කළු දුමක්‌ නිසා පෙරේදා නොරොච්චෝලේ වැඩ නවතියි

ශිරාන් රණසිංහ, වැල්ලව - අමිල බුද්ධික, මාදම්පේ - කමල් ප්‍රියංකර

නොරොච්චෝල බලාගාරයේ ගල්අඟුරු ඇඹුරුම් යන්ත්‍ර දෙකකින් නිකුත් වූ කළු දුමාරයක්‌ නිසා බලාගාරයේ විදුලි නිෂ්පාදන පෙරේදා (05 වැනිදා) සවස නතර කරනු ලැබිණි.

මීට පෙරාතුව ද අවස්‌ථා කිහිපයකදී ගල්අඟුරු බලාගාරයේ ඇති ගල්අඟුරු ඇඹුරුම් යන්ත්‍ර පහේ සිදුවූ සුළු ගිනි ගැනීම් නිසා විදුලි සැපයුමට බාධා සිදුවිය.

පෙරේදා (05 වැනිදා) ඇතිවූ දුමාරය නිසා කල්තියාම විදුලි උත්පාදනය අත්හිටුවීමට ඉංජිනේරුවන්ක්‍රියාකර ඇත්තේ ගිනි ගැනීම වළක්‌වාලීමට යෑයි විදුලි ඉංජිනේරුවරු පවසති.

කෙසේ වෙතත් ඊයේ (06 වැනිදා) රාත්‍රියේ යළිත් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කළ බව විදුලිබල මණ්‌ඩල ඉංජිනේරුවරු සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.