පුටුව රැකගැනීම රනිල්ට සිහිනයක්‌!
මන්ත්‍රී රංජිත් මද්දුමබණ්‌ඩාර

නෝමන් පලිහවඩන

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්‍ෂ නායකත්වයේ රැඳී සිටීමට දරණ උත්සාහය සිහිනයක්‌ විය හැකි යෑයි මොනරාගල දිස්‌ත්‍රික්‌ එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්‌ඩාර මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" ප්‍රකාශ කළේය. මහා සංඝරත්නය ඇතුළු එ.ජා.ප. පාක්‍ෂිකයන් වැඩිදෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරෙන් ඉල්ලා අස්‌වෙන ලෙසට දැනුම් දී ඇත. ඔහු තවදුරටත් නායකත්වයේ රැඳී සිටීමට උත්සාහ දැරීම පක්‍ෂයේ පරිහානිය විය හැකි බවද හෙතෙම පැවසීය.

කරු ජයසූරිය මහතා නායකත්වයට ඉතාමත් සුදුසු බව කී රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා ඡන්ද විමසීමකදී කරු ජයසූරිය මහතා පක්‍ෂයේ නායකත්වයට තේරී පත්වෙන බවට ඉඳුරාම විශ්වාස බවද කීවේය.

කරු ජයසූරිය මහතා එ.ජා.ප. නායකත්වය ලබාගැනීමෙන් පසු රජයට ඕනෑ ඕනෑ හැටියට ක්‍රියා කරන්න ඉඩ දෙන්නේ නැතැයි ද රංජිත් මද්දුමබණ්‌ඩාර මහතා කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.