රෑ නිදි නැතිව පෝලිම්වල අප උන්නේ
කාගෙද ලයිස්‌තුවකට රස්‌සා දුන්නේ?


ජානක ලියනආරච්චි

නැව් යන මුහුදේ පොල්ලෙල්ලක්‌ දෙකක්‌ පාවී යැම අරුමයක්‌ නොවේ. එය මුහුදට දැනෙන්නේත් නැත. බලාඉන්න කිසිවෙකුටත් එහි අමුත්තක්‌ද නැත.

රටේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක්‌ ඇතිබව සැබෑය. මෙම සියලුම බඳවාගැනීම් දේශපාලන බලපෑම් වලින් තොර වියයුතු බවටත් බ`දවා ගැනීමේ කාර්ය පටිපාටිය ගැසට්‌කර හෝ ප්‍රසිද්ධ පුවත්පත් වල දැන්වීම් පලකර නිවේදනය කළයුතු බවටත් ස`දහන් වගන්ති රාජ්‍ය පරිපාලන 15- 90 ලෙස නිකුත්වී ඇති එම බඳවාගැනීම් පටිපාටිsයේ දක්‌වා ඇති බවත් සැබෑය.

එහෙත් මේ වගේ රටක රජයේ කම්කරු තනතුරක පත්වීමක්‌ දේශපාලකයෙකුගේ පෝස්‌ටර් ගැසූ අයෙකුට, ඔහු වෙනුවෙන් කඩේ ගිය අහිංසකයෙකුට දීම ගැන මේ රටේ මිනිස්‌සු වැඩිපුර කලබල වන්නේ නැත. මෑත ඉතිහාසයේ හැමදාමත් එවැනි දේ සිදුවූයේ ද ඒ ආකාරයටය. පුදුම හිතෙන්නේ මෙවැනි තනතුරු සඳහා සාධාරණ සම්මුඛ පරීක්‌ෂණයක්‌ තබා සුදුසුකම් සහිත උන් තෝරාගෙන උන්ට පත්වීම් ලබා දුන්නොත්ය. එබැවින් තමුන් සාධාරණ බවත්, නීත්‍යානුකූල බවත්, තමුන්ගේ විනිවිද පෙනෙනසුළු බවත් කියනු සඳහා ලෝකයට පෙනෙන්ට සම්මුඛ පරීක්‌ෂණ තැබීමත්, රටේම මිනිස්‌සුන් ගෙන්නාගෙන දවස්‌ ගණන් රස්‌තියාදු කිරීමත්, අන්තිමට ඇමතිවරුන්ගේත් මන්ත්‍රී වරුන්ගේත් අන්තේවාසිකයින් සහිත ලැයිස්‌තු අමාත්‍යාංශයෙන් ගෙන්වාගෙන පත්වීම් දීමට කටයුතු කිරීමත් අපුල දනවන ගොංපාට්‌ එකකටත් වඩා රටක්‌ ඉදිරියේ නිරුවතින් හිඳ ඇදගෙන නා ගැනීමකි.

එබඳු බාල ප්‍රමිතියේ නාගැනීමක්‌ පසුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රටට ප්‍රදර්ශනය කළේය. මෙම නිරුවත් රංගනයට ප්‍රස්‌තුත වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්‌ථිර කම්කරුවන් බඳවා ගැනීම අරභයා දියත්වූ වැඩපිළිවෙළය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කම්කරු පත්වීම් එකසිය හතලිස්‌ තුනක්‌ ටික කලෙක සිට පුරප්පාඩුව පැවතිනි. මේ කම්කරුවන් අවශ්‍ය වූයේ ලංකාව පුරා පැතිරි පවතිනා පුරාවිද්‍යා බිම්කඩවල් හා ස්‌මාරක නඩත්තුකොට පවත්වාගැනීමේ ක්‌ෂේත්‍ර රාජකාරි සඳහාය. ප්‍රධාන වශයෙන්ම ක්‌ෂේත්‍රභූමිය තණකොල කපා නඩත්තු කිරීම, ස්‌මාරක අවට පිරිසිදු කර පවත්වා ගැනීම, වැසිකිළි පද්ධති පවිත්‍රව තබාගැනීම වැනි කටයුතු මෙම කම්කරුවන් විසින් ඉටුකළයුතු කාර්යය කොටස්‌ සේ හඳුනාගෙන තිබිණි. කොටින්ම රටේ උරුමය රක්‌ෂාකර ගැනීමේ මූලික ක්‌ෂේත්‍ර කටයුතු වගකීමකින් හා හැඟීමකින් ඉටුකරගැනීම මෙම පිරිස බඳවා ගැනීමේ මූලික පරමාර්ථ විය.

මෙබඳු පරමාර්ථ සහිතව මීට ඉහතදීත් කම්කරුවන් බඳවා ගැණුනි. ඒ කලින් සිටි ඇමතිවරයාගේ අවධියේය. හුදෙක්‌ අනියම් කම්කරුවන් ලෙස පත්වීම් ලද මේ බොහෝ දෙනා පසුව ස්‌ථිර පත්වීම් ලදහ. එහෙත් මේ දේශපාලන පත්වීම් වලින් පැමිණි අය අති බහුතරයගෙන්a කම්කරු වැඩ කරගැනීම තබා ඔවුන්ට සාමාන්‍ය උපදෙසක්‌ දීමටවත් නිලධාරින්ට නොහැකි වූයේය. බොහෝ දෙනා ඇමතිවරයා මාර්ගයෙන්ම කාර්යාලවල සුළු වැඩවලට මාරුවීම් ලබාගත්හ. පුරාවිද්‍යා භූමි වල්වැදී ගියේය. එදා මෙසේ බඳවාගත් පිරිසගෙන් නිසි රාජකාරිය සිදුවීනම් මෙපමණ ගණනක්‌ කම්කරු පුරප්පාඩු ඇතිවන්නේද නැත.

ස්‌වකීය නිවසට, සුතනඹුවට හෝ දරුපැටවුන්ට වඩා ආදරයෙන්, ගෞරවයෙන් හා අධ්‍යාත්මික බැඳීමකින් පුරාවස්‌තු සහිත පුරාවිද්‍යා භූමි නඩත්තුකර පවත්වාගෙන ගිය සේවක පරම්පාරවක්‌ අතීතයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව සිටියේය. සැබෑ ලෙසම දෙපාර්තමේන්තුවට අවශ්‍ය වූයේ එබඳු ආදර්ශයකි.

ලබාදුන්නේ ස්‌ථිර කම්කරු පත්වීම්ය. එහෙත් එම පත්වීම් ගැසට්‌ කර නොතිබිණි. පුවත්පත් වල දැන්වීම් ප්‍රසිද්ධකර නොතිබිණි. අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල මෙම පුරප්පාඩු පිළිබඳ දැන්වීම් ඇලවීම කිරීමෙන් අනතුරුව දෙදහසකට ආසන්න පිරිසක්‌ තනතුරු සඳහා අයදුම්කර තිබිණි. ඔවුන්ගේ සුදුසුකම් පරීක්‌ෂාකිරීම සඳහා පුරා දින පහක්‌ තිස්‌සේ සම්මුඛ පරීක්‌ෂණ පැවැත්විනි. සම්මුඛ පරීක්‌ෂණ ආරම්භ වූයේ පසුගිය 01 දා බ්‍රහස්‌පතින්දාය. එදින ඇරඹි පරීක්‌ෂණය 02 දා සිකුරාදාද, 03 වැනිදා සෙනසුරාදාද, 05 හා 06 වෙනිදාද පැවැත්විනි. පරීක්‌ෂණ මණ්‌ඩල පහක්‌ හරහා මෙම සම්මුඛ පරීක්‌ෂණ පැවත්වීමට කටයුතු කර තිබිණි. එක්‌ මණ්‌ඩලයක සභාපතිවරයෙක්‌ හා සාමාජිකයින් දෙදෙනෙක්‌ වූයේය. දිස්‌ත්‍රික්‌ක ලෙස බෙදා අයදුම්කරුවන් සම්මුඛ පරීක්‌ෂාවට ලක්‌කෙරිනි.

නොදරුවන් කරපින්නාගත් මව්වරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අගුපිල්වල හිඳගෙන දරුපැටවුන්ට කිරි දෙමින් සිටියහ. ගැබිණි මව්වරු තමුන්ගේ අවස්‌ථාව පැමිණෙනතුරු ප්‍රවේශ දොරටුව අසල ඉඳගෙන උන්හ. සමහර තරුණියන් කම්කරු පත්වීම සඳහා මේ සම්මුඛ පරීක්‌ෂණයට පැමිණ සිටියේ දෙදිනක වෙහෙසකර ගමනකින් අනතුරුවය.

අපට හමුවූ එක්‌ තරුණ කාන්තාවක්‌ සිකුරාදා පැවති සම්මුඛ පරීක්‌ෂණයට සහභාගී වීමට බස්‌රියට ගොඩවී තිබුණේ බ්‍රහස්‌පතින්දා රාත්‍රියේය. ඇය සම්මුඛ පරීක්‌ෂණයට පෙනී සිටිනා විට සිකුරාදා සවස තුනද පසුවී තිබිණි. එදින රාත්‍රියේ බසයට ගොඩවූ විට ඇය නිවසට යන්නේ පසුදා උදෑසනය. ඇඳගෙන ආ ඇඳුමෙන් දින තුනක්‌ ගතකිරීමට ඇයට සිදුවී තිබිණි.

උපාධි සහිත තරුණයෝද, උසස්‌පෙළ සමත් කම්කරුකමට රිසි තරුණයෝද අයදුම්කරුවන් අතර කොතෙකුත් වූහ. උදෑසන 9 පමණ වූ වෙලාවේ සිට සවස 4 තෙක්‌ එක සීරුවට සම්මුඛ පරීක්‌ෂණය දියත් කෙරිනි. දින පහ තුළදී එක්‌ මණ්‌ඩලයක්‌ අඩුම තරමේ හාරසියයකට අධික පිරිසක්‌ පරීක්‌ෂණයට ලක්‌කළයුතු වූයේය.

අවසාන දිනය වෙන්වී තිබුණේ උතුරු පළාතටය. දැනට යාපනය කොටුව සංරක්‌ෂණය කිරීමේ කටයුතුවල නියෑලි අනියම් කම්කරුවන් ඇතුළු සැලකියයුතු පිරිසක්‌ ඉතා වෙහෙසකර ගමනකින් පසු පරීක්‌ෂණයට ලක්‌වීම සඳහා පැමිණ උන්හ. සවස 1 පමණ වනවිට නිලධාරීහු සම්මුඛ පරීක්‌ෂණ රාජකාරිය නිමා කළහ. පැමිණි සියලුදෙනාගේ සුදුසුකම් ඒවනවිට පරීක්‌ෂාකර ඇගැයීමට ලක්‌කර තිබිණි.

කතාවේ දෙවන කොටස ඇරඹෙන්නේ එතැන සිටය. සම්මුඛ පරික්‌ෂණය නිමාකර පැයක්‌ ගතවන විට අමාත්‍යාංයෙන් ෆැක්‌ස්‌ පණිවුඩයක්‌ ලැබිණි. ඒ අයදුම්පතක්‌වත් ඉදිරිපත් කර නොතිබුණු කාන්තාවක්‌ සම්මුඛ පරීක්‌ෂණයට ලක්‌ කිරීමටය. අයදුම්පත එවා තිබුණේ ඒ අවස්‌ථාවේ ෆැක්‌ස්‌ පණිවුඩයක්‌ මගිනි. අවසානයේදී මණ්‌ඩලයක්‌ රැස්‌වී ඇයව සම්මුඛ පරීක්‌ෂාවට ලක්‌ කෙරිනි. මේ සමගම පත්වීම් සඳහා ඇමතිවරයාගේ ලයිස්‌තුවක්‌ පැමිණෙන බවට රාවයක්‌ පැතිරුණේය.

ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයෙන් පැමිණීමට නියමිත මේ ඇමතිවරයාගේ ලැයිස්‌තුව නිසා පුරා පස්‌දිනක්‌ රට වටේ අසරණයන් කොළඹට ගෙන්වාගෙන දියත් කළ මේ මහා ප්‍රයාමයේ සියලුම වටිනාකම් අවලංගුවන ලකුණු පහළවිය.

අවසානයේදී සිදුවීමට නියමිත ලෙසම මෙම කම්කරු පත්වීම් සඳහා නියෝග ලද නම් ලැයිස්‌තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී තිබිණි. මෙම නම් ලැයිස්‌තුවේ පුරප්පාඩු තනතුරු ප්‍රමාණයටත් වඩා හතලිහකට වැඩි ගණනක නම් වූයේය. එහි නම් ප්‍රමාණය 197 කි. මුලින්ම සඳහන් වන්නේ හම්බන්තොට දිස්‌ත්‍රිකයේ ප්‍රබලයෙකුගේ මුල් අකුරු ඉදිරියෙන් සඳහන් නම් ප්‍රමාණයකි. එය ගණනින් 16 කි. අනතුරුව තවත් එබඳුම පරිනත දේශපාලන නායකයෙකුගේ අන්තේවාසිකයන් පස්‌ දෙනෙකි. ඉන් පසු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබළ ඇමත sවරයෙකුගේ ආධාරකරුවන්ට 11දෙනෙකි. මේ දේශපාලන සක්‌විත්තන් තිදෙනාට වෙන්වී තිsබූ පුරප්පාඩු ප්‍රමාණය තිස්‌ එකක්‌ වූයේය.

අනතුරුව උතුරේ ද්‍රවිඩ අමාත්‍යවරයෙකු වෙනුවෙන් පුරප්පාඩු අටක්‌ වෙන්කර තිබිණි. ඔවුන් ඩෙල්ෆ්, කයිට්‌ස්‌, කරෙයිනගර්, චාවකච්චේරි වැනි ප්‍රදේශවල පදිංචිකරුවන්ය. අගමැතිවරයාගේ කීපදෙනෙක්‌ සඳහාත් ලැයිස්‌තුවෙන් ඉඩහසර වෙන්කර ඇති අයුරු පෙනුණි. අනතුරුව විවිධ කැබිනට්‌ ඇමතිවරුන්ගේ මිනිසුන්ය. පසුව මන්ත්‍රීවරුන්ගේ පිරිවරයි. ලැයිස්‌තුව දිගහැරී තිබුණේ ඒ ආකාරයටය. පෙනෙන්ට තිබූ අයුරින් නම් බරපතලම අර්බුදයට පත්වී සිටියේ ජාතික උරුමයන් පිළිබඳ ඇමතිවරයාය. තමුන් වෙනුවෙන් පෝස්‌ටරයක්‌ ඇලවූ එකෙකුට තමුන්ගේ විෂය යටතේ ඇති දෙපාර්තමේන්තුවක කම්කරු පත්වීමක්‌වත් දීගන්නට නොහැකි දුක්‌මුසු අඩියකට එතුමා වැටී ඇති අයුරු පෙනුණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ගවලට අනුව මෙම ලැයිස්‌තුව ලැබුණු වහාම සම්මුඛ පරීක්‌ෂණයේ ලකුණු වෙනස්‌කර මේ ලැයිස්‌තුවේ නම් සඳහන් පිරිස ඉහළට ගැනීමේ නින්දාසහගත කටයුත්ත කිරීමට ඔවුනට සිදුවනු ඇත. එය එසේ සිදුවන්නේ හතලිහකට ආසන්න අනියම් කම්කරුවන් පිරිසක්‌ මේ මොහොත වනතුරුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුබද්ධව රාජකාරි කරනා අතරතුරය. ඔවුන්ගෙන් සමහරු අනියම් කම්කරුවන් ලෙස වසර ගණනාවක්‌ තිස්‌සේ සේවය කර තිබුණහ. ඔවුන්ගේ වැඩකිරීමේ පලපුරුද්ද වෙනුවෙන් ලකුණු ගණනක්‌ දියයුතුව තිබිණි. මොවුන්ගේ පලපුරුද්ද හා හැකියාව සලකා බලා මේ පිsරිස ස්‌ථිර සේවයට පත්කරගන්නා ලෙස ඉල්ලමින් පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා විසින් අමාත්‍යවරයා වෙත ලිඛිත ඉල්ලීමක්‌ කර තිබිණි.

එබඳු පරිසරයකදී මෙම කම්කරු පත්වීම් ලබාගැනීම සඳහා මුලින්ම සාධාරණ සුදුසුකම් සපුරා තිබුණේ දැනටමත් වසර කීපයක්‌ තිස්‌සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනියම් කම්කරුවන් ලෙස අඛණ්‌ඩව සේවයේ නිරතව සිටිනා මේ සේවක පිරිසය. මෙය ඔවුන් සඳහා සේවා ස්‌ථිරත්වයක්‌ ලබාගැනීමට පැමිණි සාධාරණම අවස්‌ථාව වූයේය.

එහෙත් එම අවස්‌ථාව ඉතා සාහසික ලෙස ඔවුන්ගෙන් උදුරාගෙන තිබිණි. මෙම පිරිස අතරින් ඇමතිවරයාගේ නම් ලැයිස්‌තුවට ඇතුළත් වන්නේ අනියම් කම්කරුවන් හත් දෙනෙකු පමණි. ඔවුන්ද දේශපාලන හැඳුනුම්කම් මත ස්‌වකීය නම් අමාත්‍යාංශ නම් ලැයිස්‌තුවට ඇතුළත් කරගත් උන්ය.

දැන් කටයුතු සිදුවිය යුතු ලෙස සිදුවී හමාරය. ලොකු මහත්වරුන්ගේ අභිරුචිය අනුව ඔවුන් අතර පුරප්පාඩු බෙදීයනු ඇත. ඒ අනුව ඉතා නුදුරේදී ඔවුන් සිත්දිනූ භාග්‍යවන්තයන්ට මෙම පත්වීම් ලැබෙනු ඇත. එබැවින් මේ ලියෑවිල්ල මේ ක්‍රියාවලියට එරෙහිවීම සඳහා කිසිදු සාධනීය මෙහෙවරක්‌ නොකරන බව අපට විශ්වාසය. ඒ නිසා හිතේ දුකට මෙන් ලියාතැබූ මේ ලිපිය අවසානයේදී මේ මහා බල පරාක්‍රම සහිත මහත්වරුන්ගෙන් කාරුණික ආයාචනයක්‌ කිරීම යෙහෙකැයි සිතේ.

මේ රටේ අපේ යෑයි අප හිතනා බොහෝ දේ අපේ නොවන බව අපට දැනෙන්නට පටන්ගත්තේ බොහෝ කලක සිටය. දැන් ඒ අවබෝධය අප තුළ තිබේ. එබැවින් මිනිස්‌සුන් ගොනාට අන්දවන, බලා ඉන්නා අපට දුක හිතෙන මෙවැනි බාල රංගනවල නොයෙදී තමුන්ට උවමනා උන්ට පත්වීම් ලබාදුන්නානම් නම්බුකාරය. එවිට මිනිස්‌සුන් මැඩවෙන්නේ නැත. මේ කටයුතුවලට නියෑලෙන මහත්වරුන්ට නිකරුනේ නාගන්නට වෙන්නේත් නැත. රටේ හැටි ගැන දන්නා නිසා අපට දුක හිතෙන්නේ නැත. එබැවින් හිත් රිදෙන මෙවැනි ලිපි ලියෑවෙන්නේත් නැත.


ජාතික උරුමයන්
පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
කාන්ති විඡේතුංග

dතික උරුමයන් පිළිබ`ද අමාත්‍යාංශයේ ලේකම්වරිය විදිහට මෙම කම්කරුවන් බ`දවාගැනීමේ සියලු වගකීම් මා විසින් පවරා තිබුණෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට.. සම්මුඛ පරීක්‌ෂණ මණ්‌ඩල පත්කර එම සම්මුඛ පරීක්‌ෂණ පවත්වා නිසි අය තෝරාගෙන අවසන් ලැයිස්‌තු සැකසීමේ වගකීම තිබෙන්නෙ ඔහුට. මේ සම්මුඛ පරීක්‌ෂණ මුළු ලංකාවම ආවරණය වෙන විදිහට පැවැත්වුණා. මෙහෙම සංකීර්ණ කටයුත්තකදී අපේ රටේ වෙන විදහට යම් දේශපාලන බලපෑමක්‌ සිදුවෙනවා නම් ඒක නවත්වන්aන අපහසුයි. ඒත් සංස්‌කෘතික හා ජාතික උරුමයන් පිළිබ`ද ඇමතිතුමා පැහැදිලි උපදෙස්‌ දීලා තියනවා කිසිම පාර්ශවයකට අසාධාරණයක්‌ නොවෙන විදිහට මේ පත්වීම් ලබාදෙන්න කටයුතු කරන්න කියලා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.