සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ සමාගම 3 වැනි වරටත්
ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව රන් සම්මානයෙන් පිදුම් ලබයි

රක්‌ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ සමාගම ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී රක්‌ෂණ ක්‍ෂේත්‍රය සඳහා පිරිනමන රන් සම්මානයෙන් 3 වන වරටත් පිදුම් ලබා ඇත. ව්‍යාපාරික ආයතනයන් එම ක්‍ෂේත්‍රයන් තුළ ලබා ඇති විශිෂ්ටත්වය හා සාර්ථකත්වය අගය කිරිම වෙනුවෙන් ජාතික වෙළෙඳ හා වානිජ මණ්‌ඩලය විසින් 8 වන වරට මෙම සම්මාන උළෙල පවත්වන ලදී. මෙම සම්මාන පිරිනැමීමේදී ව්‍යාපාරික ක්‍ෂේත්‍රයන් තුළ ලබා ඇති නිපුනත්වය, රටේ සමාජීය හා ආර්ථික සංවර්ධනයට දායකවී ඇති ආකාරය හා ආයතනය සාර්ථක ලෙස පවත්වාගෙන යැමට උපයෝගී කර ඇති ව්‍යාපාරික විඥනය වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇත.

සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ සමාගම 2012 වසර සඳහා වාරික ආදායම ලෙස රුපියල් බිලියන 18.2 වාර්තා කරමින් නොකඩවා 7 වන වරටත් එම ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා විය. එමෙන්ම 2011 වසරේද 3 වන කාර්තුව සඳහා වාරික ආදායම ලෙස රුපියල් බිලියන 14.7 වාර්තා කරමින් 8 වන වරටත් රක්‌ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ඉදිරියට යැමට හැකිවී ඇත. 2011 වසරේ 3 වන කාර්තුව සඳහා වාරික ආදායම රුපියල් බිලියන 7.5 ක ට වඩා අගයක්‌ සාමාන්‍ය රක්‌ෂණ අංශයෙන් පමණක්‌ උපයා ඇති අතර මේ වන විට VIP වෙළඳ නාමය රථ වාහන රක්‌ෂණ අංශයේ ඉතා විශිෂ්ට වූ වෙළෙඳ නාමයක්‌ බවටද පත්වී ඇත.

ආයතනය ලැබූ මෙම සාර්ථකත්වය පිළිබඳව අදහස්‌ දැක්‌වූ සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කළමනාකාර අධ්‍යක්‍ෂ අජිත් ගුණවර්ධන මහතා "පාරිභෝගිකයන් හා කොටස්‌කරුවන් අප කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසයත් අප සේවක මඬුල්ලගේ කාර්යක්‍ෂමතාවය හා දැඩි කැපවීම අප ලැබූ මෙම සාර්ථකත්වය පිටුපස සිටිනවා. අපි හැමවිටම අපේ පාරිභෝගිකයන්ව හොඳින් හඳුනාගෙන ඔවුන් සමග එක්‌වී කටයුතු කරනවා. ඔවුන්ව සෑහීමකට පත් කිරීම අපේ මූලික වගකීමක්‌ වන බැවින් බලාපොරොත්තු වන සේවයට වඩා වැඩි සේවාවක්‌ ලබාදීමට අපි හැමවිටම ක්‍රියාකරනවා. මෙම සාර්ථකත්වය සඳහා අප භාවිතා කළ කළමනාකරණ මූලධර්මද දායක වූ බව ඒ මහතා කියා සිටියේය. පසුගිය වසර 4 ඇතුළත නොකඩවා වසර 3 ක්‌ ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව රන් සම්මානයෙන් පිදුම් ලැබීම රක්‌ෂණ ක්‍ෂේත්‍රයේ අප ලබා ඇති සාර්ථකත්වය මනාව පිළිබිඹු වන බවද ගුණවර්ධන මහතා තවදුරටත් පැවසීය." පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනාගෙන ඒ අනුව නියමිත වේලාවට තම සේවාවන් සැපයීමට සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ සමාගමේ සාමාන්‍ය අංශ නිරන්තරයෙන්ම ඇප කැපවේ. සැම විටම රක්‌ෂණ ක්‍ෂේත්‍රයට නව සේවාවන් හඳුන්වාදෙන සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ සමාගම 2011 වසරේ රථ වාහන සඳහා යාන්ත්‍රික උපාංග සඳහා වූ වගකීම් රක්‌ෂණයද (Warranty) හඳුන්වා දුන්නේය. මෙම රක්‌ෂණ ක්‍රමය මගින් ලියාපදිංචි නොකළ (Reconditioned) වාහන සඳහා මිලදී ගෙන වසරක්‌ ඇතුළත අදාළ උපාංගයන්හි මතුවන නිෂ්පාදන දෝෂ යථා තත්ත්වයට පත් කිරීමට මුදල් ගෙවන අතර නවතම වාහන (Brand New) සඳහා නිෂ්පාදිත ආයතනය ලබා දෙන වගකීමට අමතරව වසර 2 ක්‌ යාන්ත්‍රික උපාංග සඳහා වගකීම් සහතිකයක්‌ ලබාදෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.