2011 දෙසැම්බර් 21 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

සිරිකොත ප්‍රහාරයට
10 දෙනෙක්‌ රිමාන්ඩ්

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්‌තිලක, හොර ණ එජාප සංවිධායක රවී ජයවර්ධන, කෝට්‌ටේ නාගරික මන්ත්‍රී චන්දිම නයනජිත්, ආරියරත්න සන්තියාගු, රවින්ද්‍රලාල් පෙරේරා, ඉන්දික ද සිල්වා, දසික මනුරංග, පෝල් ප්‍රනාන්දු හා ශාන්ත සමරවික්‍රම යන සැකකරුවන්ය.

"සරත් ෆොන්සේකාට
සමාව දිය හැක්‌කේ ඔබාමාට හෝ ජාත්‍යන්තරයට නොව මටයි"
- ජනාධිපති

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ මාධ්‍ය ප්‍රධානීන් ඇමතූ අවස්‌ථාව.....
නියමිත ක්‍රමවේදයක්‌ අනුව ෆොන් සේකා වෙනුවෙන් ඉල්ලීමක්‌ ඉදිරි පත් උනොත් මට සලකා බලන්න පුළුවන්. කොහොමත් මගේ පෞද්ග ලික අභිමතය පරිදි ඒ නිදහස ලබා දීමට මං යන්නේ නෑ.

ජනපති හමුවට ගොස්‌ සරත් ෆොන්සේකා නිදහස්‌ කර ගැනීමට කටයුතු කරන්න
- ප්‍රජාපෙ උප සභාපති අනෝමා ෆොන්සේකාගෙන් ඉල්ලයි
තවදුරටත් කිසිවකුගේ දේශපාලන බලපෑමකට යට නොවී ෆොන්සේකා මහතා රටට ලබාදුන් කීර්තිය වෙනු වෙන් ක්‍රියාකිරීමට දැන්වත් තීරණය ක්‌ ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටී.

ප්‍රහාරයට ජර්මන් සංවිධානයකින් මුදල් ?
සිරිකොත රැක ගැනීමට නොහැකි වීම ගැන
රනිල් සමාව ඉල්ලයි

මහරාජා මිනිසුන් ගෙනැවිත් මෙය කළා කියලත් මම පැමිණිලි කරනවා. දවස්‌ ගණනක්‌ මිනිසුන් උසිගන්වලා මේක කළා කියලා චෝදනා එල්ල වී තිබෙනවා. මේ අය එම ස්‌ථානයේ සිට සජීවීව සිද්ධිය විකාශය කිරීම ගැනත් සැකයක්‌ තිබෙනවා.

කරුගේ පාර්ලිමේන්තු කාම රය ඉබි යතුරුදමා වසා දමන්න - ජෝන් අමරතුංග විපක්‌ෂ නායක ලේකම්ට ලිඛිතව දන්වයි
මේ අනුව කරු ජයසූරිය මහතා ඊයේ එම කාර්යාලයේ තිබූ සියලු ලිපි ලේඛන ඉවත් කරගෙන ඇති අතර ඔහුගේ කාර්ය මණ්‌ඩලයද ඉවත්ව ඇත.

මොනරාගල ගංවතුර
ඊයේ විලඔය සිසුන් 45 කට
සා.පෙළ විභාගය අහිමි කරයි
විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගනිමින් මෙම සිසුන් නියමිත වෙලා වට ප්‍රමාද වී හෝ විභාග මධ්‍යස්‌ ථානය කරා ගෙන ඒමට විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් ගත් උත්සාහයද අසාර්ථක විය.

සා. පෙළට එමින් සිටි දෙනු වර සිසුවකුට පිහියෙන් අනී
පෞද්ගලික හේතුවක්‌ මත දෙදෙනා අතර ඇතිවූ බහින්බස්‌ වීමක්‌ පිහි පහරක්‌ දක්‌වා දුරදිග ගොස්‌ ඇත.

අය-වැය අවසන් වර කියෑවීමේ ඡන්දය අද
මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධි පති මහින්ද රාජපක්‌ෂ මහතාද මීට සහභාගිවී පිළිතුරු කතාව කිරීමට නියමිතය.

අධික වැසි හා ජල ගැලීම් වලින් 11631 ක්‌ විපතේ
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ඊයේ (20 වැනිදා) විටින් විට වැසි හා තද වැසි හටගත් බවත්, තද සුළං තත්ත්වයන් ද ඇතැම් ප්‍රදේශවල පැවැති බවත් කොඩිප්පිලි මහතා කීවේය.

අවිහිංසා සංගම්වල ඉල්ලීම් නිසා අධිවේගී  පාරෙන් සුනඛයන් ඉවත් කිරීම අත්හිටුවයි

සුනඛයන් එම මාර්ගයට පැමිණීම වැළැක්‌වීම සඳහා දෙපස දැල් ආවර ණවල ඉඩ ඇති ස්‌ථාන හා වතුර බැස යන බෝක්‌කු ආදියට දැල් ආවරණ ගසා මෙම මස 25 වැනි දිනට ප්‍රථම අධිවේගී මාර්ගයෙහි වාහන පද වන්නන්ගේ ආරක්‌ෂාව තහවුරු කරනු ඇත.

"සක්‌විති" ට ඇප දෙනවාට පැමිණිල්ලේ දැඩි විරෝධය
සක්‌විති රණසිංහ නමැත්තා ඇප මත මුදාහරින ලෙස මීට පෙර දිනක අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයෑදුමක්‌ සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්‌වමින් රජයේ නීතිඥ පීරිස්‌ මහතා එසේ කියා සිටියේය.

උත්සව සමයත් සමග බීමත්ව රිය පැදවීම නිසා සිදුවන මාර්ග අනතුරුවල වැඩිවීමක්‌
සිදුවූ රිය අනතුරු සලකා බැලීමේදී 85% ක්‌ම මිනිසුන් කරන වැරැදි වන අතර ඉතිරි 15% යාන්ත්‍රික දොaෂ නිසා සිදුවනු ඇත.

පාර්ලිමේන්තුව (20)
ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති
රාජ්‍ය සේවය ඉහළ සිට පහළට මුළුමණින්ම ප්‍රතිසංස්‌කරණය කළ යුතුයි
- මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර
ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති රාජ්‍ය සේවය ඉහළ සිට පහළට මුළුමනින්ම ප්‍රතිසංස්‌කරණය කළ යුතු යෑයි මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා ඊයේ (20 දා) අයවැය කාරක සභා අවස්‌ථා විවාදයට එක්‌වෙමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කොළඹට පාවෙන අවන්හලක්‌
ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ඉදි කෙරුණු මෙම අවන්හල සඳහා මූලික පිරිවැය රුපියල් මිලියන 100 කි. මෙම පාවෙන අවන්හල දිගින් අඩි 70 ක්‌ වන අතර පළල අඩි 30 කි. මෙහි එකවර පුද්ගලයන් 100 කට ආහාරපාන ගැනීමේ පහසුකම ඇත.

එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වය සඳහා පැවැති ඡන්ද විමසුම අවස්‌ ථාවේ සිරිකොත භූමියේදී සිදුවූ කලහකාරී තත්ත්වය හා දේපළ හානිය පිළිබඳව ඊයේ (20 දා) විප ක්‍ෂ නායක කාර්යාලයේදී එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රම සිංහ මහතා විසින් මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වන ලදී. එම තීන්දුවට විරුද්ධ වූ පිරිස්‌ විසින් සිරිකොත දෙසට එල්ල කරන ලද ගලක්‌ පෙන්වමින් රනිල් වික්‍රමසිංහ මහතා අදහස්‌ දැක්‌වූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.
ඡායා - නිශාන් එස්‌. ප්‍රියන්ත

ප්‍රහාරයේ අලාභය මිලියන 4 යි

විපක්‍ෂ නායක රනිල් වික්‍රම සිංහ මහතාගේ නිල රථයට සහ එජාප මහලේකම් තිස්‌ස අත්තනායක, භාණ්‌ඩාගාරික සෙනරත් කපුකොටුව යන මහත්වරුන්ගේ රථවලට ද හානි සිදුව ඇත.

සිරිකොත ප්‍රහාරයේ සැකකරුවන් බැලීමට
කරු-සජිත් ඇතුළු පිරිසක්‌ පොලිසි යති
සිරිකොත මන්දිරයට සහ එහි නවතා තිබූ වාහනවලට පහර දී අලාභහානි සිදු කිරීම සම් බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරු මිරිහාන පොලිසියට යැම තුළින් ඔවුන් ඒ මැර ප්‍රහාරය අනුමත කර ඇතැයි එ. ජා. ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක යෙක්‌ දිවයිනට පැවැසීය.

සීගිරියට ගංවතුර
ගංවතුර හේතුවෙන් සීගිරිය අවට ප්‍රදේශය ඊයේ (20දා) යටවී තිබූ අයුරු. ඡායා සරත් එරමිණිගම්මන

දුම්රිය සේවක පුරප්පාඩු 10,319 ක්‌
මේ වනවිට දෙපාර්තමේන් තුවේ සේවය කරනු ලබන ස්‌ථිර සේවක ප්‍රමාණය 14840 කි. අදාළ පුරප්පාඩු හේතු වෙන් වත්මන් සේවකයන් අති විශාල අතිකාල දීමනා ලබා ගනී.

කලාපයේ සංක්‍රමණික සේවක 40% කට මන්දපෝෂණය
මෙම පිරිසෙන් බහුතරය එනම් සියයට 73 ක්‌ම කාන් තාවන් වන බව කී වෛද්‍ය ශාරිකා පීරිස්‌ මහත්මිය නිදහස්‌ වෙළෙඳ කලාපයේ සේවය කරන එක්‌ සංක්‍රමණික සේවකයකුගේ මාසික ආහාර හා සෞඛ්‍ය වියදම පිළිවෙලි න් රුපියල් 3147 ක්‌ හා රුපි යල් 387 ක්‌ වන බව අව ධාරණය කළාය.

මෝසම සක්‍රීයයි කැළඹිලි ස්‌වභාවය තවදුරටත්
දිවයින ආශ්‍රිතව වායු රටාවේ හටගෙන තිබෙන තරංගාකාර කැළඹිලි ස්‌වභාවය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය.

ජීප් රිය බස්‌ රියේ ගැටී පොලිසියේ 4 දෙනකුට බරපතළ තුවාල
පෞද්ගලික බස්‌ රථය පාදුක්‌ක ප්‍රදේශයේ සිට ඉංගිරියට පැමිණ ඇති අතර පොලිස්‌ ජීප් රථය ඉංගිරිය ප්‍රදේශයේ සිට පාදුක්‌ක දෙසට ගමන් කිරීමේදී මුහුණට මුහුණ ගැටී ඇත.

මිනින්දෝරු හිඟයෙන් රජයේ මැනුම් කටයුතු රැසකට සෘජු බාධා
මිනින්දෝරු දෙපාර්තමේන් තුවට මිනින්දෝරුවන් 850 දෙනෙකුවත් අවම වශයෙන් සිටිය යුතුය. නමුත් දැනට සිටින්නේ මිනින්දෝරු නිලධාරීන් පන්සියයකටත් අඩු සංඛ්‍යාවක්‌ පමණි.

එජාපයේ ඉදිරි ගමනට කකු ලෙන් අදින්න කිසිවකුට කිසිවිටෙක ඉඩ දෙන්නේ නැහැ  - එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
එජාපයේ වත්මන් ව්‍යවස්‌ථාවෙන් තමා නොව පක්‍ෂය අගාධයට යමින් තිබෙන බවත්, එය වෙනස්‌ කළ යුතුයි යන මතයේ බහුතරයක්‌ සිටින බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලනිප පිරිස්‌ පැවරුණ වගකීම් නිසිලෙස ඉටුකරද්දී
එජාපයේ සිට ආණ්‌ඩුවට එක්‌වූ පිරිස්‌ හරි කලබලයි,
ඉක්‌මනට ඇන ගන්නවා

- ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම 
ඉවසීමෙන් වැඩකරන පුරුද්ද ශ්‍රී ලංකා නායකයන් ළඟ තිබෙනවා. ක්‍රමයක්‌ සැලැස්‌මකට අනුව යන අපිව වට්‌ටන්න කාටවත් බැහැ. අපි ළඟ බොරුව නැහැ.

ගීත රචක ඇලෝයි ගුණවර්ධන ගිලන් වෙයි
අභාවප්‍රාප්ත ඡේ. ඒ. මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල වැනි ගායකයන් වෙනුවෙන් ඒ මහතා ජනප්‍රිය ගීත රැසක්‌ රචනා කර තිබේ.


 
  • සිකුරු දුබල වීම විපක්‌ෂයට කොහොමද!

    විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර එල්ල
    වූයේ මීට පෙර එල්ල නොවූ අභියෝගයකි. මීන ලග්නය
    හිමි ඒ මහතාගේ ජන්ම පත්‍රයේ ලග්නයේ සිකුරු උච්චව
    පැවැති අතර වසර 2009 සිට 2011 නොවැම්බර් මස 16
    දින දක්‌වා සෙනසුරු හත්වැන්නේ දිග්බලව ගමන්
    කළේය.

  

  • මේ වසරේ සංචාරක පැමිණීම ලක්‍ෂ 8 ඉක්‌මවයි

    මෙම වසරේ දිවයිනට පැමිණි වාර්තාගත 800,000 වැනි සංචාරකයා වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙරට ආකර්ෂණීය ස්‌ථාන නැරඹීම සඳහා සංචාරක චාරිකා තිළිණ පැකේජයක්‌ පිළිගන්වනු ලැබීය.

  


 

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.