හිතේ හැටියට තෑගි පිරිනමන මහජන බැංකුවේ "ජය ශ්‍රී"
තෑගි තරගය යළි ඇරැඹේ

ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකගේ විශ්වාසය දිනාගත් ජනප්‍රියතම මහා තෑගි තරගය "ජයශ්‍රී" මහජන බැංකුව විසින් යළිත් ආරම්භ කර ඇත.

මහජන බැංකුවේ "ජයශ්‍රී" මෙරට බැංකු ඉතිහාසයේ වැඩිම තෑගි ප්‍රමාණයක්‌ ලබාදෙන තරගය ලෙස මෙවර ඉතිහාසගත වේ.

"ජයශ්‍රී 2012" ලෙස නම් තබා ඇති මෙම තරගය පෙබරවාරි 01 දා සිට ආරම්භ කෙරේ. බාලවයස්‌කාර ගිණුම් හැර මහජන බැංකුවේ ඕනෑම ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුමක්‌ පවත්වාගෙන යන අයෙකුට ජයශ්‍රී 2012 තරගයට ඇතුළු විය හැකිය.

ජයශ්‍රී 2012 මාසික දිනුම් ඇදීම සහ වාර්ෂික දිනුම් ඇදීම ලෙස තලයන් දෙකක්‌ යටතේ පැවැත්වේ. මාසික දිනුම් ඇදීමේ තරගයේදී අඩුම තරමින් එක්‌ ශාඛාවකට තෑගි තුනක්‌ හෝ හිමිවන පරිදි තෑගි 1070 කට ආසන්න සංඛ්‍යාවක්‌ පිරිනැමේ. පළමු ත්‍යාගය ලෙස මයික්‍රෝ පැන්ඩා වර්ගයේ මෝටර් රථයක්‌ පිරිනමන අතර මෝටර් රථය අවශ්‍ය නොවන ජයග්‍රාහකයන්ට ඒ වෙනුවට ටැෙµa ට්‍රැක්‌ටර් තෝරාගත හැක. දෙවැනි ත්‍යාග ලෙස දිවයිනේ සෑම ප්‍රාදේශිකයකටම තයාග දෙකක්‌ හිමිවන පරිදි එල්.ඊ.ඩී. අඟල් 24 ප්‍රමාණයේ වර්ණ රූපවාහිනි 48 ක්‌ද සැනසිලි තෑගි ලෙස මික්‌ස්‌චර් ග්‍රයින්ඩර් 1020 ක්‌ද පිරිනැමේ.

වාර්ෂික මහා දිනුම් ඇදීමේදී ජයග්‍රාහකයන් තිදෙනකුට හොණ්‌ඩා සිවික්‌ වර්ගයේ අති නවීන මෝටර් රථ තුනක්‌ පිරිනැමේ. මෙතෙක්‌ වෙළෙඳපොළට හඳුන්වා දී නැති එකක්‌ රුපියල් ලක්‌ෂ හැටපහක්‌ පමණ වටිනා මෙම මෝටර් රථ "ජයශ්‍රී 2012" සමගින් ශ්‍රී ලාංකීය රථවාහන වෙළෙඳපොළට පැමිණීමද විශේෂත්වයකි.

ජයශ්‍රී මාසික තරගයට ඇතුළු වීමට නම් ඉහත සඳහන් කළ ආකාරයේ ඕනෑම ගිණුමක මාසයෙ පළමු දින සිට අවසන් දිනය දක්‌වා රුපියල් දස දහසක හෝ දස දහසේ ගුණාකාරයකින් යුත් ශේෂයක්‌ තිබිය යුතුය. එසේ ඇති සෑම රුපියල් දස දහසකටම එක්‌ වාරයක්‌ බැගින් තරග කිරීමේ අවස්‌ථාව ලැබෙන අතර රුපියල් 50,000 ක්‌ ශේෂය ලෙස ඇත්නම් තරග අවස්‌ථා පහක්‌ හිමි වේ.

වාර්ෂික මහා දිනුම් ඇදීමේ තරගයට හිමිකම් පෑමට නම් පෙබරවාරි මාසයේ සිට දෙසැම්බර් අවසානය දක්‌වා මාසිකව ගිණුමේ ශේෂය රුපියල් 50,000 ක්‌ හෝ එහි ගුණාකාරය දැක්‌වෙන මුදලක්‌ තිබීම අවශ්‍යය. උදාහරණයක්‌ ලෙස ගතහොත් රුපියල් ලක්‌ෂ පහක ශේෂයක්‌ තිබේ නම් තරග අවස්‌ථා දහයක්‌ හිමි වේ.

වැඩි කලක්‌ බැංකුවේ වැඩි මුදලක්‌ ශේෂගතව තිබෙන ගනුදෙනුකරුවන්ට ජයශ්‍රී 2012 තරගයට සහභාගි වීමේ වැඩි අවස්‌ථා ලැබේ.

"ජයශ්‍රී 2012" විශේෂත්වයක්‌ දක්‌නට ලැබේ. විශාල වටිනාකමක්‌ ඇති එක්‌ ත්‍යාගයක්‌ එක්‌ ගනුදෙනුකරුවකුට පමණක්‌ පිරිනමනවාට වඩා වැඩි දෙනකුට දිනුම් අවස්‌ථා වැඩි ගණනක්‌ යටතේ ත්‍යාග පිරිනැමීම "ජයශ්‍රී 2012" විශේෂත්වය වේ.

සෑම මසකම දිනුම් ඇදීම ඊළඟ මාසයේ පළමු සතියේ දී සිදු කෙරේ. "ජයශ්‍රී 2012" පෙබරවාරි මාසයේ සිට ආරම්භ කරන අතර වාර්ෂික මහා තෑගි තරගය සඳහා දිනුම් ඇදීම 2013 ජනවාරි මස සිදු කෙරේ. ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්‌ෂණය යටතේ සියලු නීති රීතිවලට යටත්ව "ජයශ්‍රී 2012" දිනුම් ඇදීම සිදුවන අතර මහජන බැංකුවේ කාර්ය මණ්‌ඩලයට සහ පවුලේ අයට මෙම තරගය වලංගු නොවේ.

ජාතික ආර්ථිකය නංවාලීම සඳහා වැඩි දායකත්වයක්‌ දක්‌වන මහජන බැංකුව ජනතාව ඉතිරි කිරීම් සඳහා වැඩි වැඩියෙන් පෙළඹවීමට කටයුතු කරන බැංකුවකි. ඒ ආර්ථික සංවර්ධනය සඳහා ඉතුරුම් වැදගත් වන හෙයිනි.

දිවයින පුරා ශාඛා 714 ක්‌ තිබෙන මහජන බැංකුව සමග ගනුදෙනු කරන ඕනෑම කෙනකු පූර්ණ වශයෙන් තෘප්තියක්‌ ලබා ගනී. අඛණ්‌ඩව වසර ගණනක්‌ ජනතා සම්මානයෙන් පුද ලද මහජන බැංකුවට එම ජනප්‍රසාදය තවමත් ලැබෙමින් තිබේ. අලුත උපදින සිඟිත්තාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්‌වා විවිධ ආකාරයේ ගිණුම් වර්ග මහජන බැංකුව විසින් හඳුන්වාදී තිබේ. එකී ගිණුම් ක්‍රම යටතේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන ප්‍රතිලාභ විශාලය. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය, කුඩා හා මධ්‍ය පරිමාණ ණය, නිවාස ණය, අධ්‍යාපන ණය ආදී ණය ක්‍රම

රැසක්‌ අඩු පොලී අනුපාතයන් යටතේ මහජන බැංකුව විසින් ලබා දේ. දිවයිනේ තිබෙන සෑම ශාඛාවක්‌ සමගම ජාලගතව ඇති මහජන බැංකුව සිය ගිණුම් හිමියන්ට ඕනෑම ශාඛාවකින් ගනුදෙනු කිරීමේ හැකියාවද සලසා දී ඇත.

නවීන තාක්‌ෂණයට අනුගතව ඇති මහජන බැංකුව මගින් අන්තර්ජාල බැංකු කටයුතු, ජංගම හා කෙටි පණිවුඩ එස්‌.එම්.එස්‌. බැංකු සේවා, ජාත්‍යන්තරව ගනුදෙනු කළ හැකි වීසා ඩෙබිට්‌ කාඩ්පත් පහසුකම්ද ලබාදී ඇත.

ජයශ්‍රී 2012 මහා තෑගි තරගය අද (29 දා) එළිදැක්‌වේ.

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරි/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ මහත්මිය සහ අලෙවි ප්‍රධානී දීපාල් අබේසේකර මහතා සමග කළ සාකච්ඡාවක්‌ ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

අජිත් අලහාකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.