හදන දිනයක්‌ හරියට කියන්න බැරිලු
නොරොච්චෝල බලාගාරය යළිත් අක්‍රිය වෙයි
විදුලි බල මණ්‌ඩලයට දිනක පාඩුව දස ලක්‍ෂ 80 ක්‌

ඉෆාම් නිශාම්

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළිත් අක්‍රිය වී ඇති අතර එමගින් ජාතික විදුලි පද්ධතියට විදුලිය සැපයීමේ කටයුතු කවදා ආරම්භ කිරීමට හැකිවේද යන්න ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයකට එහි බලධාරීහු පත්ව සිටිති.

එහි මෙගාවොට්‌ස්‌ 300 ක ධාරිතාවකින් යුත් යන්ත්‍රවලට විදුලිය සැපයීමට නොහැකි නිසා ජනතා අවශ්‍යතාවන් සපුරාලීමට පිටතින් විදුලිය ලබා ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්‌ඩලයට රුපියල් දසලක්‌ෂ 80 ක්‌ පමණ දිනකට වැය කිරීමට සිදුවනු ඇතැයි විදුලිය හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික මහතා පැවසීය.

නොරොච්චෝල විදුලි බලාගාරයේ නිතර තාක්‌ෂණික ප්‍රශ්න ඇති වන්නේ එහි පාලනය කරන චීන සමාගමේ කුමන්ත්‍රණ ක්‍රියා පිළිවෙත නිසා බැව් විදුලිබල මණ්‌ඩලයේ තාක්‌ෂණික ඉංජිනේරු වෘත්තීය සංගමයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහායක යූ. ආර්. ඒ සේනාරත්න මහතා චෝදනා කරයි.

නොරොච්චෝලේ බලාගාරය මෙහෙයවීමේ හා නඩත්තු කිරීමේ කටයුත්ත දිගටම කරගෙන යැමේ විශාල කොන්ත්‍රාත්තුව ලබාගැනීමේ කූට අදහසින් යුතුව චීන සමාගම කඩාකප්පල් ක්‍රියා කරන බවත් සේනාරත්න මහතා කීය.

පුහුණුව සඳහා ශ්‍රී ලාංකිකයන් 100 ක්‌ චීනයට යෑව්වත් ඔවුනට නිසියාකාරව පුහුණුව ලබාදී නැතැයිද ඔහු කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.