මෙරට ආරක්‍ෂාවට එරෙහි ඇමරිකානු රහස්‌ සැලසුම

* මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමරිකාවේදී
නඩු පැවරීම පසුපස ද්‍රවිඩ සන්ධානය

* ජපානයට රහස්‌ සපයන "ජුදාස්‌" කලබලයට හා කම්පනයට
පත්වී තම රහස්‌ වාර්තා පිටවන්නේ කෙසේද යෑයි සොයා බලයි

* ද්‍රවිඩ ප්‍රශ්න ගැන විමර්ශනය කළ හැකි දේශපාලන විශේෂඥයකු
අවශ්‍ය බව ඇමරිකානු තානාපති කාර්යාලය කියයි

* විදෙස්‌ සංවිධානයක ප්‍රධානියා චරපුරුෂයෙක්‌

* යාපනයේ සිවිල් සංවිධානවල "කොටි පුල්ලි"

* යාපනයේ අතුරුදන්වූවන්ගේ විරෝධතා පසුපස
සිවාජිලිංගම් හා කජෙන්ද්‍රන්

* නොබැඳි ජාතීන්ගේ සංවිධානයට එරෙහිව කණ්‌ඩායම්
ආරම්භ කිරීමට මෙරට හිටපු දේශපාලකයකු දැරූ උත්සාහය හෙළිවේ

* සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්යවරයා උතුරේ අබිරහස්‌ ක්‍රියාදාමයක

* ද්‍රවිඩ සන්ධානය මෙරට අභ්‍යන්තර කටයුතුවලට
ජාත්‍යන්තරව මැදිහත් කිරීමට උත්සාහ කරයි

* කොළඹ සාම වෙළෙන්දන් දෙදෙනකුගේ
වටමේස සාකච්ඡාවක්‌ ගැන තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌
යෑවූ රහස්‌ ලියවිල්ලකින් හෙළිවේ

* මෙරට අභ්‍යන්තර කටයුතුවලට ඇමරිකාවේ
"කාටර්" මධ්‍යස්‌ථානය මැදිහත් කිරීමට ද උත්සාහ කරලා

රට පුරා සාහසික ක්‍රියා සහ විනාශකාරී තත්ත්වයන් ඇතිවීමට
හේතුපාදක වූයේ ටුවිටර් සහ පේස්‌බුක්‌ වෙබ් අඩවියි
- බ්‍රිතාන්‍ය රජය

Twitter and face book for helping
to contribute to the cause of such mass
violence and destruction throughout
the country - British Govt)

සමාජ වෙබ් අඩවිවලට ආණ්‌ඩු පෙරළිය හැකිද? - පීටර් බියුබන්ට්‌
Can social networking overthrow a govt

චීන හමුදාවේ නියෝජ්‍ය මාණ්‌ඩලික ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරය නිසා එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු චීන භීතිකාවක්‌ පතුරුවති.
 

මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ පසුගිය සිකුරාදා ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇතුළත (inside the U.S. embassy) නමින් ක්‍රමවේදයක්‌ ආරම්භ කළාය. සමාජ වෙබ් අඩවි ආශ්‍රයෙන් මේ නව ක්‍රියාදාමය දියත් කළ බවත් මහජනතාව නඟන ප්‍රශ්නවලට තමා සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් ප්‍රතිචාර දක්‌වන බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව ඇය වෙත ප්‍රශ්න යොමු කළ යුත්තේ සමාජ වෙබ් අඩවි වූ පේස්‌ බුක්‌ සහ ටුවිටර් මගිනි.

මෙතෙක්‌ කල් නිහඬව සිටි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මේ සමාජ වෙබ් අඩවි මගින් මෙරට ජනතාව වෙත "අපෙන් ප්‍රශ්න අසන්න. අපි ඔබලාට ප්‍රතිචාර දක්‌වන්නෙමු"යෑයි ඉල්ලා සිටිමේ පසුබිම කුමක්‌ද යෑයි සිහිබුද්ධිය ඇති පිරිස්‌ මෙන්ම රජයත්, ආරක්‍ෂක අංශත් තේරුම්ගත යුතුව ඇත.

පැට්‌රිෂියා බුටේනිස්‌ වෙත ප්‍රශ්න යොමු කරන්නේ ගමේ ජනතාව නොව ඇමරිකානු තානාපති කාර්යාලයට තොරතුරු සපයන්නන්, කොටි හිතවාදී මාධ්‍ය, එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් සහ ආණ්‌ඩුව පෙරළා දැමීමට උත්සාහ කරන්නන් යන පාර්ශ්වයන්ය.

මේ පිරිස්‌ රම්බෝ නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන්ගේ හෝ ආර්නෝල්ඩ් ශ්වේසනගර් නළුවාගේ මීළඟ චිත්‍රපටය කුමක්‌දැයි හෝ ක්‌ලින්ට්‌ ඊස්‌ට්‌වුඩ් නළුවා තවමත් ගොපලු චිත්‍රපටවල රඟපාන්නේදැයි ඇමරිකානු තානාපතිනියගෙන් අසන්නේ නැත.

එසේම අල්ඛයිඩා නායක බින් ලාඩන්ව මරා දැමීමට ඇමරිකාවට අයිතියක්‌ තිබේද යනුවෙන් ද විමසන්නේ නැති බව පැහැදිලිය.

එසේ නම් මෙම පාර්ශ්වයන් ඇගෙන් විමසන්නේ ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇමරිකාව යුද අපරාධ චෝදනා නඟන්නේ කවදාද සහ ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රධානීන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යන්නේ කවදාද යන්නයි.

පැට්‌රිෂියා බුටේනිස්‌ මේ ඇමරිකානු අලුත්ම ක්‍රමවේදය (a new interactive
program) ආරම්භ කිරීමට පෙර 2010 දෙසැම්බර් මස තෝරාගත් පිරිසකට සමාජ මාධ්‍ය වැඩමුළුවක්‌ පවත්වා සම්මාන ප්‍රදානය කිරීමට ද ක්‍රියා කර තිබිණි. මේ වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ඇමරිකාවේ සිට කොළඹට කැඳවනු ලැබූ ශ්‍රී ලාංකිකයකු විසිනි. මෙහිදී ආරක්‍ෂක බුද්ධි අංශ විසින් විමර්ශනය කළ යුත්තේ පැට්‌රිෂියා බුටේනිස්‌ගේ මේ නව ක්‍රමවේදයේ ඉලක්‌කයයි. (TARGET)

මෙකී වැඩමුළුවට මෙරට මාධ්‍ය පාර්ශ්වයන් ද සහභාගි වී ඇත. ලිබියාව, ඊජිප්තුව සහ ටියුනීසියාවේ ආණ්‌ඩු පෙරළීමට සහාය වූයේද මෙකී සමාජ වෙබ් අඩවි ක්‍රමවේදයයි. ඊජිප්තු රජය මේ සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට ක්‍රියාකර තිබිණි. මෙම පසුබිම යටතේ පැට්‌රිෂියා බුටේනිස්‌ ප්‍රමුඛ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ අරමුණ ශ්‍රී ලංකාවේ ජනතාවට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇතුළත දැන ගැනීමට ඉඩ දීමද?

එහෙත් ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇතුළත සිදු වන්නේ කුමක්‌ද යෑයි අපි දන්නෙමු.

විකිලික්‌ස්‌ වෙබ් අඩවිය හෙළි කළ තොරතුරුවලට අනුව කොළඹ සිටි ඇමරිකානු තානාපතිවරු මෙරට දේශපාලන හා ආරක්‍ෂක තත්ත්වය සහ ආණ්‌ඩුවේ ක්‍රියා පිළිවෙත ගැන සතිපතා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත රහස්‌ සංදේශ යවා තිබූ බව අනාවරණය විය. ඒ සඳහා මෙරට ඇතැම් දේශපාලනඥයන් ද සම්බන්ධ වී තිබේ. මෙරට හිටපු ඇමරිකානු තානාපතිනි ඈෂ්ලි විල්ස්‌ විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවා තිබූ අංක 872 දරන රහස්‌ ලියවිල්ලෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට මෙතෙක්‌ හෙළි නොවූ රහසක්‌ හෙළිවී ඇත. ඒ නොබැඳි ජාතීන්ගේ සංවිධානය වැනසීම සඳහා මෙරට හිටපු දේශපාලනඥයකු විසින් ඇමරිකානු රජයට කළ යෝජනාවකි. ශ්‍රී ලංකාව ද ඇතුළත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට එරෙහිව මේ දේශපාලකයා විසින් ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායමක්‌ ආරම්භ කිරීමට යෝජනා කර ඇත. (That the
Govt of Sri Lanka was interested in
forming some sort of group that would
counter the non aligned mevement
(NAM)

නොබැඳි සංවිධානයට විරුද්ධව කණ්‌ඩායමක්‌ ආරම්භ කිරීමට යෝජනා කළ මේ දේශපාලකයා දක්‌වා ඇත්තේ එම සංවිධානය ඇමරිකානු පමණට වඩා ඇමරිකානු විරෝධී බවයි. මේ තත්ත්වය මත එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත නොබැඳි සංවිධානයට එරෙහි කණ්‌ඩායමක්‌ ආරම්භ කිරීමේ යෝජනාවක්‌ ප්‍රකාශයට පත් කිරීමට නියමිත වූ බවද හිටපු තානාපති ඈෂ්ලි විලිස්‌ සිය රහස්‌ ලියවිල්ලේ තවදුරටත් සඳහන් කර තිබිණි. Announce some
sort of formal proposal re a new
grouping at the U.N. Genaral
Assembly

යුගෝස්‌ලාවියාවේ මාෂල් ටිටෝගේ සිට කියුබාවේ පිදෙස්‌ කස්‌ත්‍රොa දක්‌වාත් මෙට හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය තෙක්‌ ද සම්බන්ධ වී ආරම්භ කළ නොබැඳි ජාතීන්ගේ සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වූ මේ ඇමරිකානු අනුගාමික දේශපාලනඥයා දැන් වත්මන් රජයට සම්බන්ධ වී සිටී.

මෙරට ජනතාව මැතිවරණ දෙකකින් ඔහුව පරාජය කිරීම ඔහුගේ දෛවයට එල්ලවූ සරදමක්‌ නොවේද? මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු ක්‍රියාත්මක වන අවස්‌ථාවේ ජපානයට රහස්‌ තොරතුරු යවන හිටපු රාජ්‍ය නිලධාරියා දැඩි ලෙස කලබලයට පත්වී ඇත.

පසුගිය සතියේ ආරක්‍ෂක විශේෂාංගයෙන් මේ හිටපු රාජ්‍ය නිලධාරියාගේ අබිරහස්‌ ක්‍රියාදාමයන් සාධක සහිතව හෙළි කළෙමු. ඔහුට අදාළ තවත් රහස්‌ ලියවිලි අප සතුව ඇත. මේ නිසා කම්පනයට පත්වූ එම රාජ්‍ය නිලධාරියා හෙවත් "ජුදාස්‌" තමන් සපයන අතිශයින් රහසිගත තොරතුරු අපට ලැබෙන මාර්ගයක්‌ සෙවීමට දැඩි උත්සාහයක්‌ ගෙන ඇත.

ව්‍යාජ නම්වලින් අපිව ඇමතූ ඇතැම් පිරිස්‌ අප පළ කළ තොරතුරුවලට අදාළ තොරතුරු ඇති බව පවසමින් පළ කළ මූලාශ්‍ර සැපයූ පිරිස්‌ කවුදැයි දැන ගැනීමට උත්සාහ කරනු ලැබීය.

මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව මෙම හිටපු රාජ්‍ය නිලධාරියා සේවය කරන ආයතනයේ ප්‍රධානියා ද චරපුරුෂයෙකි. ඔහු මෙන්ම හිටපු රාජ්‍ය නිලධාරියා ද විවිධ පිරිස්‌ සමග දැඩි සබඳකම් පවත්වයි. ඔවුන් අතර ආරක්‍ෂක හමුදා නිලධාරීන් ද වේ. අපි මොහු ගැන විමසිල්ලෙන් සිටිනවා යෑයි බුද්ධි නිලධාරියෙක්‌ පැවසීය. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මුහුණපෑවේ චරපුරුෂයන්ට හා ෙද්‍රdaහින්ටය.

වත්මන් ජනාධිපති හා ආරක්‍ෂක ලේකම් ද එවන් තත්ත්වයකට මුහුණදී සිටී. ඊශ්‍රායලයේ මෙවැනි සිද්ධියක්‌ ගගැන හෙළි වූයේ නම් මොසාඩ් බුද්ධිසේවාව විසින් ඊට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගනු නියතය.

දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවල ශ්‍රී ලංකාවට එරෙහි ව්‍යාපාරය අවසන් නැති බව අපි මෙයට පෙර අනතුරු ඇඟවූයෙමු.

විශ්‍රාම යැමෙන් පසුත් විදෙස්‌ රටක්‌ උදෙසා අතිශයින්ම රහසිගත වාර්තා යෑවීම රාජ්‍ය විරෝධී ක්‍රියාවක්‌ නොවේද?

මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහි තොරතුරු යවන හිටපු රාජ්‍ය නිලධාරියා කොතරම් උත්සාහ කළත් අපට තොරතුරු සැපයෙන මාර්ගයක්‌ සොයා ගැනීමට නොහැකිවී ඇත. මේ ප්‍රභාකරන්ට හා ජපානයට රහස්‌ සපයන ජුදාස්‌ට ද වැරදුනි. අප කටයුතු කරන්නේ සෝවියට්‌දේශය පැවැති සමයේ අතිශයින්ම බලවත් වූ කේ.ජී.බී. බුද්ධි සේවා ක්‍රමවේදය මතයි.

මෙහිදී අපට කණගාටුවක්‌ද ඇතිවේ. ඒ ඔහුගේ කොටි මිතුරන් වළපල්ලට යැමයි. වත්මන් ජනාධිපතිවරයා ජය ලැබීමෙන් පසු ලන්ඩන් නුවරට පැනගියේ ද මොහුයි. මොහු ගමන් කළ රථයේ අංකය ද අපි දනිමු. අප කළ මෙම හෙළිදරව්ව නිසා ජපන් තානාපති කාර්යාලයට ද කටඋත්තර නැති විය. ජපානයේ ද අකිරා කුරුසෙව් නම් සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු විය. ඔහු තම රට ගැන මිසක්‌ වෙනත් රටවල් ගැන ඔත්තු බැලුවේ නැත. එහෙත් ජපන් රජයට අනුබද්ධ සංවිධානයක්‌ ශ්‍රී ලංකාව ගැන චරපුරුෂ සේවාවේ යෙදෙන්නේ මන්ද?

මේ අතර චීන යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්‌ඩලික ප්‍රධානි ජනරාල් මාසියොං ඇතුළු හමුදා නිලධාරීහු පිරිසක්‌ මෙම සතියේදී මෙරටට පැමිණුනි. ඒ සමගම මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු චීන භීතිකාවක්‌ දියත් කර තිබේ.

වන්නි මෙහෙයුම යටතේ අපේ මිත්‍රශීලී අසල්වැසියා වූ ඉන්දියාව අහක බලද්දී ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය මිසයිල හා යුද රථ සැපයුවේ චීනයයි. කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීම සඳහා විගස අවශ්‍ය උපාංග සැපයීම නිසා ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යන රටවල් විසින් මෙරටට ආයුධ සැපයීම නොකරන බවට දියත් කළ සැලසුම අසාර්ථක විය.

චීන රජය විසින් ශ්‍රී ලංකාවට අවි ආයුධ සැපයීම සම්බන්ධයෙන් කොළඹ ද්‍රවිඩ දේශපාලකයකු උරන වී මෙරට චීන තානාපති හමුවී ආයුධ සැපයුම නතර කිරීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ වුණි. චීන හමුදා ප්‍රධානීන්ගේ ශ්‍රී ලංකා සංචාරය කොටි වෙබ් අඩවි මෙහෙයවන්නන්ට බරපතළ ප්‍රශ්නයක්‌ විය. චීනය විසින් ෂිෂෙල්ස්‌ දූපතේ නාවික කඳවුරක්‌ ස්‌ථානගත කිරීමට සැලසුම් කරන බව පවසමින් ඔවුහු ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය.

මේ පසුබිම යටතේ පසුගිය අඟහරුවාදා යාපනයේ උදයන් ලැඟුම් නිවාසයේදී "කොටි පුල්ලි" ප්‍රදර්ශනය විය. සිවිල් සංවිධාන යෑයි හඳුන්වා ගත් පිරිසක්‌ මෙම ස්‌ථානයට පැමිණ අත්සන් 75 කින් යුත් පිටු හතක සංදේaශයක්‌ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා වෙත භාරදී තිබේ.

මෙම අවස්‌ථාවට උතුරේ කොටි හිතවාදී මාධ්‍ය පාර්ශ්වයන් ද පැමිණ ඇත. ඔවුන්ව ගෙන ආවේද සිවිල් සංවිධාන කණ්‌ඩායමයි.

ද්‍රවිඩ මාධ්‍ය විසින් ද්‍රවිඩ සන්ධානයේ කටයුතු අවුල් කරන බව මාවයි සේනාධිරාජා විසින් පැවසීම නිසා මාධ්‍ය පාර්ශ්ව සමග වචන හුවමාරුවක්‌ සිදුවී ඇත.

මේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු යෑයි හඳුන්වන කණ්‌ඩායම මාවයි සේනාධිරාජාට දී ඇති සංදේශයේ දක්‌වා ඇත්තේ උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම, පොලිස්‌ සහ ඉඩම් බලතල නොදෙන්නේ නම් ද්‍රවිඩ සන්ධාන රජය සමග සාකච්ඡා කිරීම ඵලක්‌ නැතැයි ද, ශ්‍රී ලංකාවේ සිංහල හා ද්‍රවිඩ ජනතාවට සහජීවනයෙන් වාසය කිරීමට හැක්‌කේ ස්‌වයංපාලනය මත යන්නයි.

එසේම එම සංදේශයෙන් කියා සිටින්නේ 13 වැනි සංශෝධනයටත් වඩා බලතල උතුර නැගෙනහිරට අවශ්‍ය බවයි. මෙවන් තත්ත්වයක්‌ මැද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ තවත් ක්‍රියාදාමයක්‌ අනාවරණය වේ. ඒ මෙරට දේශපාලනය, දේශපාලකයා සහ පුද්ගලයන් සහ සිවිල් සංවිධාන ගැන දැනීමක්‌ ඇති අයකු ද්‍රවිඩ කරුණු සම්බන්ධව දේශපාලන විශේෂඥයකු ලෙස බඳවා ගැනිමට සැලසුම් කිරීමයි. (Political specialists for Tamil Issues) රුපියල් ලක්‍ෂයකට අධික වැටුපකට බඳවා ගන්නා මේ දේශපාලන විශේෂඥයාට පැවරී ඇති කාර්යභාරය වන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශය වෙත තොරතුරු රැස්‌ කර වාර්තාවක්‌ සැපයීමයි.

(Candidate should have a sound
knowledge of political and civil
society and personalities)

ඇමරිකානු රජය මෙරට ද්‍රවිඩ කරුණු ගැන දේශපාලන විශේෂඥයක බඳවා ගැනීමට තීරණය කිරීමත් සමාජ වෙබ් අඩවි ක්‍රමවේදය ආරම්භ කිරීමත් තුළින් ඇමරිකානුවන් සැලසුම් කරන්නේ කුමක්‌ද යන්න තේරුම් ගැනීමට අපහසු නැත.

ඇමරිකාවේ ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට රතු ඉන්දියානුවන්ට බලපාන කරුණු ගැන සෙවීමට දේශපාලන විශේෂඥයකු පත් කර නැත්නම් පැට්‌රිෂියා බුටේනිස්‌ට සියයට 12 ක්‌වූ ද්‍රවිඩ ජනතාව ගැන ඇති රුදාව කුමක්‌ද?

මේ අතර මුල්වරට හිටපු කොටි නිලධාරියකු ලන්ඩන් නුවරදී ප්‍රකාශයක්‌ කරමින් පලායැමට තැත් කළ සිවිල් වැසියන්ට කොටි වෙබ් තබා මැරූ බවත් එක්‌ දිනක පුහුණුව ලත් තරුණයන්ව යුද පෙරමුණට යෑවීමට කොටි ක්‍රියා කළ බවත් පවසා ඇත.

"අවුරුදු 14 සිට 55 ක්‌ දක්‌වා වූ පිරිස්‌ යුද්ධයට යෑවීමට කොටි ක්‍රියා කළා, කොටි යුද අපරාධ කෙරුවා, කොටි පාලන ප්‍රදේශයෙන් පලායැමට තැත් කළ සිවිල් වැසියන්ට වෙඩි තැබුවා. එසේම කොටි තමන්ගේ ආරක්‍ෂාවට සිවිල් වැසියන් 300,000 ක්‌ රඳවා ගත්තා යෑයි ඔහු පවසා ඇත. එහෙත් ඇමරිකානු රජය මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ හෝ රාජ්‍ය නොවන සංවිධාන එම ප්‍රකාශය කෙරේ නිහඬතාව පළ කර තිබේ.

අතුරුදන්වූවන්ගේ ඥතීහු පිරිසක්‌ මේ සතියේදී යාපනයේ බස්‌නැවතුම්පළ ඉදිරියේදී විරෝධතාවක්‌ පැවැති අතර ඊට ප්‍රභාකරන්ගේ ඥතියකු වූ සිවාජිලිංගම්, හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කෙ-න්ද්‍රන්, විනයමුර්ති හා මාවයි සේනාධිරාජා ද සම්බන්ධ විය.

මේ විරෝධතාවට එක්‌වීම සඳහා කොළඹින් ද සුළු පිරිසක්‌ යාපනයට පැමිණ සිටි බව හෙළිවිය. මේ අතර යුරෝපා පාර්ලිමේන්තුවේ බ්‍රිතාන්‍ය මන්ත්‍රී රිචඩ් හොවසිට්‌ ඇතුළු පිරිසක්‌ මෙරටට පැමිණ උතුරේ සංචාරයක නිරත විය. රිචඩ් හොවසිට්‌ ලන්ඩන් නුවරට යැමෙන් පසු කොටි රූකඩය වූ බීබීසීයේ සන්දේශය අමතා පවසා ඇත්තේ උතුරු කලාපයේ සමූහ මිනීවළවල් තිබෙන බවයි.

මෙවන් පසුබිමක්‌ යටතේ අමාත්‍ය ජී. එල්. පීරිස්‌ ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාව ස්‌වෛරී රාජ්‍යයක්‌ බවත් ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීමට ජාත්‍යන්තරය ඉඩ දෙන්නේ නැතැයි කියා සිටියේය.

අමාත්‍ය පීරිස්‌ගේ මේ ප්‍රකාශය නිසා කොළඹ එන්.ජී.ඕ. ප්‍රධානීන් ද්‍රවිඩ සන්ධානය සහ ඩොලර් මත යෑපෙන මානව හිමිකම් හඬනඟන්නන්ගේ උත්සාහය ව්‍යාර්ථ විය. එසේම දරුස්‌මාන් වාර්තාව පිළිගන්නේ නැතැයි ද රජය පළ කළේය.

මේ නිසා දරුස්‌මාන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ වාර්තාවන් සැපයූ ත්‍රිපුද්ගල කණ්‌ඩායම ශ්‍රී ලංකාවට ගෙනඒම සඳහා සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්යවරයා දැරූ උත්සාහය ද අසාර්ථක වී තිබේ.

එසේ වුවත් යාපනය හා උතුරේ ආරක්‍ෂක බලධාරීහු උතුරට පැමිණ නිදහස්‌ වී ඇත. හිටපු කොටි සමග සාකච්ඡා කරන මේ ව්‍යාජ යුද මහාචාර්යගෙන් ප්‍රවේසම් විය යුතුව ඇත. හමුදා නිලධාරීහු බොහෝ දෙනෙක්‌ මොහුගේ සැබෑ අතීතය නොදනී. වසා දමනු ලැබූ ඉංගී්‍රසි පුවත්පතක සීගිරි අප්සරාවන් ගැන ලියූ මේ ව්‍යාජ යුද මහාචාර්යගේ මුළු අතීතයම අපි දන්නෙමු. කොටි පරාජයවීමත් සමගම මෙරටට පැමිණි මොහු දැන් ආරක්‍ෂක අංශවලට සමීප වී විශාල රැවටීමක යෙදී සිටී.

වන්නි දිස්‌ත්‍රික්‌කයේ මන්ත්‍රී මනෝ නෝගරදලිංගම් නමැත්තා ද මේ සතියේ ප්‍රකාශයක්‌ කරමින් "තාලිබාන් ක්‍රමවේදය" උතුරේ ඇති කිරීමට උත්සාහ කර ඇත. රජය වන්නි දිස්‌ත්‍රික්‌කයේ රූ රැජින තරග පැවැත්වීමට සූදානම් කරන බවත් එවන් ක්‍රියාදාමයන්ගෙන් සංස්‌කෘතියට හානියක්‌ සිදුවන බවත් ඔහු පවසා තිබේ.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ලන්ඩන් සහ මුරුසියට ගොස්‌ දියත් කළ රහස්‌ සැලසුමක තොරතුරු මේ සතියේදී අනාවරණය විය. ඒ රමේෂ් නමැති කොටි ඝාතකයා වෙනුවෙන් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නඩුව ගොනු කළ අලි බේදුන් නමැති නීතිවේදියා විසින් එම සැලසුම හෙළි කිරීමයි. තමා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම සමග සාකච්ඡා කළ බව අලිබේදුන් විසින් හෙළි කර ඇත.

මේ අතර 2009 දෙසැම්බර් 1 වැනිදා මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත රහස්‌ සංදේශයක්‌ යවා ඇත. මේ රහස්‌ සංදේශයේ දක්‌වා තිබුණේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ජාතික සාම මණ්‌ඩලය, කොළඹ විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ මහාචාර්යවරයකු සහ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු එක්‌වී පැවැත්වූ වටමේස සාකච්ඡාවයි. ජාත්‍යන්තර මැතිවරණ නිරීක්‍ෂකයන්ගේ අවශ්‍යතාවයත් ඇමරිකාවේ කාටර් මධ්‍යස්‌ථානයේ ක්‍රියාදාමය ලබාගැනීම හා බලය විමධ්‍යගත කිරීම යන කරුණු ගැන මොවුහු සාකච්ඡා පවත්වා ඇත. (Thegroup emphasi'ed the need for
electoral reform and international
election observers and mentioned a
possible Role for the carter Center)

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් මේ සාම වෙළෙන්දන් දෙදෙනා මෙරට දේශපාලනය ගැන තීරණය කිරීමට කවුද යන්නයි. එසේම මේ වටමේස සාකච්ඡාවේ තොරතුරු පැට්‌රිෂියා බුටේනිස්‌ දැන ගැනීමට ලැබීමෙන් සාම වෙළෙන්දන්ගේ සැබෑ "හාම්පුතුන්" කවුදැයි සනාථවේ.

කීර්ති වර්ණකුලසූරිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.