
සඳු 2-3-4-8 රාශිවල නම් හදිසි අනතුරු ඇතිවෙයි. සුව අතට පත්
රෝගත් යළි මතුවේ. කුජ 12 වැන්නේ සිටි අයටත් ජුලි දක්‌වා බලවත්
පීඩා ඇතිවේ. රැකියාව ගැන අප්‍රසාදයක් ඇතිsවේ. දෛවඥ උපදෙස්
අවශ්‍ය වේවි.
කන්‍යා -ලග්නයෙන් දෙවැන්නේ ශනි උච්චව ගමන් ගනී. හිස මත තිබූ
බරක් කරට වැටුණ කාලයකි. යම් සහනයක් පෙරට වඩා පවතී. ආර්ථිකය
දියුණුවට මඟක් පෑදෙයි. විකුණා ගන්න අපහසු ඉඩම් වාහන විකුණා
ගනීවි. නොසිතූ අයගේ ආධාර උපකාර හිමිවේ. රට සවාරි වලට මඟ පාදයි.
නීතිමඟට යායුතු කරුණක් කථා බහෙන් විස¹ ගන්න හැකිවේ. පමා වූ
විවාහ කටයුතු ඉක්‌මන් වන්න හේතු යෙදේවි.
රැකියාවේ වෙනසක් හෝ උසස් වීමක් හිමිවේවි. ණය බරින් නිදහස්
වන්න හැකිවේ. සිතේ පැවැති අරමුණු සඵල කරගන්න බලවත් අය උපකාර
කරාවි. උපතේ සඳු 1-2-3-7 යන රාශිවල නම් ශරීර සනීපය ගැන
සැලකිලිමත් විය යුතුය. සැත්කම් වලට අත වනයි. තත්ත්වය තනතුර පහත
වැටේ. සිතට දුකක් නිතර දැනෙයි. ශනි අපල මඟ හරින ශාන්ති කර්ම
අවශ්‍ය වේවි.
තුලා - ලග්නයේ උච්ච බලයෙන් ශනි ගමන් ගැනීම අතිශයින් ශුභඵල
ගෙනදීමට හේතුවේවි අලුත් ව්‍යාපාර ඇරඹීමට උනන්දුවක් දක්‌වයි.
අත්හැර දැමූ කටයුතුවලට යළි පණදිය හැකි වේ. සේවක ප්‍රශ්න විසඳී
සිතට සතුටක් ඇතිවේවි. අතට මුදල් එන අලුත් මාර්ග පෑදෙයි.
මැණික් ගන්න ගරන අයට වාසි රැසක් අත්වේ. දුර ගමන් විදේශ ගමන්
බහුල වන කාලයකි. ශනි දුබල නම් නඩු හබ වලින් වරදකරු විය හැක.
සැනසිල්ල අඩු කාලයක් වේවි. හිතවත් අයත් පිටුපාවි. උපතේ
සඳු1-2-6-12 රාශිවල නම් එකට හිටි අය සතුරුකම් කරයි. අතට ගත්
දෙය කටට දමාගන්න අපහසු වේ. වටිනා දේවල් දෙක, පහට විකිණෙයි.
ස්‌ත්‍රීන් නිසා ප්‍රශ්න ඇතිවේ. ශාන්තිකර්ම අවශ්‍ය කාලයකි.
වෘශ්චික- ලග්නයේ දොළොස් වැන්නට ශනි පැමිණ උච්ච ගමනක යෙදීම
විදේශ
රැකියා හිමි වීමට කරුණක් වේවි. උදාසීන ගති මඟ හැරෙයි. අපතේ
ගිය දෙයක් ආදායම් මඟක් බවට පත්වේ. පරම්පරාගත දෙයක්
විකුණාගන්න පැවැති බාධක මඟ හැරෙයි. උසස් අය ඇසුරට පත්වේ.
ආරක්‍ෂක අංශවල අයට හොඳ කල දවසක් උදාවේ. මංගල යෝජනා සඵල වෙයි.
දරුඵල හිමිවී උද්දාමයට පත්වන කාලයකි. මැණික් ගරන අයට වාසි
අත්වේ. අලුත් වැඩට අතගසා හොඳ ප්‍රතිඵල අත්වේ. දුරස්‌ව සිටි අය
එක්‌වන කාලයකි. උපතේ සඳු 1-2-5-11 රාශිවලනම් අධික වියදම්
යෙදෙයි. කරන හැම දෙයම නොපිටට හැරෙයි. වටින දෙයක් අහිමි විය
හැක. සිතට දුකක් නිතර පවතී. පෙම් සබඳතා දෙදරයි. ශාන්ති කර්ම
අවශ්‍ය වේවි.
ධනු - ලග්නයෙන් එකොළොස් වැන්නේ ශනි උච්චව ගමන් ගැනීම තනතුරේ
තව අඩියක් ඉහළට ඔසවා තබයි. හොඳ පිළිගැනීමක් ඇතිවේ. රැකියා
අංශ ප්‍රධානීන්ට ඔබ නැතිව බැරි කෙනෙකු වේවි. රට ගමන් බහුල
වෙයි. බලවත් අය අතර ඇසුරට පත්වේ. ජීවිත රටාවේ පෙරළියක්
ඇතිවෙයි. වාහන ලාභ පවතී. දේපළ මිලට ගන්න අවස්‌ථා උදාවේ අතමිට
සරුවන කරුණු යෙදෙයි. ලොතරැයි වාසනා වලට මග පෑදෙයි. දේපළ
ප්‍රශ්න විසඳේ. අලුත් යමක් කිරීමට උනන්දුව දක්‌වයි. තරගකාරී
කටයුතුවලින් ජය අත්වේ. උසස් අධ්‍යාපනයට මඟ පෑදෙයි. තැන්පත්
ධනය තරවේවි. ශනි නීච අයට ගැටලු ඇතිවේ. උපතේ සඳු 4-10-11-12
රාශියක නම් සිය ප්‍රශ්න පීඩා කරයි. ගැස්‌ටි්‍රක්‌වලට අත වනයි.
උඩගිය අය හිටි හැටියේ බිමට වැටෙයි. අස්‌ථාන චෝදනාවලට මුහුණ
දීමට සිදුවේවි.
මකර - ලග්නයෙන් දස වැන්නේ ශනි උච්ච ගමන කලකට පසු ඔබව ඉහළට ඔසවා
තබයි. මුදල් අසීරු මග හැරේ. ලොතරැයි වාසනා වලට ඉඩ ඇත.
රැකියාවට අදාළව විශාල මුදලක් හිමි විය හැක. අත්හැර දැමූ
ව්‍යාපාරවලට යළි අතගසයි. තත්ත්වය තනතුරු ඉහළ යන්න පිළිවන.
දරුවන්ගේ ප්‍රශ්න සාර්ථකව විසඳෙයි. ගේ දොර අලුත් වේ. සිතේ
පැවැති අරමුණු ඒ අසුරුම ඉටුවෙයි. නඩු හබ වලින් ජයගනී. අලුත්
ඉඩමක් මිලට ගන්න මග පෑදෙයි. පොතපත පළකරන්න අවස්‌ථාව උදාවේ
පවුලේ අය අතර පිළිගැනීමට ලක්‌වේ. රෝග සුව අතට. උපතේ සඳු
3-9-10-11 රාශියක නම් රැකියාව අහිමි විය හැක. හන්දි අමාරු
වදයක් වේවි. සිතේ නොසන්සුන්තා ඇතිවේ. දෛවඥ උපදෙස් ගැනීම බාධා
මග හැර ගන්න මග පාදයි.
කුම්භ - ලග්නයෙන් නව වැන්නේ ශනි උච්ච ගමනක් අරඹයි. පෙර පිනට
පලදෙන කාලයකි. නිධන් වස්‌තු මුතු මැණික් හිමිවන කාලයකි.අලුත්
ව්‍යාපාර කර්මාත්ත වගා කටයුතු අරඹා විශාල දියුණුවකට මුල පුරයි.
පොළොවෙන් පල ප්‍රයෝජන බහුල කාලයකි. අලුත් ව්‍යාපාර වලට අත ගසා
විශාල දියුණුවක් සැලසේ. ඉඩමක් නිවසක් මිලට ගැනීමේ වාසනාව
උදාවේ. රැකියා වල උසස් වීම් හිමිවේ. ලොතරැයි වැනි වාසනා නිසා
නොසිතු දියුණුවක් අත්වේ. අවිවාහක අයට මංගල යෝජනා සඵල වී ඉදිරි
ගමන ශක්‌තිමත් වේ. පරම්පරාගත දෙයක් ආදායම් මගක් ජීවන මගක්
වේවි. අධ්‍යාපන කටයුතු සඵල වේවි. ආගමික කටයුතුවලට පොදු
කටයුතුවලට නැඹුරුව ගරු සම්මාන ලබාවි. උපතේ සඳු 2-8-9 10 රාශියක
නම් දියුණුවට බාධා කරන බලවේග ඇතිවේ. හදිසි අසනීප මතුවේ ශනි
ඒරාෂ්ඨක දැන ප්‍රතිකර්ම කළ යුතුය.
මීන - ලග්නයෙන් අට වැන්නේ ශනි උච්චව ගමන් ගනී. හදිසි ධන ලාභ
ඇතිවේ. නොසිතූ අයගේ සහයෝග ලැබේ. විදේශ සංචාර වලට අවස්‌ථාව
උදාවෙයි. රැකියාවේ උසස් වීම් වලට අවස්‌ථා පවතී. පැරණි ණය
මුදල් ලැබෙන කාලයකි. උපතේ ශනි නීචනම් රැකියා ස්‌ථානයේ සතුරු
කරදර පවතී. වැය පසක් ඉහළ යාවි. අලුත් ඉඩම් නිවාස හිමිවේවි.
උසස් අධ්‍යාපන කටයුතුවලට මග පෑදෙයි. පවුලේ අය අතර කැපී පෙනෙන
තත්ත්වයක් හිමිවේ. අලුත් යමක් කිරීමට යහපත් කාලයකි. උපතේ සඳු
1-7-8-9 රාශියක නම් ස්‌ථාන ගත ප්‍රශ්න ඇතිවේ. රැකියාව
අප්‍රසන්න වේවි. බෙල්ලෙන් ඉහළට අසනීප පවතී. දුර ගමන් වලදී
අනතුරු වැනි දේ ඇතිවිය හැක.