නව විලාසිතා එකතුවකින්
ප්‍රිනීතා ෆැෂන්ස්‌ උත්සව සමයට අලුත් වෙයි

මෙම උත්සව සමයේ සුවිශේෂී පෙනුමක්‌ ලබා ගන්නට ඕනෑම උත්සව අවස්‌ථාවකට ගැලපෙන කාන්තා විලාසිතා එකතුවක්‌ ප්‍රනීතා ෆැෂන්ස්‌ වෙතින් ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙත හඳුන්වාදී ඇත. නවීකරණය කරන ලද ගොඩනැගිල්ලෙන් ආකර්ෂණීය පෙනුමක්‌ ලැබී ඇති අතර ගොඩනැගිල්ලේ ඉදිරිපස නවතම මෝස්‌තර සහිත සාරි සහ බටහිර ඇඳුම් ප්‍රදර්ශනය වන පරිදි නිමවා ඇත. සාරිවලට අමතරව කුර්තා, ඇඳුම්, පාවහන් හා හෑන්ඩ් බෑග් සඳහා සකසා ඇති තට්‌ටු තුනක ප්‍රදර්ශනාගාරයකින් යුතුය. මෙම උත්සව සමයේ ප්‍රදර්ශනාගාරයට පැමිණෙන පාරිභෝගිකයන්ට ප්‍රිනීතා ෆැෂන්ස්‌ වෙතින් 10% හා 20% සුවිශේෂී වට්‌ටමක්‌ ලබාගත හැකිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.