අවුරුදු හතලිස්‌ දහසකට පෙර ලංකාවේ මිනිස්‌සු
ධීවරකම කළ හැටි


ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ගවේෂණයන්වල පැණෙනා මානව විද්‍යාත්මක අධ්‍යයනයන්හිදී සත්ත්ව පුරාවිද්‍යාවට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙම විෂය ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාවට විධිමත් ලෙස හ`දුන්වාදුන්නේ ආචාර්ය සිරාන් දැරණියගලයන් විසිනි.

පුරාවිද්‍යා කැණීම්වලින් මතුවන වසර ලක්‌ෂ ගණනක්‌ පැරණි සත්ත්ව අවශේෂ නිවැරදි නිරීක්‌ෂණයක්‌කොට හ`දුනාගෙන විශ්ලේෂණය කිරීම ඉතාම බැරෑරුම් ශාස්‌ත්‍රීය අභියෝගයකි. එබැවින් ඉතා පහසුවෙන් ජීර්ණය වන සියුම් ඇටකටු සහිත මත්ස්‍යයින් පිළිබ`ද ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යයනයන් කිරීම අතිශයින්ම සංකීර්ණ ව්‍යායාමයකි. මේ ප්‍රායෝගික සංකීර්ණතා නිසාම ලෝක මට්‌ටමේදී පවා ඒ විශ්ලේෂණයන් සඳහා විධිමත්වූ තීක්‌ෂණ ශාස්‌ත්‍රීය ක්‍රමවේදයන් තවමත් දියුණු වී නැත. මේ වටපිටාවේදී ලෝකයේ පැසසුමට ලක්‌වෙමින් ප්‍රාග් ඓතිහාසික මානව සන්දර්භ වලින් මතුවනා මත්ස්‍ය අවශේෂ ඇසුරින් ආකර්ෂණීය තොරතුරු පෙළගස්‌වා රසවත් කතාවක්‌ කීමට අපේ ප්‍රාග් ඓතිහාසික සත්ත්ව පුරාවිද්‍යාඥයෝ දෙපලක්‌ වන කැළුම් මනමේන්ද්‍රආරච්චි හා ජූඩ් පෙරේරා සමත්ව සිටිති. ප්‍රාග් ඓතිහාසික ධීවරයා පිළිබ`ද කියෑවෙන මේ ලිපිය පෙළගස්‌වන්නේ සත්ත්ව පුරාවිද්‍යාඥ ජූඩ් පෙරේරා සමග කළ සංවාදයක්‌ ඇසුරිනි.


මිනිස්‌සු මස්‌ මාළු කෑවේ බත් කන්නට සෑහෙන කාලයකට එපිට සිටය.

අවුරුදු ලක්‌ෂ හය හතකට පෙර ලෝකයේ ජීවත් වූ මිනිසාව හැඳින්වූයේ හෝමෝ ඉරෙක්‌ටස්‌ නමිනි. හෝමෝ ඉරෙක්‌ටස්‌ලා බත් කෑවේ නැත. කැලෑ අල, ගඩාගෙඩිවලට අමතරව ඔවුහු ඇති පදමට මස්‌ මාළු කෑහ.

හෝමෝ ඉරෙක්‌ටෙක්‌ස්‌ මිනිස්‌සු ගැන ලෝකයේ බොහෝ තැන්වලින් සාධක ලැබේ. නමුත් මේ වසර මැද වනතුරුත් හෝමෝ ඉරෙක්‌ටෙක්‌ස්‌ ගැන සාධක ලංකාවෙන් ලැබී නොතිබිණි. අවුරුදු ලක්‌ෂ හයකට පෙර ලංකාවේ සිටි හෝමෝ ඉරෙක්‌ටෙක්‌ස්‌ මානවයා පිළිබඳ තොරතුරු සොයාගැණුනේ මීට මාස කිහිපයකට එපිටදීය. ඒ අදින් වසර තිහකට පෙර, යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශය මගින් යාපනයේ මායක්‌කායි ප්‍රදේශයේ කළ ගවේෂණයකදී සොයාගත් ගල් ආයුධ ඇතුළු සාධක යළි අධ්‍යයනය කිරීමෙනි.

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ධීවරයා ගැන කියන්නට කලින් හෝමෝ ඉරෙක්‌ටස්‌ පිළිබ`දව කතාකරනු ලැබුවේ ලෝකයේ මුල්ම ධීවරයා ගැන සහේතුක සාධක සහිතව කියෑවෙන්නේ ඔවුන් සම්බන්ධ කරගනිමින් වන බැවිනි. චීනයේ චෞකෝඩියන් ගුහාවේ කළ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීමකදී හෝමෝ ඉරෙක්‌ටස්‌ විසින් කෑමට ගෙන ඉතිරි වූ සත්ව අවශේෂ අතර මාළු කටු තිබිණි. මෙය ලෝකයේ ධීවර මානවයා ගැන වූ ඉපැරණිම තොරතුරක්‌ වූයේය. ලංකාවේ හෝමෝ ඉරෙක්‌ටෙක්‌ස්‌ ගැනත්, අවුරුදු එක්‌ලක්‌ෂ විසිපන්දහසකට එපිට සිටි නූතන මානවයා වූ හෝමෝසේපියන්ස්‌ ගැනත් තොරතුරු ලැබුණද ඔවුන් ජීවත්වූ මායක්‌කායි, බුන්දල, පතිරාජාවෙල වැනි අධික ලවණ සහිත පස්‌ ස්‌ථරවල සිදුවනා ශීඝ්‍ර ජීර්ණ ක්‍රියාවලිය නිසා ඔවුන් භාවිතා කළ ගල් ආයුධ විනා කා බී ජීවත්වූ ආකාරය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ නැත.

කෙසේ වෙතත් අපේ රටේ සිටි ප්‍රාග් ඓතිහාසික ධීවරයා ගැන සිත්ගන්නාසුළු තොරතුරු ලැබෙන්නේ මීට අවුරුදු හතලිස්‌දහසකට පෙර අතීතයේ සිටය. මේ සාධක ලැබෙන්නට වූයේ ආචාර්ය සිරාන් දැරණියගලයන් ප්‍රමුඛ ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාඥයින් විසින් විශේෂයෙන්ම ගල්ලෙන්, ගල් පියෑසි හා එළිමහන් ස්‌ථානත්, ප්‍රාග්ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය තෙක්‌ දිවෙනා පල්ලෙමලල, ගොඩවාය, සහ මිණිඇතිලිය වැනි ප්‍රදේශවලත් සිදුකළ ශාස්‌ත්‍රීය පුරාවිද්‍යාත්මක කැණීම් මගින් සොයාගත් මානව පරිභෝජනයෙන් අනතුරුව ශේෂ වූ මිලියන ගණනක සත්ත්ව අවශේෂ අතරිනි.

ලෝකයේ කොඳුඇටපෙළක්‌ සහිත සතුන්ගේ විශාලම නියෝජනය ඇත්තේ මසුන්ටය. දළවශයෙන් ලෝකයේ නම්කර ඇති අස්‌ථික මසුන් විශේෂ ගණන විසිපන්දහස ඉක්‌මවායයි. මේ මාළුන් වැඩි ප්‍රමාණයක්‌ ඉන්නේ මුහුදේය. රට අවට ඉන්දියන් සාගරයේ අස්‌ථික මසුන් විශේෂ පන්සීයකට වැඩි ප්‍රමාණයක්‌ ජීවත්වෙති. රටේ ඇළ දොළ, ගංගා වැව් පොකුණුවල තවත් සීයකට අධික මිරිදිය මත්ස්‍ය විශේෂ ප්‍රමාණයක්‌ වෙසෙති.

මෙවැනි විචිත්‍ර විවිධත්වයක්‌ සහිත මත්ස්‍ය විශේෂවල අවුරුදු ලක්‌ෂ ගණනක්‌ තිස්‌සේ දිරාපත් නොවී පැවති සියුම් අවශේෂ හඳුනාගැනීමත් ඒවා විශ්ලේෂණය කිරීමත් සරල කටයුත්තක්‌ නොවේ. එම ශේෂ අතර වන්නේ මාළුන්ගේ කශේරුකා, ග්‍රසනිකා දත්, වරල් කණ්‌ඨක, හිස්‌ කබල් කොටස්‌ වැනි සාපේක්‌ෂව ශක්‌තිමත්, පහසුවෙන් දිරා නොයන අස්‌ථි කොටස්‌ පමණි.

අනෙක්‌ අතට ලෝකයේ මෙතෙක්‌ මේ විෂය බරසාර අවධානයකට යොමුවී නැත. එබැවින් ඒ සඳහා දියුණු තීක්‌ෂණ ශාස්‌ත්‍රීය ක්‍රමවේදයන් දියුණු වී නැත. මේ වටපිටාවේදී ලෝකයේ පැසසුමට ලක්‌වෙමින් ප්‍රාග්z ඓතිහාසික මානව සන්දර්භ වලින් මතුවනා මත්ස්‍ය අවශේෂ ඇසුරින් ආකර්ෂණීය තොරතුරු පෙළගස්‌වා රසවත් කතාවක්‌ කීමට අපේ ප්‍රාග් ඓතිහාසික සත්ත්ව පුරාවිද්‍යාඥයෝ සමත්ව සිටිති.

මේ පිරිස වර්ෂ 1980 සිට මේ දක්‌වා පුරා දශක තුනකට අධික කාලයක්‌ තිස්‌සේ මනා සංයමයකින් හා කැපවීමකින් යුතුව කළ සියුම් විශ්ලේෂණ ක්‍රියාවලියක්‌ මගින් පැහැදිලි වශයෙන් කරදිය හා මිරිදිය මත්ස්‍ය විශේෂ 15 කට අධික සංඛ්‍යාවක්‌ හඳුනාගත්හ. මෙම මත්ස්‍ය විශේෂ හමුවන්නේ අවුරුදු හතලිස්‌දහසේ සිට විවිධ කාලවකවානුවලදීය.

මේ තොරතුරුවලට අනුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ධීවරයා ගැන පැරණිම තොරතුරු ලැබෙන්නේ අදින් වසර හතලිස්‌දහසකට පෙරය. එම සාධක ලැබුණේ බුලත්සිංහල µdහියන් ලෙනෙහි කළ කැණිමෙනි. කැණීම සිදුවූයේ පසුගිය වසරේදීය. ඒ කාලයේ සිට විවිධ කාලවකවානුවල ලංකාවේ ජීවත්වූ මිනිසුන් විසින් ආහාරයට ගෙන ඉතිරි කළ මත්ස්‍ය අවශේෂ කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, අත්තනගොඩ අළුලෙන, අලවල පොත්ගුල් ලෙන, සීගිරිය අසල අලි ලෙන, පොතාන ලෙන සහ බෙල්ලන්බැඳිපැලැස්‌ස එළිමහන් ස්‌ථාන වැනි තැන්වලදී හමුවූයේය.

ධීවර කටයුත්ත ඒ කාලයේ සිටම බෙහෙවින්ම වැදගත් තැනක්‌ ගත්තේය. රට අභ්‍යන්තරයේ ලෙන්වල ජීවත්වූ මිනිස්‌සු මාළු ඇල්ලුහ. මාළුන් දඩයම් කරගෙන සිය වාසස්‌ථානවලට රැගෙනවිත් ආහාරයට ගෙන තිබුණහ. බොහෝවිට ඒ මිරිදිය මාළුය. වලයා, හුංගා, අංකුට්‌ටා, මගුරා, ලුලා, ගංආරා, ආඳා, ලෙහෙල්ලා, මස්‌පෙතියා යන මත්ස්‍ය වර්ග සුලභ විය. මේ කාලයේ අපේ ස්‌වභාවික ජලාශවල කිලෝ විසිපහකටත් අධික විශාලත්වයක්‌ සහිත ලෙහෙල්ලන් ඉඳ තිබිණි. ඔවුහු මේ මාලුන් අල්ලා පුළුස්‌සා තලාගෙන කෑමට ගත්හ.

නමුත් ඉතා කුතුහලය දනවනසුළු සොයාගැනීම මෙය නොවේ. මුහුදෙන් එපිට , බොහෝසෙයින් රට අභ්‍යන්තරයේ තිබූ සෑම ලෙනකින්ම පාහේ මුහුදේ වෙසෙන මත්ස්‍ය විශේෂ කිහිපයකට අයත් අවශේෂ හමුවීමය. පුදුම එළවනසුළු වන්නේ මේ මත්ස්‍ය අවශේෂ අතර අති දැවැන්ත මෝරුන්ගේ හා මඩුවන්ගේ සුන්බුන් තිබීමය. කිරිමෝරු, උදළුමෝරු, කොටිමෝරු, වැනි කිලෝ දහසකට වැඩි දැවැන්ත මෝරුන්ගේ දත් මේ අවශේෂ අතර විය.

මුලින්ම ලංකාවේ ප්‍රාග්ඓතිහාසික ලෙනකින් මෝරදත් සොයාගත්තේ වර්ෂ 1980 හා 84 කාලයේ බටදොඹලෙන කැණීම කළ ආචාර්ය දැරණියගලයන්ය. එහිදී කිරිමෝරදත් කීපයක්‌ සොයා ගැණුනි. 1986 දී ආචාර්ය ඩබ්ලියු. විෙ-පාලයන් µd හියන් ලෙන කැණීමේ දී විශාල ප්‍රමාණයේ කිරිමෝර දතක්‌ සොයා ගත්තේය. වර්ෂ 1990 දී මහාචාර්ය ගාමිණී අධිකාරි විසින් සීගිරිය අලිගල ගුහාවේ කළ කැණීමකදී විශාල කොටිමෝරෙකුගේ දතක්‌ද, 2008 පොත්ගුල්ලෙන කළ කැණීමේදී කිරිමෝර දතක්‌ද සොයා ගනු ලැබිණී. ඒ වසරේදීම µd හියන් ලෙනෙන් හමුවූ මාර්කෝ වර්ගයේ මෝර දත අනුව ඒ දත සහිත මෝරා කිලෝ 800 ත් 900 ත් අතර එකෙකු බව තහවුරු විය. අලිගලදී සොයාගත් කොටිමෝරා කිලෝ දහසකට වැඩිය. ආචාර්ය නිමල් පෙරේරා විසින් වර්ෂ 2005 දී බෙල්ලන්බැඳිපැලැස්‌සේ කළ කැණීමකදී අතිවිශාල ප්‍රමාණයේ උදළුමෝර දතක්‌ සොයාගෙන තිබිණි. කාලනිර්ණයට අනුව අවුරුදු 12500 ඉහත සිටි ධීවරයෙකු කිලෝ හාරසීයක පමණ බරක්‌ සහිත මේ උදළුමෝරා දඩයම් කළ බව අනුමාන කළ හැකි විය.

අවුරුදු හතලිස්‌දහසක සිට ජීවත්වූ මේ මිනිස්‌සු මේ දැවැන්ත මෝර දඩයම කළ ආකාරය විශ්මය දනවනසුළුය. මෝර දත් භාවිත කර තිබුණේ පළඳනාවන් ලෙසිනි. මෝරුන් හා ප්‍රාග්ඓතිහාසික මානවයාගේ අභිචාර විධි අතර සම්බන්ධයක්‌ තිබේද, මේ මිනිස්‌සුන් මෝර දඩයමක්‌ කළාද, මේ මෝරදත් වෙරළෙන් අසුලාගත් ඒවාද යන්න සම්බන්ධ කාරණා අධ්‍යයනය කළයුතු මාතෘකාවන් සේ ශේෂව පවතී. මෙහිදී සඳහන් කළයුතු ඉතා වැදගත් නිරීක්‌ෂණයක්‌ තිබේ. එනම් තවමත් නොදියුණු පරිසරයක සිටිනා එක්‌ අප්‍රිකානු ගෝත්‍රික කණ්‌ඩායමක්‌ මෝරුන් දඩයම් කරන ආකාරයයි. ඔවුහු කුඩා යාත්‍රාවෙන් මුහුදු ගොස්‌ තොන්ඩුව හා මුගුරක්‌ ආධාරයෙන් තවමත් මෝරු දඩයමේ යෙදෙති.

ප්‍රාග් ඓතිහාසික ධීවරයාගේ නිපුණතාවය ගැනත් ඔහු මත්ස්‍ය දඩයම සඳහා භාවිත කළ තාක්‌ෂණය ගැනත් ආකර්ෂණීය තොරතුරු ලැබෙන්නේ වෙරළ තීරයෙන් හමුවූ ගොඩවාය, මන්නාරම, මිනිඇතිලිය වැනි ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස වලය. ආචාර්ය දැරණියගලයන් හා මාර්තා ප්‍රිකට්‌ට අනුව මන්නාරම ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසය අවුරුදු 3800 පැරණිය. ගොඩවාය මෙන්ම මිනිඇතිලිය ද අවුරුදු හත්දහස දක්‌වා ඈත අතීතයට දිවෙන මානව ජනාවාසයන්ය. මේ සියලුම ජනාවාසවලින් අතිමහත් ප්‍රමාණයක මත්ස්‍ය අවශේෂ ලැබිණි. ඉතා වැඩිවශයෙන් මීවැටියන්ද, ගල්මාළු, ජීලාවා, අංගුලුවා, මුහුදුගිරවා, නොගැඹුරු දියේ වෙසෙන මත්ස්‍යයින් මෙන්ම තෝරා, වැලිමෝරා, මෝරා වැනි ගැඹුරුදියේ වෙසෙන මත්ස්‍යයින්ද ඔවුහු දඩයම් කළහ. ඒ සඳහා වූ තාක්‌ෂණයද ඔවුන් සතුව තිබිණි. කදිම උදාහරණය හුංගම මිනිඇතිලියෙන් හමුවූ අවුරුදු හත්දහසක්‌ පැරණි, සත්ත්ව කටුවකින් කළ බිලීකොක්‌කය. ධීවර කර්මාන්තය ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබුණ බව කියනා, දැනට දකුණු ආසියාවේ ඇති පැරණිම සාධකය මෙයය.

එමෙන්ම වසර තුන්දහස්‌ පන්සියයකට පෙර ගැඹුරු මුහුදේ කිමිදී ධීවර කර්මාන්තයේ යෙදීමද මේ මිනිස්‌සුන් ප්‍රගුණ කර තිබූ බවට සාධක ලැබිණි. ඉහත දැක්‌වූ හුංගම, මන්නාරම හා ගොඩවාය යන මානව ජනාවාස තුනෙහිම හමුවූ විශේෂ සාධකයක්‌ වූයේ හක්‌බෙල්ලන්ය. හක්‌ බෙල්ලන් ජීවත් වන්නේ වෙරළේ සිට මුහුදු සැතපුමක පමණ දුරින්, මුහුදු මට්‌ටමින් මීටර 15 ත් 20ත් අතර ගැඹුරු මුහුදේය. මියගිය හක්‌බෙල්ලෝ කවචයේ බරට මුහුදු පත්ලට කිඳාබසිති. එහෙත් ප්‍රාග් ඓතිහාසික මානවයා මේ හක්‌ බෙල්ලන් වාසස්‌ථානයට රැගෙනවිත් කවචය සිදුරුකර එහි මාංශ කොටස්‌ අනුභව කර තිබිණි. මේ දඩයම සඳහා කිමිදීම අනිවාර්යය. එසේනම් කිමිදීම සඳහා යැමට යම් යාත්‍රාවක්‌ තිබිය යුතුය. මේ අතීත මිනිස්‌සු යම් දුරකට සමුද්‍ර යාත්‍රණයේද යෙදී සිටි ඇති බව පෙනුණී.

කිමිදී කරනු ලබන මත්ස්‍ය දඩයම පිළිබ`ද ඉතාම කදිම සාධයක්‌ මේ සමගම ලැබේ. මුහුදු ගිරවා ලෙස නම් කළ කොලපැහැති අලංකාර මාළුවා ඇම නොකන මාළුවෙකි. ඌ ගල්පර ආශ්‍රිතව යම් ගැඹුරක ජීවත්වෙති. මුහුදු ගිරවා නමැති මත්ස්‍යයා අදත් දඩයම් කරන්නේ කිමිදී විදීමෙනි. නොඑසේනම් දැල් වලිනි. මෙම ජනාවාසවල මිනිස්‌සු මුහුදු ගිරවා දඩයම් කළහ. දැල් භාවිත කළ බවට කිසිදු සාක්‌ෂියක්‌ නොමැති හෙයින් මේ උදවිය මුහුදු ගිරවා දඩයම් කරන්නට ඇත්තේ කිමිදුම් ස`දහා ඇති හැකියාව ප්‍රගුණකළ නිසා බව සිතිය හැකිය.

අතීත මිනිස්‌සු මසුන් මැරූහ. ඒ පරිභෝජනයම මුල් කරගෙනය. එදාවේල පිරිමසාගෙන කුසගින්න නිවාගැනීම ස`දහාය. මිනිස්‌සු අදත් ධීවරකම් කරති. ඒ කුසගින්න නිවාගැනීමට අමතරව මේ සංකීර්ණ ලෝකයේ ඉහගසාගෙන ජීවත්වීම ස`දහාය. වඩා වැඩි අවදානමක්‌ ගෙන ගැඹුරු මුහුදේ කිමිදෙමින්, බිලීබාමින්, ගැඹුරු මුහුදේ මෝර දඩයමේ යෙදුනානම් ඒ ත්‍රාසජනක අත්දැකීම් ලබමින් ගංගා ඇළදොළ ජලාශවල හැසිරෙමින් මීට අවුරුදු හතලිස්‌ දහසකට පෙරසිටි මේ මිනිස්‌සු ධීවරකම් කළ ආකාරය පිළිබ`ද තවත් බොහෝ තොරතුරු ශේෂ වී තිබේ. ඒ විචිත්‍ර තොරතුරු අනාගතයේදී එළිදකිනා දියුණු තාක්‌ෂණික ක්‍රමවේදයන් ඔස්‌සේ විවරණය වී එළිදකිනු ඇත.

(සංවාදයක්‌ ඇසුරින් සැකසිනි.)

ජානක ලියනආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.