LOLC මයික්‍රෝ ක්‍රෙඩිට්‌ වෙතින්
ශිෂ්‍යත්වයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසු සිසුවියන්ට උපහාර



LOLC සමූහයේ ක්‌ෂුද්‍ර මූල්‍ය සමාගම වන LOLC මයික්‍රෝ ක්‍රෙඩිට්‌ මගින් සිය "ඉසුරු දිරිය සිසු උපහාර ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන" සාර්ථකව සම්පූර්ණ කරන ලද්දේ ඊයේ පැවැති විචිත්‍රවත් උත්සවයකිනි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

LOLC ඉසුරු දිරිය සිසු උපහාර වැඩසටහන යටතේ මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්‌කම් දැක්‌වූ සිසු සිසුවියන්ට උපහාර පුදන ලද්දේ අඛණ්‌ඩව දෙවැනි වසරටයි. මෙහිදී උපහාර තිළිණ ලැබූ දරු දැරියන් LOLC මයික්‍රෝ ක්‍රෙඩිට්‌ සමූහයෙන් ප්‍රතිලාභ ලැබූ ග්‍රාමීය, බිම් මට්‌ටමේ ගනුදෙනුකරුවන්ගේ දරුවන් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා 5 වසර ශිෂ්‍යත්වයෙන් දස්‌කම් දැක්‌වූ සිසුවියකුට උපහාර තිළිණ පිරිනැමු අයුරු ඡායාරුපයෙන් දැක්‌වේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.