විදේශීය නිළියන් ගෙන ඒමට සාධාරණ හේතු තිබෙනවා...
අපේ ටෙලි නාට්‍ය පිරිහිලා

චන්න පෙරේරා


රූපවාහිනිය හරහා සුවහසක්‌ රසික සිත් දිනාගත් චන්න අද වනවිට පුංචි තිරය සම තික්‍රමනය කරමින් සිනමා ක්‍ෂේත්‍රයේ දිගු ගමනකට මඟ බලන ශිල්පියකු ලෙස හැඳුනුමක්‌ දීම බොහෝ සාධාරණයි. නිතර දෙවේලේ දකින්න නොලැබෙන චන්නගේ රුව බොහෝ දෙනාට ඔහු පිළිබඳව කුතුහලයක්‌ වෙත්දි අප ඔහුගේ තතු විමසුවා.

පසුගිය වසර එකහමාරක පමණ කාලය මම ගත කලේ මගේ අලුත් චිත්‍රපටය කල්පාන්ත සිහින තුළයි. මේ වෙනුවෙන් ලොකු කාලයක්‌ වෙහෙසක්‌ දරමින් මම "කල්පාන්ත සිහිනය" නිර්මාණය කළේ අපේ ප්‍රේක්‌ෂකයන්ට අමුතුම තාලේ සිනමා අත්දැකීමක්‌ ලබා දෙන්නයි.

චන්න මොකක්‌ද "කල්පාන්ත සිහිනයේ මේ වෙනස ඇත්තෙන්ම මෙහි තිරපිටපත් රචකයා කපිල කුමාර කාලිංග ඔහු මෙය අර්ථකතනය කරන්නේ වාණිජ සිනමාවේ නව හැඳුනුම්පත ලෙසයි. දඬුමොනර තාක්‌ෂණය අනාගත ලෝකයට හඳුන්වා දෙන්න උත්සාහ දරන යුවළකගේ ප්‍රේමය මෙම චිත්‍රපටයට පදනම් වී තිබෙනවා. "කල්පාන්ත සිහිනයේ" ප්‍රේමය කදඩැ ඩැබඑමරු ලෙසයි. මා හඳුන්වන්නේ.

ඔබ නැවතත් මෙම චිත්‍රපටය හරහා විදේශීය නවක මුහුණක්‌ අපේ සිනමාවට රැගෙන එනවා.

ඔව් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක මා හා නවක ඉන්දීය නිළි චයිත්‍රා චන්ද්‍රනාත් රඟපානවා.

විදේශීය නිළියන් අපේ සිනමාවට යොදාගැනීම පිළිබඳ කසුකුසුවක්‌ ක්‍ෂේත්‍රය තුළ තියෙනව නේද?

විදේශීය නිළියක්‌ යොදා ගැනීම පිළිබඳ බොහොම සාධාරණ හේතු තිබෙනවා. අපේ සිනමාවට නවක නළුවන් බොහෝමයක්‌ එක්‌වුණත් නවක නිළියන් එක්‌වෙන්නෙ අඩුවෙන්. ඔවුන් අතර මගේ නිර්මාණයට ගැලපෙන නවක මුහුණුක්‌ නොවීම එක හේතුවක්‌ අනික සිනමාකරුවෙක්‌ හැටියට මම හැමදාමත් අපේ සිනමාව ජාත්‍යන්තරයට යායුතුයි යන තැන හිටපු කෙනෙක්‌ එහිදි විදේශීය ශිල්පියකුගේ සහභාගිත්වය වැදගත් වෙනවා. මගේ අංජලිකා නිර්මාණය පූජා උමාෂංකර් නිසා විදේශීකයන් යම්කිසි සංඛ්‍යාවක්‌ හෝ නැරඹුවා. "කල්පාන්ත සිහිනයක්‌" විදේශයකට පෙන්වන්න මෙම හඳුන්වාදීම පාලමක්‌ වේවි කියලා මම විශ්වාස කරනවා.

චන්නට අපෙ රටේ ප්‍රේක්‌ෂකයන්ගේ ආදරය වැඩියෙන්ම ලැබුණේ ටෙලි නාට්‍ය තුළින්.

මම පසුගිය කාලයේ ටෙලිනාට්‍ය සීයයක විතර රඟපෑවා. මේ කාලය තුළ මහා ලොකු වෙනසක්‌ වුවමනා කළා. ඒ අනුවයි සිනමාවට පිවිසෙන්නේ. අවුරුද්දකට ටෙලි නාට්‍ය 25-30 ක්‌ රඟපාන්න ලැබුණා. කාලයකයි මම ඒකාලය කැපකරමින් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය හා සිනමා නිර්මාණකරණයට යොමු වුණේ එදා නවත්වපු තැන ඉඳන් අද ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රය දිහා බලත්දි බොහෝ දේ රංගනය, නිර්මාණය කරණය පිරිහිමකට බඳුන්වෙලා මෙම තත්ත්වය අපේ වගේ පුංචි රටකට හොඳ ප්‍රවනතාවක්‌ නොවෙයි.

ප්‍රේක්‌ෂකයන් නළුවෙක්‌ ලෙස හෙට දවසේ දකින්නෙත් ඔබේ චිත්‍රපට තුළින් පමණද.

වසර තුන හතරකට පස්‌සෙ මම සාරංග මෙන්දිස්‌ගේ භාර්යාවෝ ටෙලිනාට්‍යයේ රඟපානවා. ඒ වගේම උදයකාන්ත වර්ණසූරියගේ "සෙනසුරු මාරුව" චිත්‍රපටයෙන් ළඟදීම ප්‍රේක්‌ෂකයන්ට මාගේ රංගනය දකින්න ලැබේවි.

මේ විදිහට රංගනය සීමාවීම ජනප්‍රියත්වයට හානියක්‌ නේද?

අපේ පරම්පරාවේ බොහෝ නළුනිළියන් ස්‌ථිර අඩිතාලමකින් ජනප්‍රිය වූ අය ඒ ජනප්‍රියත්වය අදටත් තියෙනවා. ලංකාවේ වගේම විදේශයකට ගියත් මේ තත්ත්වය අපට දැනෙනවා. ජනතාවට අප රඟපෑ නාට්‍ය තවමත් මතකයි.

පෞද්ගලික ජීවිතයේ ඔබ හා ඔබ බිරිඳ ගයාත්‍රි කාර්ය බහුල චරිත වී තිබෙනවා.

අපි දෙදෙනා ක්‍ෂේත්‍රයන් දෙකක කටයුතු කරන්නෙ. මම වගේම ඇයත් රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ මෙන්ම රංගනයෙන් නියෑලෙන නිසා යම් තරමක කාර්ය බහුලත්වයක්‌ තියෙනවා. ජීවිතවල ස්‌ථාවරයත් ගොඩනගා ගන්න ඒවා පවත්වාගෙන යන්න ඕනම කෙනෙකුට වෙහෙසිලා වැඩ කරන්න වෙනවා. එක සාමාන්‍ය දෙයක්‌ අනික මට මම කැමැති ක්‍ෂේත්‍රයක නියෑලෙන්න නිදහස ඕනෑ වගේම ඇයටත් ඇය කැමැති ක්‍ෂේත්‍රයක වැඩ කරන්න නිදහස තිබිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.

ඔබේ පවුල තුළට මේ වැඩ අධික බව කරදරයක්‌ නොවේද?

සමහර දවස්‌වල මම ගෙදර ඉන්නවිට ගයාත්‍රි ගෙදර නැහැ. ඒ වගේ වෙලාවට අපි දෙන්න පංගුපේරුවක්‌ නැතුව දරුවන්ගේ ගෙදර කටයුතු කරනවා. පසුගිය කාලයේ ගයාත්‍රිට දරුවන්ගේ වැඩ කටයුතු මඟ හැරෙන තරමට වැඩ අධික වෙලා තිබුණා. ඒත් දැන් එයා එක තේරුම් අරන් දරුවන් වෙනුවෙන් වැඩි කාලයක්‌ වෙන් කරනවා.

ධම්මිකා සුරංජි පතිරණ
ඡායා - සමන් අබේසිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.