ලස්‌සන ෆ්ලොරා
නව ශාඛාව මහනුවරට


ලස්‌සන දේශීය මල් පිළිබඳ නමක්‌ දිනාගත් ලස්‌සන ෆ්ලෝරා (පෞද්.) ආයතනය සිය නවතම ශාඛාව මහනුවර නගර මධ්‍යයේ විවෘත කළේය.

මහනුවර සිටි සෙන්ටර් වෙළෙඳ සංකීර්ණයේදී දැකුම්කළු පරිසරයක මහනුවර ශාඛාව විවෘත වුණු අවස්‌ථාවට සුවිශේෂී පිරිසක්‌ ද සහභාගි වූහ.

පියකරුවලින් පිරුණු බදුන් තුළ තැන්පත් කළ පහන්සිළු රැසක්‌ දල්වා ලස්‌සන ෆ්ලෝරා ආයතනයේ ප්‍රධානි වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා සහ ජනප්‍රිය සිනමා හා රූපවාහිනී නිළි අනුෂා දමයන්ති මහත්මිය විසින් විවෘත කරන ලදී. සොබා සෞන්දර්යයෙන් අලංකාරවත් බවට ලෝපතලට කීර්ති නාමයක්‌ ලබාගත් ඓතිහාසික සෙංකඩගල පුරයේ අලංකාරය තවත් ඉහළ නැංවීමට සමත් වූ ලස්‌සන ෆ්ලෝරා (පෞද්) ආයතනයේ ප්‍රදර්ශනාගාරය මහනුවර හා තදාසන්න ප්‍රදේශයේ උත්සව සංවිධායකයන්ගේ අපේක්‍ෂා ඉටු කිරීමට සමත්වී තිබේ.

එමෙන්ම මහනුවර අවට කඳුකරයේ මල් වගා කිරීමේ නිරත වූවන්ට මහඟු සම්පතක්‌ ද වී ඇත. විවිධ උත්සව අවස්‌ථාවන් අලංකරණය කිරීමේ නිරත කලාකරුවන් මල් වැවීමේ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක්‌ මල් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ කලා මංගල්‍යයට සහභාගි වී සිටියහ. පුෂ්පික හිමදුවගේ මහතා ශාඛා ප්‍රදර්ශනාගාරය භාරව කටයුතු කරයි. සිරිල් විමලසුරේන්ද්‍ර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.