කොටි හිතවාදී විදෙස්‌ගත ශ්‍රී ලාංකික
විශ්‍රාමිකයන්ට රජයෙන් රතු එළියක්‌!


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස්‌ රටවල සිට කටයුතු කරන කොටි හිතවාදී හිටපු රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප නතර කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව, ඉන්දියාව, කැනඩාව සහ බ්‍රිතාන්‍ය යන රටවල සිටින මෙම හිටපු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප ගෙවීම සඳහා වසරකට ඩොලර් මිලියන පහක්‌ වැයවන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය. මේ වනවිට හෙළිවී ඇති අන්දමට ඇතැම් පිරිස්‌ මියගොස්‌ ඇතත් ඔවුන්ගේ ඥතීහු එම විශ්‍රාම වැටුප ලබා ගනිති.

අධිකරණ සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු රාජ්‍ය නිලධාරින් දෙදෙනකුද කොටි උපදේශකයන් ලෙස කටයුතු කරන බව බුද්ධි අංශ විසින් රජයට දැනුම් දී ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔස්‌ටේ්‍රලියාවේ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වෙත යන අවස්‌ථාවේ ඒ මහතා වෙත ඔස්‌ටේ්‍රලියාවේ සිටින විශ්‍රාම වැටුප් ලබන ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ වාර්තාවක්‌ද ලැබී ඇත. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රටවල විශ්‍රාම වැටුප් ලබන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන වියදම් දීමනාව නතර කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.