ට්‍රාන්ස්‌සෙන්ඩ් සහ ඊසිස්‌ ටෙක්‌නොලොජීස්‌
සමග හවුල්කාරීත්වයට


ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පරිගනක දෘඩාංග බෙදාහරින්නා වන ඊසිස්‌ ටෙක්‌නොලොජීස්‌ සියලුම ට්‍රාන්ස්‌සෙන්ඩ් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාමෙ එකම අලෙවි නියෝජිතයා ලෙස පත් කරන ලදී.

මෙම නව හවුල්කාරිත්වය ප්‍රකාශයට පත් කිරිම සඳහා ට්‍රාන්ස්‌සෙන්ඩ් ඉන්කෝපරේෂන් සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ ඔස්‌ටින් හන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්විණි.

ට්‍රාන්ස්‌සෙන්ඩ් යනු මතකයන් සහ පාරිභෝගික ඉලෙක්‌ට්‍රොනික ක්‍ෂේත්‍රයේ ලෝකයේ ප්‍රමුඛයා වන අතර එය ඔබගේ හෙට ලෝකය අදම ඔබ වෙත ගෙන එයි. අපට සියලු ප්‍රධාන වෙළෙඳපොළවල් වලට භාණ්‌ඩ සැපයීමෙත් අපගේ පාරිභෝගිකයන් අපේක්‍ෂා කරන ඉහළම තත්ත්වයේ සේවා සැපයිය හැකි බවත් මෙහිදී අදහස්‌ දක්‌වමින් ට්‍රාන්ස්‌සෙන්ඩ් ඉන්කෝපරේෂන් සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ ඔස්‌ටින් හන්ග් මහතා කියා සිටියේය.ට්‍රාන්ස්‌සෙන්ඩ් යනු උපාය මාර්ගික ලෙස ඒකාබද්ධ කරනු ලැබූ අධිතාක්‍ෂණ සමාගමකි. අප අපගේ වෙඳෙනාම යටතේ නිෂ්පාදන නිර්මාණය කිරීම, සංවර්ධනය, නිෂ්පාදනය පමණක්‌ නොව ඒවා අලෙවිකරණය හා බෙදා හැරීමද සිදු කරන බවත් කී ඒ මහතා ශ්‍රී ලංකාවේ පරිගණක දෘඩාංග වෙළෙඳපොළේ සියයට 50 කට අධිකව හිමිකම් කියන වෙළෙඳපොළ නියමුවා නිසැක ලෙසම ට්‍රාන්ස්‌සෙන්ඩ් හි තේරීම විය හැකි යෑයිද කියා සිටියේය.

2003 වසරේ ආරම්භ වූ ඊසිස්‌ ටෙක්‌නොලොජීස්‌ ලොව සුපතල වෙළෙඳනාම රැසක්‌ සඳහා මෙරට විශාලතම පරිගණක දෘඩාංග බෙදාහරින්නා බවට පත්විය. ඉන්ටෙල් ගිගා බයිට්‌, ලැප්ටොප්, මොනිටර්ස්‌, සැම්සුන් දෘඩ තැටි, ප්‍රකාශ තැටි, මොනිටර්ස්‌, ෙෆක්‌ස්‌කෝන් මදර් බෝඩ් එම නිෂ්පාදන අතර වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.