ඉන්ට නැෂනල් රිපෝටර්

ජෝර්ජ් බුෂ් මහතා ජාත්‍යන්තර ප්‍රජා සමිතිය අමතා කතාවක්‌ පවත්වන්නට වූවේය. ඔහුගේ කතාවේ මාතෘකාව වූයේ සතුට හා දුකය. ඔහු මෙසේ කතාව ආරම්භ කළේය.

'රෝහණ විජේවීර මැරුණු දවසේ සතුටු වුණ අයත් ඉන්නවා.

විජය කුමාරතුංග මැරුණු දවසේ සතුටු වුණ අය ඉන්නවා.

ආර්. ප්‍රේමදාස මැරුණු දවසේ සතුටු වුණ අය ඉන්නවා.

රන්ජන් විජේරත්න මැරුණු දවසේ සතුටු වුණ අය ඉන්නවා'

ඉන්පසුව සුසුමක්‌ පිටකර බුෂ් මෙසේ කතා කරන්නට වූවේය.

'රෝහණ විජේවීර මැරුණු දවසේ දුක්‌ වුණ අය ඉන්නවා.

විජය කුමාරතුංග මැරුණු දවසේ දුක්‌වුණ අය ඉන්නවා.

ආර්. ප්‍රේමදාස මැරුණු දවසේ දුක්‌ වුණ අය ඉන්නවා.

රන්ජන් විෙ-රත්න මැරුණු දවසේ දුක්‌ වුණ අය ඉන්නවා'

ඉන්පසුව සන්සුන්වීමට උත්සාහ කරමින් බුෂ් මෙසේ ප්‍රකාශ කළේය.

'විජය කුමාරතුංග මැරුවේ කවුද කියන එක ප්‍රශ්නයක්‌. විජය මැරුවේ ජේවීපී එකෙන් නෙමෙයි කියනවා. ඒත් විජය මැරුවේ ජේවීපී එක නොවුණත් ජේවීපී ඇති කරපු වාතාවරණය නොතිබුණානම් විජය තවත් ජීවත්වෙනවා කියන්නත් පුළුවන්. කොහොම නමුත් ජාතික ප්‍රශ්නයේ දී වික්‌ටර් අයිවන් හිටියේ විජයගේ මතවාදෙටට කිට්‌ටු තැනක වුවත් විජය නොමැරුණා නම් වික්‌ටර් අයිවන්ට ඔච්චර තැනක්‌ එන්නෙත් නෑ. චන්ද්‍රිකාට ඔච්චර තැනක්‌ එන්නෙත් නෑ. එස්‌. බී. දිසානායකට ඔච්චර තැනක්‌ එන්නෙත් නෑ. ඒ අනුව වික්‌ටර් අයිවන් ජේවීපී එකට විරුද්ධ වුණත් වික්‌ටර්ට තැනක්‌ ආවෙත් ජේවීපී එක ඇති කරපු වාතාවරණය නිසා. කොහොම නමුත් ජේ. ආර්. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් නොකරන්න සමහර විට විජයයි විෙ-වීරයි ඔක්‌කොම අද ජීවත් වෙනවා'

එසේ පඹගාලක පැටළුණ බුෂ් යළිත් ලේන්සුව අතට ගෙන මෙසේ කියන්නට වූවේය.

'සමහරු සරත් ෆොන්සේකා මහත්තයා හිරේට ගිය දවසේ සතුටු වුණා.

සමහරු සරත් ෆොන්සේකා හිරේට ගිය දවසේ දුක්‌ වුණා.

ආර්. ප්‍රේමදාස මහත්තයා මැරුණු දවසේ සතුටු වුණ සමහරු පස්‌සේ ආර්. ප්‍රේමදාස මහත්තයා මැරුණු එක ගැන දුක්‌වුණා.

රනිල් වික්‍රමසිංහ යූඇන්පී නායකයා වීම ගැන සමහරු සතුටු වුණා.

රනිල් වික්‍රමසිංහ යූඇන්පී නායකයා වීම ගැන සමහරු දුක්‌වුණා.

මහින්ද මහත්තයා දෙවෙනි වතාවටත් ජනාධිපතිවීම ගැන සමහරු සතුටු වුණා.

මහින්ද මහත්තයා දෙවෙනි වතාවටත් ජනාධිපති වීම ගැන සමහරු දුක්‌ වුණා.

විමල් වීරවංස උපවාසේ අත්හැරපු එක ගැන සමහරු සතුටු වුණා.

විමල් වීරවංස උපවාසේ අත්හැරපු එක ගැන සමහරු දුක්‌ වුණා.

ප්‍රභාකරන් මැරුණු දවසේ සමහරු සතුටු වුණා.

ප්‍රභාකරන් මැරුණු දවසේ සමහරු දුක්‌ වුණා.

18 වෙනි සංශෝධනය සම්මත වුණ දවසේ සමහරු සතුටු වුණා.

18 වෙනි සංශෝධනය සම්මත වුණ දවසේ සමහරු දුක්‌ වුණා.

නන්දන ජානිපෙන් අයින් කරපු එක ගැන සමහරු දුක්‌ වුණා.

නන්දන ජානිපෙන් අයින් කරපු එක ගැන සමහරු සතුටු වුණා.

මෛත්‍රීට අගමැතිකම නොලැබීම ගැන සමහරු සතුටු වුණා.

මෛත්‍රීට අගමැතිකම නොලැබීම ගැන සමහරු දුක්‌ වුණා.

සෝමවංසට වෙච්ච දේ ගැන සමහරු සතුටු වුණා.

සෝමවංසට වෙච්ච දේ ගැන සමහරු දුක්‌ වුණා.

අයවැයෙන් රුපියල බාල්දු වීම ගැන සමහරු සතුටුවුණා.

අයවැයෙන් රුපියල බාල්දු වීම ගැන සමහරු දුක්‌ වුණා.

කොටස්‌ වෙළ`දපොළ කඩා වැටෙන එක ගැන සමහරු සතුටු වෙනවා.

කොටස්‌ වෙළ`දපොළ කඩා වැටෙන එක ගැන සමහරු දුක්‌ වෙනවා.

ගඩාපිට වෙච්ච දේ ගැන සමහරු දුක්‌ වෙනවා.

ගඩාපිට වෙච්ච දේ ගැන සමහරු සතුටු වෙනවා.

හම්බන්තොට ක්‍රීඩා ගම්මානය හදන කොට වැව් යටවෙලා යන එක ගැන සමහරු සතුටු වෙනවා.

හම්බන්තොට ක්‍රීඩා ගම්මානේ හදන කොට වැව් යටවෙලා යන එක ගැන සමහරු දුක්‌ වෙනවා.

ලංකාව ආශ්චර්යය කරා යාම ගැන සමහරු සතුටු වෙනවා.

ලංකාව ආශ්චර්යය කරා යාම ගැන සමහරු දුක්‌ වෙනවා'

ඉන්පසුව කතාව අවසන් කර බුෂ් බොහෝ වේලාවක්‌ නිහ`ඩව සමිතිය දෙස බලා සිට මෙසේ ඇසුවේය.

'එතකොට දේශපාලනය කියන්නේ දුක සතුට ගැන ප්‍රශ්නයක්‌ විතර ද?

මට ඔබෙන් අසන්නට ඇත්තේ ද බුෂ් ජාත්‍යන්තර ප්‍රජා සමිතියෙන් ඇසූ ඒ ප්‍රශ්නයමය. දේශපාලනය දුක සහ සතුට ගැන ප්‍රශ්නයක්‌ විනා යහපත ගැන ප්‍රශ්නයක්‌ නොවේයෑයි මට ද සිතේ. ඒ නිසා අවසාන වශයෙන් අපට උරුමවන්නේ ද දුක පමණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.