ශ්‍රී ලාංකිකයන් 70 ක්‌ පසුපස ජාත්‍යන්තර පොලිසිය

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ බවට චෝදනා ලැබ තිබෙන ශ්‍රී ලාංකික පුද්ගලයන් 70 දෙනකු පසුපස ජාත්‍යන්තර පොලිසිය ලුහුබැඳීමට පටන්ගෙන ඇත.

මින් විසිනව දෙනෙක්‌ මෙරට බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට අවශ්‍ය කොටි ත්‍රස්‌තවාදීන් හා හමුදා නායකයන් ලෙස ක්‍රියා කළ අයයි.

මෙරට රුපියල් මිලියන ගණනක වැට්‌ බදු වංචාවට සම්බන්ධ කයිල් කුතබදින් නමැත්තා ද ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය වී තිබේ.

එසේම කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක උප සභාපති ලෙස කටයුතු කළ වේළුපිල්ලේ රේමනන් නමැත්තා ද අල්ලා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය එම හැත්තෑදෙනාගේ ලැයිස්‌තුවට ඇතුළත් කර ඇත.

මේ හැර ව්‍යාපාරික කාන්තාවන් සිව්දෙනකු සහ වෙබ් අඩවියක්‌ මෙහෙයවන්නකුද ඊට ඇතුළත් වී තිබේ.

මුල්වරට අන්තර්ජාතික පොලිසිය පාතාල කල්ලි නායකයකු අල්ලා ගැනීම සඳහා ද සිය වරෙන්තු ප්‍රකාශයට පත් කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.