එලිෆන්ට්‌ හවුස්‌ වෙතින් EGB ලයිට්‌

තම පාරිභෝගික රසවතුන්ට සැමදා රසවත් යමක්‌ තිළිණ කරන එලිෆන්ට්‌ හවුස්‌ ඔවුන්ගේ නවතම නිෂ්පාදනය වන EGB ලයිට්‌ නොබෝදා තම පාරිභෝගිකයන් අතට පත් කරන ලදී.

වඩාත් නීරෝගිමත් රසවින්දනයක්‌ උදෙසා යොමුවෙන පාරිභෝගිකයන් ඉලක්‌ක කරගෙන නිපදවුණු EGB ලයිට්‌, තම සුපුරුදු සුඛෝපභෝගී රසය එලෙසින්ම පවත්වා ගනිමින් තම රසවතුන්ට වඩාත් සෞඛ්‍යමත් රස වින්දනයක්‌ මෙසේ එළිදක්‌වනු ලබයි.

EGB ලයිට්‌ යනු නියම එලිෆන්ට්‌ හවුස්‌ EGB වල පැවැති රසයන් එලෙසම පවත්වා ගනිමින් සීනි හා කැලරි වලින් තොර පානයකි. මෙහි අඩංගු 100% ක්‌ දේශීය ඉඟුරු ඔබ හිත රැඳි රසය ඔබට ලබා දෙනවා මෙන්ම ඔබේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය වඩාත් ක්‍රමවත් කර ගැනීමටද හේතු වේ. එසේම EGB ලයිට්‌ වල අඩංගු අනුමත පැණි රස කාරක හරහා උසස්‌ම රස වින්දනයක්‌ ඔබට ලබාදෙනු ඇත. EGB ලයිට්‌ වල අඩංගු පැණි රසකාරක හා ඉඟුරු සංඝටක මගින් ඔබේ රුධිරයේ සීනි මට්‌ටම පාලනය කරන බැවින් තම නීරෝගීතාව පිළිබඳව උනන්දු වන සෑම දෙනාටම මෙය ජනප්‍රිය තෝරා ගැනීමක්‌ වනු ඇත.

EGB ලයිට්‌ රැකියාවල නියුතු තරුණ පරපුරට ගැළපෙන පානයක්‌ වන අතර දහසකුත් කටයුතු වල නියෑළුණත් දවස පුරාම ප්‍රබෝධමත්ව සිටීමට මෙය පිටිවහලක්‌ වනු ඇත.

EGB ලයිට්‌ ප්‍රබෝධමත් සජීවී අත්දැකීමක්‌ වෙත ඔබ ගෙන යයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.