ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය
වට කිරීමේ කොටි සැලසුම


* එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේජර් ජනරාල්
   ශවේන්ද්‍ර සිල්වා සාම හමුදා උපදේශක මණ්‌ඩලයට පත් කරයි

* රජයේ ඇමැතිවරු දෙදෙනෙක්‌ 13 වැනි සංශෝධනය දිය යුතු යෑයි පවසයි

* ස්‌වයංපාලනය ගැන හඬ නඟන මන්නාරම් රදගුරුගෙන් සංදේශයක්‌

* නෝර්වේ කොටි නායක නෙදියවන් හා ඇමරිකානු ඒජන්ත
   රුද්‍ර කුමාරන්ගේ ජිනීවා සැලසුම

* 13 වැනි සංශෝධනය හෝ පොලිස්‌ හා
   ඉඩම් බලතල දුන්නොත් තවත් යුද්ධයක්‌ ඇතිවේවි - අරුන් තම්බිමුත්තු

* ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ නිදහස්‌ දින උළෙල
   බෞද්ධ විහාරස්‌ථානයේ පැවැත්වීමට තීරණය කරති

* ප්‍රංශ කොටි රැලිවල රැඟුම් දැක්‌වූ සිංහල කොටියෙක්‌ මෙරටට පැමිණේ.

* ලොව මාධ්‍ය මර්දනයේ යෙදෙන බිහිසුණුම රට ශ්‍රී ලංකාව
   යෑයි පිළිබිඹු කිරීමේ නෝර්වේ චිත්‍රපටයක්‌ නිර්මාණය වේ.
   (ප්‍රධාන නළුවා හිටපු භීෂකයෙක්‌)

* මඩකලපුවේ පට්‌ටිඑලායි ප්‍රදේශයේ විහාරස්‌ථානයක්‌ ඉදිකිරීමට
   අවසර නොදෙන්නැයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ආරියනේන්ද්‍රන්
   දිස්‌ත්‍රික්‌ ලේකම්ට නියෝග කරයි

"ඝාතකයෝ යුක්‌තිය ගැන හඬ නඟති"
- ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු

"ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරවුල් ඇතිවීමෙන් අපේ අවස්‌ථාව උදාවී ඇත."
- යුරෝපා කොටි වෙබ් අඩවිය


රුද්‍රකුමාරන්ගේ ඊළාම් ආණ්‌ඩුව නමැති ව්‍යාජ සංවිධානය
පෙබරවාරි 27 වැනිදා ජිනීවාහිදී එක්‌සත් ජාතීන්ගේ
මූලස්‌ථානය වට කිරීමට සැලසුම් කිරීම

කොටි ජාත්‍යන්තර ජාලයේ අලුත්ම තේමාව 'යුක්‌තියයි'. මේ යුක්‌තිය ඉල්ලන මිනීමරුවන් පෙබරවාරි 5 වැනිදා සිට 27 දක්‌වා ශ්‍රී ලංකාවට එරෙහිව සැලසුමක්‌ දියත් කර ඇත. මේ සැලසුම නම් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ආරම්භ වන පෙබරවාරි 27 වැනිදා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මධ්‍යස්‌ථානය වැටලීමයි.

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

අරුන් තම්බිමුත්තු




පිල්ලේයාන් විසින් සම්පන්දන්ට යෑවූ ලිපිය

ඒ සඳහා නෝර්වේහි නෙදියවන්ගේ කොටි කණ්‌ඩායම සහ ඇමරිකාවේ කොටි ඒජන්ත රුද්‍රකුමාරන්ගේ කණ්‌ඩායම එක්‌වී සිටී. තමිල් ඊළාම් ආණ්‌ඩුව නමින් හඳුන්වාගත් රුද්‍රකුමාරන් කණ්‌ඩායම විරෝධතාවක මුවාවෙන් මෙකී සැලැස්‌මට ස්‌විස්‌ පොලිසියෙන් අවසර ලබාගෙන තිබේ.

ඒ සමගම මළ ස්‌විස්‌ කොටි ජාලය බර්න්, බිසල්, සුරීච්, ලුහානෝ, සුග්, ලුසර්න්, බාසල් සහ ෂොප්හසන් යන ප්‍රදේශවලින් යළි මතුවී ඇත. ශ්‍රී ලංකා රජය යුද අපරාධකරුවකු බවට පත් කිරීමේ මේ සැලැස්‌ම ක්‍රියාත්මක කිරීම සඳහා රුද්‍රකුමාරන් ත්‍රස්‌තවාදියා විසින් ස්‌විස්‌ කොටි ක්‍රියාකාරීහු නව දෙනකු පත් කර තිබේ.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ස්‌විස්‌ රජය රුද්‍රකුමාරන්ගේ ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය පිළිගෙන ඇද්ද යන්නයි. මේ ගැන ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපතිවරයා විසින් වහාම ප්‍රතිචාර දැක්‌විය යුතුව ඇත.

නෙදියවන් විසින්
මෙම 5 වැනිදා
බ්‍රසල්ස් සිට බ්‍රියාත්මක කරන මෙහෙයුම

මේ කොටි සැලැස්‌මේ ට්‍රැක්‌ - 1 පියවර පෙබරවාරි 5 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නගරයේදී පාගමනක වේශයෙන් ආරම්භ වේ. මෙහි පසුබිමේ සිටින්නේ නෙදියවන්ය. එම පාගමන පෙබරවාරි 27 දා ජිනීවා වෙත පැමිණීමට නියමිත වී ඇත.

ස්‌විස්‌ ආරංචි මාර්ග දක්‌වන අන්දමට පෙබරවාරි 27 දා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය වටලා ශ්‍රී ලංකාව යුද අපරාධකරු බවට ප්‍රකාශ කරනතුරු එතනින් ඉවත්ව නොයැමට තීරණය වී ඇත. ඒ සඳහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෝර්වේ, ස්‌වීඩන්, නෙදර්ලන්තය සහ කැනඩාව යන රටවලින් කොටින්ව ගෙනඒමට පියවර ගෙන ඇතැයි අනාවරණය වී ඇත.

"රුද්‍රකුමාරන්ගේ කොටි ජාලය පෙබරවාරි 27 වැනිදා ද්‍රවිඩ වසන්තය (Tamil Spring) නමින් ජිනීවා සැලසුම දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා"යෑයි ස්‌විස්‌ කොටි විරෝධී ආරංචි මාර්ග තවදුරටත් හෙළි කළේය.

මේ කොටි ක්‍රියාකාරීත්වය මැද කළු කොටි බෝම්බකාරියන් ගැන චිත්‍රපටයක්‌ නිර්මාණය කළ නෝවීජියානු අධ්‍යක්‍ෂවරියක්‌ වූ බියටේ ආන්ස්‌ටඩ් ශ්‍රී ලංකාවට එරෙහි සිය 2 වැනි චිත්‍රපටය නිපදවා ඇත.

ඇය මේ චිත්‍රපටය නම් කර ඇත්තේ සයිලන්ස්‌ වොයිසස්‌ නමිනි. මෙකී චිත්‍රපටයේ රඟපාන්නේ මෙරටින් ජර්මනියට පැනගොස්‌ ජේ.ඩී.එස්‌. නමින් කොටි හිතවාදී ව්‍යාජ මාධ්‍ය සංවිධානයක්‌ අටවාගත් තැනැත්තාත් ඔහුගේ කොටි බිරියත්, ටැමිල් නෙට්‌ කොටි වෙබ් අඩවියේ වන්නි ඒජන්ත වූ ලොකිසන් ස්‌ටරේ ටොම් රොවෙයි නමැති නෝවීජියානු මාධ්‍යවේදියායි.

මෙහිදී තවදුරටත් අනාවරණය වූයේ ලොකිසන් නමැති කොටි හිතවාදී ත්‍රස්‌තයාට ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානවල සහයෙන් යුරෝපයට පැන යැමට උදව් කර ඇත්තේ ෙ-.ඩී.එස්‌. සංවිධානය බවයි. ශ්‍රී ලංකාව ලොව බිහිසුණුම රට බවට ඒත්තු ගැන්වීම සඳහා නිර්මාණය කර ඇති මෙකී චිත්‍රපටයට අනුග්‍රහය දක්‌වා ඇත්තේ නෝවීජියානු ප්‍රිට්‌ ඩර්ට්‌ නමැති රාජ්‍ය නොවන සංවිධානයයි.

සයිලන්ස්‌ වොයිසස්‌ හෙවත් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් වී සිටින මාධ්‍යවල කතාව නමින් නිර්මාණය වූ මෙකී චිත්‍රපටය සැබැවින්ම "ෙද්‍රdaහීන්ගේ" ක්‍රියාමාර්ගයකි.

මේ නෝර්වේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ "භීෂකයා" නමින් හඳුන්වන තැනැත්තා කොටි ඝාතන අනුමත කළ වන්නි මෙහෙයුම පරාජය වනු ඇතැයි දැඩි ලෙස බලාපොරොත්තු වූවෙකි.

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මෙන් වත්මන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද මුහුණපා ඇත්තේ ෙද්‍රdaහීන්ට හා චරපුරුෂයන්ට යෑයි අපි මෙයට පෙර ද කියා සිටියෙමු. (Tratiors and spys) මේ පසුබිම මැද මෙරට සහජීවනය ද එසේ නැත්නම් ජාතික ආරක්‍ෂාව ද යන බරපතළ ප්‍රශ්නය මෙරට රජය හමුවේ පැවැති මන්ද යත් රටේ සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන බොහෝදෙනා නොදනී. පසුගියදා මන්නාරම් රදගුරු රායප්පු ජොශප් ප්‍රමුඛ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යෑයි හඳුන්වා ගන්නා නව දෙනෙක්‌ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් වෙත සංදේශයක්‌ යවමින් මෙලෙස සඳහන් කර තිබිණි. "දේශපාලන විසඳුමකට පැමිණීම සඳහා ශ්‍රී ලංකා රජය සමගින් පවත්වන සාකච්ඡාවක්‌ පිළිබඳවයි. දමිළ ජනතාව නීති නියමයන් සහ යහපාලනයක්‌ ඔස්‌සේ පමණක්‌ සන්තෘප්තියට පත් කළ නොහැකිය. ඒ සඳහා ස්‌වයංපාලනයක්‌ ඔස්‌සේ අපටම අපගේ වර්තාමන දැවෙන ප්‍රශ්න විස¹ගත හැකිය. මෙහිදී ඉතා වැදගත් වන්නේ ඔබ විසින් අපගේ දේශපාලන බලාපොරොත්තු දේශයක්‌ ලෙස ස්‌වයං නිර්ණය අයිතිය සහිත වූවක්‌ බව ප්‍රකාශයට පත් කරනු ලැබීමත් ඊට දිරි දීමටත් කටයුතු කිරීමයි. අපි ඔබට පවසන්නේ 13 වැනි සංශෝධන රාමුව තුළ වාඩිවී සිටින්න කියා නොවේ. 13 වැනි සංශෝධනය තුළ ඇති ඉඩකඩ අවමය. මේ නිසා තාවකාලික විසඳුමකට පවා ප්‍රමාණවත් නැත. උතුර හා නැගෙනහිර එක්‌ කිරීම තවමත් සාකච්ඡාවකට බඳුන්කර නොමැත. ඉදිරියේ පැවැත්වෙන උතුරු පළාත් සභා මැතිවරණය අපගේ දේශපාලන ගමන්මගේ ස්‌වයංපාලන අයිතිය ලබාගැනීම සඳහා ප්‍රධාන අවහිර බාධාවක්‌ වනු ඇත. උතුරු පළාත් සභාව දමිළ විරෝධී රජයේ හිතවාදී කොටස්‌ අතට පත්වීමට ඉඩ නොදීම සඳහා අපට විකල්ප ක්‍රමවේදයක්‌ පිළිබඳව සොයා බැලිය හැකිය. අවසාන වශයෙන් ටී.එන්.ඒ. යනු සාමාන්‍ය දේශපාලන පක්‍ෂයක්‌ යෑයි අපි නොසිතන අතර අපේ ජනතාවගේ විමුක්‌තිය උදෙසා පවතින ව්‍යාපාරයක්‌ බැව් අපි විශ්වාස කරමු. මේ අරගලයේදී සිය දිවි පිදූ දහස්‌ සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු මේවාය."

මේ සන්දේශයෙන් රායප්පු ජෝශප් රදගුරුගේ හා අනිකුත් අට දෙනාගේ නම් සටහන් වී තිබිණි. සෝමසුන්දර් පරමාචාර්ය, දකුණු ඉන්දීය සහ හිටපු රදගුරු එස්‌. ජෙබනේසන්, විශ්‍රාමික කථිකාචාර්ය එස්‌. කේ. සින්නම්පලම්, කථිකාචාර්ය ආර්. කුමාර වඩිවේල්, සිවපුම් භාරයේ නිර්මාතෘ ආර්. තිරුමුරුගන්, නීතිඥ ශාන්ත අභිමාන්නසිංහම්, වෛද්‍ය එස්‌. රවිරාජ් සහ යාපනය සරසවියේ පීඨාධිපති කේ. නන්දසාමි යන පිරිස ඊට සම්බන්ධ වී ඇත. මෙයට ප්‍රතිචාර දැක්‌වූ සම්පන්දන් පවසා ඇත්තේ එහි දැක්‌වෙන කරුණු ගැන සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

එසේම කොළඹ ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යෑවූ රහස්‌ ලියවිල්ලකින් සම්පන්දන් කවුදැයි සනාථ විය. ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර ප්‍රජාව හා ද්‍රවිඩ ප්‍රජාව විසින් ක්‍රියා කිරීම සම්පන්දන් විසින් පිළිගත් බවද බුටේනිස්‌ එම ලියවිල්ලේ දක්‌වා තිබිණි.

මේ අතර වසර ගණනකට පෙර කොටි ත්‍රස්‌තවාදීන් විසින් කොළඹ දී ඝාතනය කරනු ලැබූ නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු වූ සාමිතම්බිමුත්තු හා ඔහුගේ බිරියගේ පුත් අරුන් තම්බිමුත්තු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු දැන් නැගෙනහිර පළාතේ රජයේ සංවිධායකවරයායි. තම පියාව සහ මවව කොටි විසින් මරා දමන අවස්‌ථාවේ තමාගේ වයස 7 ක්‌ යෑයි ඔහු හෙළි කළේය. "මගේ පියාව කොටි කීප වතාවක්‌ම ඝාතනය කිරීමට උත්සාහ කළා. වරක්‌ පොට්‌ටුඅම්මාන් පිස්‌තෝලයක්‌ රැගෙන මගේ ගෙදරට කඩාවැදුන අවස්‌ථාවේ මව ඔහුට කොස්‌සෙන් පහර දුන් බවද හෙතෙම අනාවරණය කළේය.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් යොමු කිරීමට උත්සාහ කරන 13 වැනි සංශෝධනය සහ පොලිස්‌ හා ඉඩම් බලතල ගැන ඔහු දැඩි විරෝධය පළ කළේය. "ද්‍රවිඩ ජනතාව මේ බලතල ඉල්ලන්නේ නැහැ. වර්ධරාජා පෙරුමාල් මහ ඇමැති ලෙස කටයුතු කරද්දී පොලිසියක්‌ පිහිටුවා ඊට ද්‍රවිඩ තරුණයන්ව බලහත්කාරයෙන් බඳවා ගත්තා. ඊට ද්‍රවිඩ සන්ධානයේ දැන් සිටින මන්ත්‍රීවරයකුත් සම්බන්ධයි"යෑයි අරුන් කියා සිටියේය.

13 වැනි සංශෝධනයත් ඊටත් එහා බලතල දීමත් යනු රට දෙකඩ කිරීමක්‌ බවටත් හෙතෙම දැඩි ලෙස අනතුරු ඇඟවීය.

අරුන් තවදුරටත් පැවසුවේ දැනට පවතින ප්‍රශ්නය නම් භාෂා පිළිවෙත කඩිනමින් ක්‍රියාත්මක නොවීම බවයි. මඩකලපුවට එන සිංහල ජනතාවටත් ප්‍රශ්නයක්‌ ඇතිවී තිබෙනවා. මේ ප්‍රදේශයේ නාමපුවරු ඇත්තේ ද්‍රවිඩ භාෂාවෙන්. එසේ නම් අපේ පළාතෙන් ද සිංහල ජනතාවට වෙනස්‌කම් සිදුවෙනවා නොවේද?" යෑයි මධ්‍යස්‌ථ පිළිවෙතක්‌ අනුගමනය කරන අරුන් තම්බිනායගම් පළ කළේය.

එසේම ද්‍රවිඩ සන්ධානය ගතවූ වසර තිහ තුළ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ලබාගත් දෙයක්‌ නැතැයි යනුවෙන් ඔහු චෝදනා කළේය. විදේශ සවාරි යන්නත් විරෝධතා පැවැත්වීමත් හැර ඔවුන් කළ දෙයක්‌ නැහැ"යෑයි හෙතෙම සඳහන් කළේය.

"මේ 13 වැනි සංශෝධනය ඇස්‌බැන්දුමක්‌. ඉන් ප්‍රශ්න රැසක්‌ ඇති කරනවා. උතුර නැගෙනහිරට පොලිස්‌ බලතල ලබා දුන්නොත් උඩරට ප්‍රදේශය, කොළඹ වැල්ලවත්ත වැනි ප්‍රදේශවල සිටින ද්‍රවිඩ ජනතාවටත් ලබාදිය යුතුද? වැල්ලවත්තේ ද්‍රවිඩ ජනතාව පදිංචිව සිටීමට ඇති හිමිකම මෙන්ම යාපනයේ සිංහල ජනතාවටත් පදිංචිවීමටත් හිමිකමක්‌ තිබෙනවා"යෑයි අරුන් වැඩිදුරටත් කියා සිටියේය.

උතුරේ බෞද්ධ සිද්ධස්‌ථාන ස්‌ථානගතවීම සම්බන්ධව ද්‍රවිඩ සන්ධානය ගෙන යන ප්‍රචාර ඔහු එක හෙළාම ප්‍රතික්‍ෂේප කළේය.

මගේ මියගිය පියා එදා පැවසුවේ ද්‍රවිඩ තරුණයන්ව සටන්කාමීත්වයට යොමු කිරීමෙන් ද්‍රවිඩ ජනතාවට බරපතළ ලෙස වන්දි ගෙවීමට සිදුවන බවයි. අද සමහරුන්ට යළිත් වරක්‌ යුද්ධයක්‌ ඕනෑ වී තිබෙනවා"යෑයි අරුන් තම්බිනායගම් සෘජුවම සඳහන් කළේය.

මේ හැර මෙතෙක්‌ මෙරට ජනතාවට හෙළි නොවූ රහසක්‌ ද ඔහු හෙළි කළේය. ඒ සිය පියා සතුව තිබූ වටිනා පොත් 6000 ක්‌ ප්‍රභාකරන්ගේ නියෝගය මත වත්තේ වළක්‌ කපා පුළුස්‌සා දැමීමයි. "එදා මගේ තාත්තා (සෑම්තම්බිමුත්තු) පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්න කළා. යාපනය පුස්‌තකාලය ගිනි තැබීම ගැන බෙරිහන් දෙන පිරිස්‌ තමාගේ පොත් ගිනි තැබීම ගැන විරෝධය පළ නොකරන්නේ මන්ද කියා"යෑයි අරුන් පළ කළේය.

කොටි සංවිධානය විසින් අරුන්ව හා ඔහුගේ මවව පැහැරගෙන ගොස්‌ කරුණාගේ කිරාන් කඳවුරේ සිර කරගෙන සිටි අතර පසුව බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් කොටි න්‍යයාචාර්ය ඇන්ටන් බාලසිංහම් වෙත කරන ලද දැඩි බලපෑම නිසා ඔවුන්ව මුදාහැර තිබේ. දෛවය එක්‌ දොරක්‌ නොවසා තවත් දොරක්‌ විවෘත කරන්නේ නැතැයි පැවසුවේ වික්‌ටර් හියුගෝ නමැති ප්‍රංශ ගත්කතුවරයායි. අද කරුණා රජයේ ඇමැතිවරයෙකි. අරුන් කරුණාගේම ප්‍රදේශයේ රජයේ සංවිධායකවරයායි. මේ අතර ටෙලෝ, ප්ලොට්‌, ඊ.පී.ආර්.එල්.එµa., ටී.යූ.එල්.එµa. සහ තමිල් අරසු කච්චි යන පක්‍ෂ ද්‍රවිඩ සන්ධානය සමග එක්‌ව ක්‍රියා කිරීමට තීරණය වී ඇත.

මේ සඳහා නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන් ද සම්බන්ධවීමට කැමැත්ත පළ කර ඇතැයි ද්‍රවිඩ සන්ධාන ආරංචි මාර්ග හෙළි කළේය. පිල්ලෙයාන් මේ සතියේදී ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් වෙත ලිපියක්‌ ද යවා තිබේ.

මේ පසුබිම මැද ඉදිරියේදී දැඩි අනතුරුදායක තත්ත්වයක්‌ මතුවීමට ඉඩ ඇති බව සනාථ නොවන්නේද? මෙම තත්ත්වය මත ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ලබන සතියේදී ඉන්දියාව බලා ගොස්‌ ඉන්දීය බලධාරීන් හමුවී ශ්‍රී ලංකා රජයට එරෙහිව පැමිණිලි කිරීමට සූදානම් වී ඇත.

මේ නිසා 1987 දී ඉන්දියාව දියත් කළ දේශපාලන ක්‍රියාව මෙවරත් ඇති කිරීමට (Indian game) සැලසුම් වී තිබෙන බව සිහිබුද්ධිය ඇති පාර්ශ්වයන්ට පැහැදිලි වනු නියතය.

මේ අතර මෙරට නෝවීජියානු තානාපතිනිය වූ හිල්ඩ් හැරල්ස්‌ටඩ් මෙරට සාම වෙළෙඳුන්ට සම්බන්ධ මාධ්‍යවේදිනියකගේ සහයෙන් නෝර්වේ රටට එල්ලවූ අවමානය වසා ගැනීමට උත්සාහ කර ඇත. එහෙත් ඇමරිකානු යුද රහස්‌ ලියවිලිවලින් නෝවීජියානු තානාපතිවරු ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කළ අයුරු සනාථ වී තිබේ.

කොටින්ට අධි සම්ප්‍රේෂණ යන්ත්‍ර සැපයුවේ නෝර්වේ තානාපති ජෝන් වෙස්‌බර්ග්ය. ට්‍රයිගේට්‌ ටෙලිප්සන් නමැති නෝර්වේ සටන් විරාම ප්‍රධානියා කොටින්ට මුහුදු කලාපයක්‌ දීමට කළ යෝජනාවට නාවික හමුදාපතිව සිටි දයා සඳගිරි මුළුමනින්ම විරුද්ධ විය. කොටින්ට එරෙහි සාම්පූර් මෙහෙයුම නතර කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලුවේ තානාපති හෑන්ස්‌ බ්‍රට්‌ස්‌කාර්ය.

ටෝරේ හැට්‌රන් නමැති තානාපතියා වන්නි මෙහෙයුම ගැන ඔත්තු බැලීමේ තොරතුරු මැද වත්මන් නෝවීජියානු තානාපතිනිය මෙරට දේශප්‍රේමී මාධ්‍ය නිදා සිටින්නේ යෑයි සිතන්නේද?

මේ අතර කොටි ජාත්‍යන්තර ජාලය විසින් ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩයන්ට ඊළාම් රාජ්‍යයකට හිමිකම් ඇති බව පෙන්නුම් කිරීමට නෙදර්ලන්තයේ සිටින පිලිපීන මහාචාර්යවරයකු වන ජෝසේ මරියා සිසන් ලවා ප්‍රකාශයක්‌ නිකුත් කර ඇත. එහෙත් මේ ජෝසේ මරියා සිසන් ත්‍රස්‌තවාදයේ ආධාරකරුවකු යෑයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇතැයි හෙළි විය.

මේ සතියේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරද්දී කොටි ත්‍රස්‌තවාදයේ ආධාරකරුවෝ වෙස්‌ මුහුණු පැළඳ මෙරටට පැමිණ ඇති බව සනාථ විය.

මින් එක්‌ අයෙක්‌ ප්‍රංශයේ කොටි රැළිවලට පෙරමුණ ගෙන කොටි හඬ නැඟූවෙකි. ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ මේ කොටි හිතවාදියාව හඳුනාගෙන ඇත.

මෙවර ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයන් පෙබරවාරි 4 වැනිදා නිදහස්‌ දින උත්සවය ප්‍රංශ බෞද්ධ විහාරස්‌ථානයේ පැවැත්වීමට තීරණය කර තිබේ. මෙයට හේතුවී ඇත්තේ තානාපති නිලධාරියකු විසින් පසුගිය නිදහස්‌ දින උත්සවයේදී ජාතික ගීය වාදනය කිරීමට හා ජාතික කොඩිය එසවීමට ඉඩ නොදීමයි.

මේ අතර එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා ක්‍රියා පරිපාටියට අදාළ උපදේශ මණ්‌ඩලයේ සාමාජිකයකු ලෙස එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් විසින්ම පත් කර ඇත.

නේපාලය, පීජි සහ සෞදි අරබියාව යන රටවල් ඒ සඳහා සිය උපරිම සහාය දී තිබේ. ආසියානු ජාතිකයකු මෙකී උපදේශක මණ්‌ඩලයට පත්වූ මුල් අවස්‌ථාව මෙයයි.

මේ නිසා ඇමරිකානු කොටි ජාලය හා මෙරට කොටි හිතවාදීහු දැඩි කම්පනයකට පත්වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.