බ්‍රැන්ඩික්‌ස්‌ උතුරු මැද පළාතේ
පවුල් 400 කට ජල පෙරණ ලබාදෙයි


දෙසැම්බර් 6 වැනිදා සිට 12 වැනිදා දක්‌වා නම් කළ ජාතික ජල සුරක්‍ෂිතතා සතිය වෙනුවෙන් උතුරු මැද පළාතේ ජීවත් වන පවුල් සඳහා අවම නඩත්තුවක්‌ සහිත ෆ්ලෝරයිඩ් ජල පෙරණයන් 400 ක්‌ බෙදා දීමට ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයන සමාගම වන බ්‍රැන්ඩික්‌ස්‌ ඉදිරිපත් වී ඇත.

මෙම පරිත්‍යාගයට පෙර බ්‍රැන්ඩික්‌ස්‌ සමූහය විසින් මෙම පළාත මුල් කර ගනිමින් සෞඛ්‍ය හා ජලය පිsළිබඳ සායන ගණනාවක්‌ පැවැත්වූ අතර එහිදී පානීය ජලයේ ගුණාත්මක තත්ත්වය බාල වීම නිසා වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවදානම ඉහළ මට්‌ටමක පවතින පවුල් හඳුනා ගන්නා ලදී. බ්‍රැන්ඩික්‌ස්‌ සමාජ සත්කාර අංශය විසින් පසුගිය මාස දෙකහමාරක කාලය තුළ අනුරාධපුර, පොළොන්නරුව, ගිරිතලේ යන ප්‍රදේශ ආශ්‍රිතව සංවිධානය කළ සායන තුළදී පවුල් 1500 කගේ පමණ රුධිර පරීක්‍ෂාවන් සහ ඔවුන් බීමට ගන්නා ජලය පරීක්‍ෂණයට භාජන කළ අතර මෙම වැඩසටහන තවදුරටත් පවත්වාගෙන යමින් ඉදිරි මාසවලදී මේ හා සමාන පිරිසකට සෙත සැලසීමට සමූහය අපේක්‍ෂා කරන බවද පවසා සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.