පැනය ඔබෙන් පිළිතුර අපෙන්

ජ්‍යෝතිෂ්‍යවේදී බී. සුගත් නන්දසිරි


එම්. රාජපක්‍ෂ කොටිකාවත්ත - අංගොඩ

ප්‍රශ්නය(- මගේ දියණියගේ විවාහය කවදා සිදුවේද? එය යෝජිත විවාහයක්‌ද? ප්‍රේම සම්බන්ධයක්‌ මත සිදුවේද?

පිළිතුර(-දියණියගේ විවාහය 2012 ජුනි මාසයෙන් පසුව සිදුවේවි. ප්‍රේම සම්බන්ධයකින් එය ස්‌ථිර වේ. අනාගතය වාසනාවන්තයි.



ජී. ඒ. ප්‍රියදර්ශනී - විකසිතගම, හුලංදාව, අකුරැස්‌ස.

ප්‍රශ්නය(- ලබන වසරේ මැයි මස රැකියාවේ උසස්‌වීමක්‌ ලැබීමට තිබුණත් නොකළ වරදක්‌ හේතුවෙන් එය නොදීමට ආයතනය තීරණය කර ඇත. එය ලැබේද? නොලැබේද? විවාහය කවදා සිදුවේද?

පිළිතුර(- ඔබට මානසික පීඩන ඇතිකරන කාලසීමාව 2012 මැයි මාසයෙන් පසුව නිමාවේ. නිහඬව බලා සිටින්න උසස්‌ වීම් ලැබේ. අවු. 27 දී මෙන්ම අවු. 30 දී විවාහ යෝග උදා කරනවා. සුදුසු පරිදි කටයුතු කරන්න.



නලින් ප්‍රියන්ත, කොග්ගල, හබරාදුව

ප්‍රශ්නය(- මගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවේද? උසස්‌ රැකියාවක්‌ ලැබේද?

පිළිතුර(- ඔබගේ අධ්‍යාපන කටයුතු මෙන්ම රැකියා කටයුතුද ඉතා සාර්ථක වෙනු ඇත. අවු. 23 න් පසුව උසස්‌ රැකියා හිමියි.



ශ්‍රියානි සොයිසා- වලාන, පානදුර

ප්‍රශ්නය(- සෙනසුරු මාරුවෙන් පසු මගේ පුතාට කොහොමද? රැකියාවක්‌ ලැබෙයිද? විවාහය කවදා සිදුවේද?

පිළිතුර(- පුතාගේ ඒරාෂ්ඨක අපල ගෙවී ඇත. වර්ෂ 2012 මැයි මාසයෙන් පසුව පුතාට යහපත් රැකියා අවස්‌ථාවන් උදා කරයි. විවාහ යෝගයක්‌දී ඒ සමඟම උදාවේ. අනාගතය හොඳයි.



ඩී. විතාන දෙමටගොඩ

ප්‍රශ්නය(- මට කුමන අංශයේ රැකියාවක්‌ හිමිද? විවාහය සිදුවන්නේ කුමන කාලයේද?

පිළිතුර(- විවාහය 2017 වර්ෂයේදී සිදුවේ. 2012 වර්ෂයේදී ඔබ විදේශගත රැකියාවකට උත්සාහ කරන්න. එම වාසනාව ඔබට ඇත.



චම්පි නිරෝෂනී අලුත්ගම - මහවිට, යක්‌කල.

පශ්නය(- යොමුකර ඇති හඳහන් දෙකට අනුව අපට දියුණුවක්‌ ලැබෙයිද? දරුඵල තිබේද?

පිළිතුර(- ඔබ දෙපලගේ කේන්ද්‍ර සටහන් අනුව දෙදෙනාටම උත්සාහයෙන් දියුණු විය හැකි බව පෙන්නුම් කරයි. 2013 වර්ෂයේදී දරුඵල පිළිබඳ බලාපොරොත්තුව සඵලවේ.



එන්. පුෂ්පලතා, මෙන්ඩිස්‌ මාවත, හැටන්.

ප්‍රශ්නය(- ස්‌වයං රැකියාවක නියෑලීමට අදහස්‌ කරමි. කුමන අංශය තෝරා ගන්නද? ලොතරැයි ජය හිමිද?

පිළිතුර(- 2012 මැයි මාසයෙන් පසුව ඔබට ස්‌වයං රැකියාවක නිරතවීම සුබයි. කෘෂිකර්ම ආශ්‍රිතව හා දියර කිරි ආශ්‍රිත රැකියාවක්‌ ඔබට සුබයි. ලොතරැයි වාසනා නිෂ්ඵලයි.



ශ්‍යාමා කුමාරි ඇඹිල්මීගම, පිළිමතලාව.

ප්‍රශ්නය(- මගේ පුතාගේ විවාහය කවදා සිදුවෙයිද? යහපත් සහකාරියක්‌ ඔහුට ලැබෙයිද?

පිළිතුර(- 2012.05.22 න් පසුව යහපත් විවාහ යෝගයක්‌ උදාවනු ඇත. ඇය උගත් බුද්ධිමත් සහකාරියක්‌ වේ. අනාගතය සැපවත් වේ.



එස්‌. ඩී. කරුණාරත්න, කොස්‌කඳවිල, යක්‌කල.

ප්‍රශ්නය(- ලබන වසර සුබද? රැකියාවේ උසස්‌වීම් අහිමිද? නිවසේ වැඩ කවදා නිමකර ගත හැකිද?

පිළිතුර(- ඔබට 2012 වර්ෂය යහපත් වර්ෂයකි. රැකියාවේ උසස්‌වීම් මෙන්ම අඩාලවී ඇති තම නිවසේ වැඩකටයුතු ද අවසන් කිරීමට හැකිවනු ඇත.



එන්. ඡේ. පෙරේරා ගම්පොළ, පාර, වැලිගල්ල.

ප්‍රශ්නය(- මගේම කියා නිවසක්‌ සාදා ගැනීමට හැකිද?

පිළිතුර(- වයස අවු. 50 දී නිවස සාදා ගැනීමට හැකියාව ලැබුණත් ඔබ එයින් ප්‍රයෝජන ගෙන නැහැ. කෙසේ වෙතත් 2015 දී පමණ බලාපොරොත්තුව ඉටුවනු ඇත.



ටී. එච්. රෙජිනෝල්ඩ් සීනිගම, හික්‌කඩුව.

ප්‍රශ්නය( අපල නිසා මා ආබාධිත වුණා. සෙනසුරා මාරුවෙන් පසුවවත් සහනයක්‌ ලැබෙයිද?

පිළිතුර(- සෙනසුරු මාරුවෙන් පසුව ඔබගේ ග්‍රහ මාර්ගය බාධක දුරුවී ඇත. දැනට සෙනසුරු අතුරු දශාවක්‌ ගත කරයි. එය 2013 සැප්තැම්බර් වනතුරු පවතී. පිනට දහමට යොමුවී කටයුතු කරන්න.



එස්‌. ඒ. එම්. බුද්ධික තල්පොත, පොළොන්නරුව

ප්‍රශ්නය(- මාහට මංගල යෝජනා ආවත් ඒවා මගහැරී යනවා. හේතුව කියන්න. දිනෙන් දින ණයකරුවකු වනවා ඒ ඇයි?

පිළිතුර(- කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ හඳහනේ දුර්වල ග්‍රහ පිහිටීම් හේතුවෙන් ආර්ථික අපහසුතාවලට මුහුණ පෑමට සිදුවෙනවා. ණය ගැනීමෙන් වැළකී සිටින්න. අවු. 33 දී විවාහය ස්‌ථිර වේ.



එස්‌. එම්. රංබණ්‌ඩා ආඬියාදෙණිය - මහරච්චිමුල්ල.

ප්‍රශ්නය(- දියණියට මෙතෙක්‌ ආ විවාහ යෝජනාවලින් කැමැති වුණේ යොමුකර ඇති හඳහනේ හිමිකරුටයි. මෙය හොඳින් ගැලපේද? දුවගේ අනාගතය කෙසේ වේද?

පිළිතුර(- යොමුකර ඇති හඳහන් 2 කේ ග්‍රහ පොරොන්දම් හොඳින් ගැළපෙන බව පෙන්නුම් කරයි. 2013 ජුනි මාසයෙන් පසු කාලය විවාහ දිවියේ සැපවත් කාලය උදා කරයි. අනාගතය සුබයි.



කරුණාජීව මට්‌ටක්‌කුලිය.

ප්‍රශ්නය(- මෙම කේන්ද්‍ර පිටපත හිමි මගේ මුණුබුරාට රැකියාවක්‌ ලැබෙන්නේ කවදාද?

පිළිතුර(- මුණුබුරාට තරමක අපල තත්ත්වයක්‌ පවතී. මේ නිසා රැකියා අවස්‌ථා ගිලිහී යයි. 2012 මැයි මාසයෙන් පසුව රැකියාවක්‌ ලැබේවි.



මංගලිකා මුණසිංහ කළුතර පාර, මතුගම

ප්‍රශ්නය(- මගේ පුතාට විදේශගතවීමක්‌ තිබේද? මොන කාලයේද?

පිළිතුර(- ඔබගේ පුතා දැනට ගත කරමින් ඇත්තේ කේතු ගේ අතුරු දශාවක්‌. මේ නිසා අදාළ බලාපොරොත්තුව ප්‍රමාද කරයි. 2012.08.19 න් පසුව උත්සාහ කරන්න.



මහේෂ් තිහගොඩ මාතර

ප්‍රශ්නය(- දැනට තියන ප්‍රේම සම්බන්ධය විවාහයෙන් අවසන් වෙයිද? අනාගතය කෙසේද?

පිළිතුර(- ඔබගේ ප්‍රේම සම්බන්ධය ස්‌ථිර වූ ප්‍රේම සම්බන්ධයක්‌. 2012 මැයි මාසයෙන් පසුව මංගල සීනු හැඬවේවි. අනාගතය ඉතා සැපවත් එකකි.



ඡේ. එන්. නිලූකා නිට්‌ටඹුව

ප්‍රශ්නය(- විවාහය කුමන කාලයේ සිදුවේද? මොන විදිහේ රැකියාවක්‌ ලැබෙයිද?

පිළිතුර(- ඔබගේ විවාහය ප්‍රමාද කරන ග්‍රහ විෂමතා හඳහනේ පවතී. විවාහය අවු. 31 න් පසුව සිදුවේවි. වර්ෂ 2012 මැයි මාසයෙන් පසුව පිළිගත් ආයතනයක යහපත් රැකියාවක්‌ ලැබේ.



ඩී. එම්. රංජිත් ගල්වංගුව, නාරම්මල

ප්‍රශ්නය(- මගේ දියණිය ඉගෙනීමට දුර්වලයි. එය ග්‍රහ දෝෂයක්‌ද? ඉදිරියේදී එම බාධක දුරුවේද?

පිළිතුර(- 2019.10.30 වනතුරු ගතකරන්නේ රාහු මහ දශාවයි. හඳහනේ බුධ ග්‍රහයා දුර්වලවීම ඉගෙනීමට බාධා කරයි. නාගර්ජුනා යන්ත්‍රය පළඳවන්න. ඉගෙනීම කැමැති අංශයකට යොමු කරන්න.



පරාක්‍රම තිලකරත්න නාරවිල පාර, මතුගම.

ප්‍රශ්නය(- මගේ පුතාගේ අනාගතය සඳහා මොන අශය සුදුසුද? විශ්වවිද්‍යාලයට යා හැකිද? හොඳ රැකියාවක්‌ ලැබේද? අපල තිබේද?

පිළිතුර(- පුතා කේතුගේ මහ දශා කාලයක්‌ ගෙවමින් සිටී. ග්‍රහ පිහිටීම් අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට බාධක ඇති කරයි. එනිසා ආර්ථික විද්‍යාව ඇසුරුකොටගෙන පරිගණක පාඨමාලාවක්‌ හදාරන්න.



ස්‌වර්ණා ඉන්ද්‍රdණි කරුණානායක නැලිගම, මීරිගම

ප්‍රශනය(- උපතේ සිට මේ දක්‌වා සැපත් නැති මගේ ඉදිරිය කෙසේ වේද? ඉදිරි කාලයෙන් මට උරුම දුකම විතරද?

පිළිතුර(- තරුණ කාලයේදී ඔබගේ විවාහය නිසි පරිදි ගැලපුනේ නම්, අනාගතය මීට වඩා වාසනාවන්ත වෙන්නට තිබුණා. පිනට දහමට යොමුවී කටයුතු කරන්න. ඉදිරිය හොඳයි.



ටී. එම්. ආර්. ත්‍යාගරාජන් - කටුපිටිය, කොස්‌ගොල්ල.

ප්‍රශ්නය - වෘත්තිය පළපුරුද්ද අනුව රැකියා ලැබුණත් මාසයක්‌ පමණ වනවිට කලකිරීමක්‌ ඇති වී රැකියාවෙන් අයින් වෙනවා. සැණෙකින් පිළිතුරක්‌ බලාපොරොත්තු වෙමි.

පිළිතුර - ඔබගේ උපන්දිනය, උපන් වේලාව, ස්‌ථානය සඳහන් කර හෝ හඳහනේ පිටපතක්‌ එවීමෙන් පසු ඔබට උපදේශයක්‌ ලබාදීමට හැකිය.



ඒ. එම්. එන්. රත්නායක - මරියාවත්ත, ගම්පොල

ප්‍රශ්නය - පළමු විවාහය අසාර්ථකයි. දෙවැනි විවාහයක්‌ හිමිද?

එය කවදා විය හැකිද?

පිළිතුර - ඔබට දෙවැනි විවාහයක්‌ සාර්ථක ලෙස පවත්වාගෙන යා හැක. විවාහයට පෙර දක්‍ෂ ජ්‍යෝතිෂවේදියකු හමුවී කේන්ද්‍රය පෙන්වා නිසි උපදෙස්‌ ලබා ගන්න. සමාජ සාරධර්මවලට අනුකූලව ජීවත් වන්න. ඔබගේ විවාහය වැඩි ඈතක නොවේ. 2012 වසරේදීම සිදුවනු ඇත.



එස්‌. සෙනෙවිරත්න - වේවැල්දෙනිය

ප්‍රශ්නය - 2011 අ. පො. ස (උ. පෙ) විද්‍යා අංශයෙන් ලිව්වා. ෂුවර් නෑ 2012 වෙනත් විෂයයන් තෝරාගන්න වෙයිද? වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට අවස්‌ථාවක්‌ ලැබේද? හැමෝම කියනව මට කුජ 7 කියල ඒක දැක්‌කනං ඉදිරියට ප්‍රශ්නයක්‌ වේයිද?

පිළිතුර - වසර 2 ක්‌ ඉගෙන ගන්න දේ නැවත වෙනස්‌ කර සාර්ථකත්වයක්‌ ලබාගත හැකිද? හැමෝගෙම දැනුම, බුද්ධිය, එක සමාන නැහැ. කරන දේ හරියට සිතා දැඩි අධිෂ්ඨානයෙන් කැපවීමෙන් කරන්න. ඔබට ජය ලබාගත හැක. කුජ 7 ඔබට පමණක්‌ පිහිටන දෙයක්‌ නොවෙයි. ඒ ගැන ගැටලුවක්‌ ඇති කරගන්න එපා. මේ අවස්‌ථාවේ ඔබට ඇත්තේ ඉගෙනීමේ කටයුතුයි. එය හරියට කරන්න.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.