හවු'ස්‌ දැට්‌

මහෙව් රටේ ත්‍රිකට්‌ නන්න්තාර වෙච්ච එක ගැන හැම තැනම කසු කුසු ගානවා. ඒත් ඉතිං මේකට මොකක්‌ හරි කරන්න ඕන කියල දියවන්නියට රොක්‌ වෙන ගැලරියෙ සෙට්‌ එක දැන් මාස ගාණක තිස්‌සෙ කතාවෙනවා. ඔය අතරෙ ඒ කස්‌ටිය එක අම්මගෙ දරුවො වගේ මාර ගේමකට සෙට්‌ වුණා.

ඒ තමයි දියවන්නියේ ගැලරියට සෙට්‌ එක දෙපැත්තකට බෙදිල ත්‍රිකට්‌ ගේමක්‌ ගහන එක. මේගොල්ලො හැමදාම ගැලරියෙ කච කච ගානවා ඇරෙන්න එකට එකතු වෙලා මෙලෝ වැඩක්‌ කරන් නැහැනෙ. ඒක හින්ද ප්‍රේක්‍ෂකයෝ කියන්නෙ මේගොල්ලො මෙලෝ රහක්‌ නැහැ කියල. ඒක හින්ද මෙහෙම ත්‍රිකට්‌ ගේම් එකකට හරි සෙට්‌ වුණ එකත් හොඳා. ගැලරියෙ හැම පාටක්‌ම නියෝජනය කරන කස්‌ටිය එක පයින් මේ වැඩේට කැමැති වුණා. මොකද මේ දවස්‌වල නැෂනල් සෙට්‌ එකත් දිගටම ෙෆ්ල් වෙන හින්ද මේ ගොල්ලො එකෙක්‌ දෙන්නෙක්‌ ටීම් එකට එන්ටර් වෙන්න හිතාගෙන මෙහෙම ගේමක්‌ ගැහුවද දන්නෑ නේද?

මන්ටිලා සහ ඇමැටිලා පිල් දෙකම ගේමට හරිම ඕනෑ කමින් සෙට්‌ වුණා. ගැලරියෙ ටී ටයිම් එකේදිත් කස්‌ටිය කතා වෙන්නෙ ගේම ගැන. කොහොම හරි ගේමට ඉස්‌සෙල්ලා මේගොල්ලො ප්‍රැක්‌ටිස්‌ කරන්නත් පටන් ගත්තා. ඇමැටිලාගෙ සෙට්‌ එක පළවෙනි දවසෙ බඩවල් ටික උස්‌සගෙන බෝල කරල පහුවෙනිද උණත් අරගෙනලු. මේගොල්ලො ප්‍රැක්‌ටිස්‌වල පැන පැන බෝල අල්ලනවලු කප් එක ගන්න හිතාගෙන. ඒත් කප් එක ගත්තෙ ඇමැටිලා වෙන්න ඉන්න මන්ටිලා කස්‌ටිය.

දවසක්‌ ප්‍රැක්‌ටිස්‌වලදි වචීවංශ ඇමැටි දැකල මන්ටි කණ්‌ඩායමේ සපෝටර් කෙනෙක්‌ ග්‍රවුන්ඩ් එකේ ඇවිදිනව. වචීවංශ එයාට කතා කරල කිව්වලු "ලොක්‌කා නාමා මන්ටීට අපේ වීක්‌ පොයින්ට්‌ කියන්න නේද ආවේ. ඕව කියල එයාගෙන් ලකුණු එහෙම දාගන්නව නෙමේ" කියල. මෑන් ඒ පාර කියල "නැහැ මම ඇමැටිල බෝල් කරනව බලන්න ආවේ." කියල ෂේප් වෙලා. කොහොමත් මන්ටීලයි ඇමැටිලයි බෝල් ගහනව බලන්න ලැබෙන්නෙත් ඉතිං කලාතුරකින්නෙ.

මන්ටී කණ්‌ඩායම ගේමට ඉස්‌සලම කප් එක ගන්න බවට ඇමැටි සයිඩ් එකට අනතුරු අඟවල. මොකද ඒ දවස්‌වල කරටි කැඩෙන්න ගහපු සනා බෝයි එහෙම දැන් මන්ටී සෙට්‌ එකේනෙ. කිව්ව වගේම ඇමැටිල වෙන්න ඉන්න මන්ටීල දුන්න තමයි බැටේ. ඒත් සනාට හාෆ් සෙන්චරියක්‌වත් ගහගන්න බැරි වුණ එක තමයි දුක. එයාට ඔය සොෆ් බෝල් හුරු නැති හින්ද එහෙම වෙන්න ඇති.

කොළ පාට කස්‌ටියේ ඉන්න දයා මන්ටීත් හොඳට ගේමට එන්ටර් වෙලා හිටියා. ඒත් එයාට සිංදු ස්‌ටාර් එකේ වගේ ත්‍රිකට්‌වල වැඩ දාන්න බැරි වුණා. පාට බේදයකින් තොරව මේගොල්ලො ග්‍රවුන්ඩ් එකේ රඟ දක්‌වපු ගේම් එකනම් මාර ෆන්. ඒක බලන්න රජතුමා සහ කොළ සංගමයේ නායක රනි සෑර් එහෙමත් ආවා. රනී සෑර් රජතුමා දැකපු ගමන් අතට අත දීලා ගේම් එකට චියර් කරන්න පටන් ගන්න කොටම එයාගෙ පැත්තෙ ඉන්න මන්ටී කෙනෙක්‌ රාජ සභාවෙ සෙට්‌ එකත් එක්‌ක මාර ටෝකක්‌ දාගෙන ඉන්නව දැකල. මේක දැකපු රනී සෑර් "ඒයි කවුද තමුන්නාන්සෙට ඔය පැත්තට යන්න කිව්වෙ. ත්‍රිකට්‌ ගහන්න ඇවිල්ල රාජ සභාවෙ පැත්තට පනින්නද හදන්නෙ. කරුණාකරල මේ පැත්තට එනවා" කියල ජෝක්‌ එකෙන් කියල. රනී සෑර් ඉතින් කොහොමත් ෆන් එකේ ඉන්න දක්‍ෂයනෙ. එයා කොහොමත් කස්‌ටිය හිනා ගන්වන්න උපන් හපනෙක්‌නෙ. අනික්‌ අතට ත්‍රිකට්‌ ගහල රාජ සභාවට පැන්නොත් ඒකත් රනී සෑර්ට හොඳ නෑනෙ.

ගේම් එකේ අඩුවකට තිබුණෙ කප් එක ගෙනාපු අර්ජු අයිය සේට්‌ වෙච්ච නැති එක. එයාට එදා වෙන ත්‍රිකට්‌ මැච් එකක්‌ තිබුණ හින්ද එහෙ ගිහිල්ල.

ගේම් එක අතරෙ කමන්ටි්‍ර දෙන්න වචීවංශ ඇමැටි මයික්‌ එක අතට ගත්ත ගමන් බෝල් කරන්න පටන් ගත්තෙ නාමා මන්ටී. තාමත් නාබර වයසෙ ඉන්න නාමා මන්ටීගේ බෝල් වලට ඇමැටි බැට්‌ස්‌මන්ල ගොඩක්‌ ෙµ්‍රසර් එකෙන් බැට්‌ කරන්න පටන් අරන්. එතකොට වචීවංශ මයික්‌ එකෙන් කිව්වලු. "ඇමැටි පට්‌ටම තියා ගන්න ඕන්නම් නාමා මන්ටීගෙ බෝල් වලට හයේ ඒවා එහෙම ගහනව නෙමෙයි. එයාගෙ බෝල් වලට ෂේප් එකේ බැට්‌ කරන්න. නැත්තම් ඇමැටි කම සංශෝධනය වෙන්න බැරි නැහැ" කියල. ඕක ඇහුන රජතුමාටත් ඉතිං හිනාලු. කොහොම හරි නාමා මන්ටී ඇමැටිල දෙතුන් දෙනෙක්‌ අවුට්‌ කරල දාලා.

සනා බෝයි තමයි ගේම් එකේ අන්තිම බෝලෙ දාල තියෙන්නෙ. බැට්‌ කරල තියෙන්නෙ කරුඅම්මලු. සනා කිව්වලු මේ බෝලෙට සික්‌සර් එකක්‌ ගහන්න කියල බබා වගේ කරුඅම්මට බෝලෙ දාලා. කරුඅම්මත් ඉතින් ඇරල දාපි සික්‌සර් එකක්‌.

ඩලාපෙරුම ඇමැටි තමයි ගේම් එකේ වීරයා වෙලා තියෙන්නෙ. එයා හොඳට බෝල් අල්ලල විතරක්‌ නෙමෙයි බෝල යවලත් වැඩ දාලා. ගේම් එකට චියර් කරන්න ආපු පාසි අංකල් කියන්නෙ ඇමැටිලා මෙච්චර හති වැටිල දහදිය දානව දැක්‌කෙ එදා කියල. ගේම ඉවර වෙලා කස්‌ටිය ෆන් එකේ කප් අරගෙන ජය පරාජය සතුටින් සැමරුවලු. හැබැයි පහුවෙනිදා ගොඩක්‌ දෙනෙකුට ඇවිද ගන්නත් අමාරු වුණා කියල තමයි ආරංචි.

නැෂනල් සෙට්‌ එකේ කස්‌ටියගෙ ප්‍රේමය දෙදරා ගිය හින්ද තමයිලු පහුගිය දවස්‌වල පැරදිල තියෙන්නෙ. ඒක හින්ද සෙල්ලම් භාර ඇමැටි ඒගොල්ලන්ට ඔපීනියන් දීල තියෙන්නෙ ප්‍රේමයෙන් කස්‌ටිය ගේම ගහන්න කියල. අෆ්රිකාවෙ ගිහිල්ල ආපු ගමන් ආයිත් සෙල්ලම් ඇමැටි ප්ලේයස්‌ලට කියයි බලන්න ගැලරියෙ ඉන්න අපේ සෙට්‌ එක මොනව වුණත් ගේම් එකේදි එකට හිටපු හැටි කියල. අම්මප මෙහෙම හරි මේගොල්ලො එකට හිටපු එකත් මදැයි. කතිර ජන්දෙ කාලෙට මරා ගන්න හැටියට.

දැන් ඉතිං ගැලරියෙත් ත්‍රිකට්‌ ගැන වැඩි වැඩියෙන් කතා වෙන්න පටන් අරන්. නැෂනල් ත්‍රිකට්‌වල අතීතය වගේම වර්තමානය සහ අනාගතය ගැනත් සෙල්ලම් ඇමැටි ගැලරියෙදි ලෙච්චර් එකක්‌ දීලා. මෙහෙව් රටේ මේ දවස්‌වල ගහන ගහන සෙල්ලමෙන් ඇට්‌ටි හැලෙන්න කනකොට ඇමැටි සහ මන්ටිල ගහපු ගේම් එකත් නැෂනල් ප්ලේයස්‌ලට හොඳ ආදර්ශයක්‌ තමයි.

ඉස්‌සරහට රට කරවන ඇමිටිලගෙ වර්ල්ඩ් කප් එකක්‌ තිබ්බොත් අපේ සෙට්‌ එකට චැම්පියන් වෙන්න බැරි කමකුත් නැහැ කියල තමයි තෙවැනි විනිසුරුට හිතිල තියෙන්නෙ. මොකද නැෂනල් ගහපු සනාලා අර්ජු අයිලත් දැන් රට කරවන ගැලරියෙ මන්ටීලනෙ. අපේ සෙල්ලම්භාර ඇමැටි මහීට මේක කල්පනා වුණොත් එයා වර්ල්ඩ් කන්ටි්‍රවලට කියල වැඩේ සෙට්‌ කරන්නත් බැරි නැහැ. එතොකට යංග්ස්‌ ප්ලේයස්‌ලට කප් ගේන්න බැරි වුණත් මන්ටීල සහ ඇමැටිලාවත් ආයිත් වර්ල්ඩ් කප් එකක්‌ ගේන් ගේන් නැතැයි.

අසා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.