ඩිමෝ සමාගමට රන් සම්මාන

සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (DIMO) මෑතකදී පැවැත්වුණු National Business Excellence Awards 2011 දී සමස්‌ත රන් පදක්‌කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරික සංස්‌ථාවන් අතරින් විශිෂ්ටතම ලෙස පිළිගැනීමට පාත්‍ර විය. ජාතික වෙළෙඳ හා වාණිජ මණ්‌ඩලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන National Business Excellence Awards ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ඉහළ තලයක සිටින, රටේ ආර්ථික උන්නතියට දායකත්වය සපයන ව්‍යාපාරයන් ඇගයීමට ලක්‌ කෙරෙන සම්මාන ප්‍රදානෝත්සවයකි.

ඩිමෝ එහිදි පැවැති වෙනත් අංශ හතරක්‌ වෙනුවෙන්ද සම්මාන දිනා ගැනීමට සමත් විය. ඒ අනුව සමස්‌තයක්‌ ලෙසගත් කල වැඩිම රන් පදක්‌කම් ප්‍රමාණයක්‌ හා වැඩිම පදක්‌කම් ප්‍රමාණයක්‌ දිනා ගත්තේද ඩිමෝ විසිනි. ඔවුන් රන් පදක්‌කම් දිනා ගනු ලැබුවේ විශිෂ්ටතම මූල්‍ය හා ව්‍යාපාරික දස්‌කම් දැක්‌වීම. විශිෂ්ටතම කාර්ය කළමනාකරණ ක්‍රියාකාරීත්වය විවිධාංගීකරණය වූ ව්‍යාපාර ක්‍ෂේත්‍ර හා දැවැන්තම ව්‍යාපාර කාණ්‌ඩයන් සඳහා යන අංශ යටතේය.

National Business Excellence Awards 2011 හිදී රංජිත් පණ්‌ඩිතගේ මහතා සමස්‌ත රන් පදක්‌කම්ලාභියාට හිමි සම්මානය ඩිමෝ වෙනුවෙන් ජාතික වෙළෙඳ හා වාණිජ මණ්‌ඩලයෙහි සභාපති අසෝක හෙට්‌ටිගොඩ මහතා අතින් ලබාගත් අවස්‌ථාව ඡායාරූපයෙන් දැක්‌වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.