ද ෆිනෑන්ස්‌ ගනුදෙනුකරුවන් මැලේසියානු සංචාරයක

ද ෆිනෑන්ස්‌ සමාගම සමග ගනුදෙනු කරන ස්‌ථාවර තැන්පත් හිමියන් අතරින් තෝරාගනු ලැබූ වාසනාවන්ත ගනුදෙනුකරුවන් පිරිසක්‌ පසුගිය නොවැම්බර් මස 19 වනදා සිට 21 වනදා දක්‌වා මැලේසියානු සංචාරයකට සහභාගි විය. ක්‌වාලාලම්පූර්හි පිහිටි සුඛෝපභෝගී හෝටලයක දින 3 ක සංචාරයක්‌ වූ මෙම විදේශ සංචාරය සඳහා ද ෆිනෑන්ස්‌ සමාගමේ ඉහළ සාර්ථකත්වයක්‌ ලැබූ කාර්ය මණ්‌ඩල සාමාජිකයන්ද සහභාගි විය.

මූලිකව බැංකොක්‌ සවාරි නමින් දියත් කෙරුණු මෙම ප්‍රවර්ධනය පසුව මැලේසියානු සංචාරයක්‌ බවට පත්වීමට හේතුව වූයේ තායිලන්තය ආශ්‍රිතව මේ දිනවල පවතින දැඩි ගංවතුර තර්ජනයයි.

ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්‌වා මාස 3 ක කාලයක්‌ ක්‍රියාත්මක වූ මෙම ප්‍රවර්ධන කාලය ඇතුළත අලුතින් අරඹන ලද හෝ නැවත ආයෝජනය කරන ලද ස්‌ථාවර තැන්පත් හිමියන් මේ දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීය. දිවයින පුරා පිහිටි ද ෆිනෑන්ස්‌ ශාඛා හා සේවා මධයස්‌ථාන 60 කින් ජයග්‍රාහකයන් බිහි කෙරුණු මෙම ප්‍රවර්ධනය සඳහා ඉහළ ප්‍රතිචාර හිමිවිය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.