"අර්ත් එසන්ස්‌ ගැලරි" කොළඹදී විවෘත වේ

ශාක සාර සෞඛ්‍ය හා ස්‌ව සත්කාරක නිෂ්පාදන වෙළෙඳපොළ ප්‍රමුඛතම සමාගමක්‌ වන ලින්ක්‌ නැචුරල් ප්‍රොඩක්‌ට්‌ස්‌ ඔවුන්ගේ නවතම නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය "අර්ත් එසන්ස්‌ ගැලරි" නමින් දෙසැම්බර් 08 වැනි දින කො. 04, ඩීල් පෙදෙසේදී ආරම්භ කරන ලදී. උත්කර්ශවත් ලෙස පැවැති මෙම විවෘත කිරීමේ උත්සවයට සුප්‍රසිද්ධ ප්‍රභූවරුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, අර්ත් එසන්ස්‌ පාරිභෝගික මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක සහභාගීත්වය දක්‌නට ලැබිණි. මෙම නවතම ප්‍රදර්ශනාගාරාය තුළින් අර්ත් එසන්ස්‌ පාරිභෝගිකයන්ට නවතම නිෂ්පාදන රැසක්‌ හඳුන්වාදීම සිදු වේ.

සුන්දර නිරෝගී සමක්‌ සඳහා වූ අර්ත් එසන්ස්‌ ස්‌කින් කෙයා නිෂ්පාදන අතර මුහුණේ සමට ගැලපෙන සේ විශේෂයෙන් සැකසූ ශාකසාර අඩංගු ක්‌ලෙන්සර්, ටෝනර්, ස්‌ක්‍රබ්, මාස්‌ක්‌ මෙන්ම සමෙහි වියළි බව වළකා, තෙතමනය සුරැකීමට සැකසූ ක්‍රීම් හා තොල් ආලේපන වලින්ද සමන්විත වේ.

අර්ත් එසන්ස්‌ බාත් ඇන්ඩ් බොඩි කෙයා නිෂ්පාදන සමූහය අතර ශැම්පු, කන්ඩිෂනර්, බාත් ඔයිල්, බාත් සෝල්ට්‌ හා බොඩි ලෝෂන් ප්‍රමුඛත්වයක්‌ ගනී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.