ප්‍රංශ කොටි ජාලය ප්‍රභාගේ රුව සහිත මුද්දර නිකුත් කරයි

කීර්ති වර්ණකුලසූරිය

ප්‍රභාකරන්ගේ රුව ඇතුළු කොටි මුද්දර හතරක්‌ ප්‍රංශ කොටි ජාලය විසින් ප්‍රකාශයට පත්කර ඇත මේ කොටි මුද්දරවලට ප්‍රංශ තැපැල් දෙපාර්තමේන්තුව අනුමැතිය දී තිබේ. ශ්‍රී ලංකාවෙන් 2/3 ක්‌ ඊළාම් රාජ්‍යයට අයත් බව දැක්‌වෙන ඊළාම් සිතියම කොටි ධජය සහ කොටි පුෂ්පය දැක්‌වෙන මුද්දර මෙයට ඇතුළත්ව ඇත. මෙම කොටි මුද්දර පෙරේදා (28) සිට ප්‍රංශ මුද්දර සමග අලවා විදෙස්‌ රටවල සිටින කොටි ඩයස්‌ පෝරාව වෙත යෑවීමට ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධව ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් විසින් ප්‍රංශ රජය වෙත විරෝධය පා ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.