|
|
|
|

ශ්‍රී ලංකාවේ අංක එකේ වානේ
නිෂ්පාදකයා "ලංවා"
හරිත
වන් ලිය ගොමුවලින් සුසැදි ඒ භූමිය තෙරක් නොපෙනෙන තරමටම
විශාලය. පරිසරයේ නිසල බව බිඳිමින් සියොතුන්ගේ ගී නද ලිය ගොමු
අතරින් ඈතින් ඈතට ගලා ගියේය. කොක්‌කු කිහිපදෙනෙක් දිය පොකුණ
අසල මාළුන්ට කුරුමානම් අල්ලමින් සිටියහ. තුරුපත් සිප ඇදී යන
සිහින් මඳනල ගතට පවන් සලන්නාක් සේ මට දැණිනි. පරිසරයේ
සෞන්දරත්වය විඳිමින් අපි තව තවත් ඉදිරියට ඇදුනෙමු.
මේ වන උද්‍යානයක් නම් නොව, යකඩ නිෂ්පාදනය කරන
කර්මාන්තශාලාවක් කීවොත් ඔබ විශ්වාස කරන්නේද? සැබැවින්ම මේ
වානේ කර්මාන්තශාලාවකි. එනම් ශ්‍රී ලංකාවේ විශාලතම වානේ
නිෂ්පාදන ආයතනය වන ලංකා වානේ සංස්‌ථාව පිහිටා තිබෙන්නේ මේ
සුන්දර පරිසරයේය.
1960 වර්ෂයේ මුලින්ම වානේ කූරු සහ වානේ වයර් නිෂ්පාදන ආයතනයක්
ලෙස ආරම්භ වූ ලංවා ආයතනය රුසියානු සමූහආණ්‌ඩුවෙන් මෙරටට ලැබුණු
පරිත්‍යාගයකි. ක්‍රමයෙන් පාඩු ලබන ආයතනයක් බවට පත් වූ ලංවා
ආයතනය 1985 වර්ෂයේදී කොරියන් සමාගමකට විකුණන ලදී. කොරියන්
සමාගමට නතු වීමත් සමග පිරිහෙමින් ආගාධයට වැටෙමින් තිබුණු ලංවා
ආයතනය නැවතත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුට හිමි, එක්‌සත් ආරාබි
එමීර් රාජ්‍යයේ මූලස්‌ථානය පිහිටා ඇති ඔනික්‌ස් සමූහ
ව්‍යාපාරයේ කොටසක් බවට පත් විය. පිරිහෙමින් පැවති ලංවා ආයතනයට
නව ආලෝකයක් ලැබිණි. වැඩි කාලයක් ගත වූයේ නැත. මෙරට ආර්ථිකයට
සෘජු දායකත්වයක් සපයන දැවැන්තම වානේ නිෂ්පාදන ආයතනය බවට ලංකා
වානේ සංස්‌ථාව නැවත පත් විය.
"ජාත්‍යන්තර තලයේ ඕනෑම වානේ නිෂ්පාදනයකට අභියෝග කරන්න පුළුවන්
වානේ අපේ ආයතනය නිෂ්පාදන කරනවා. ඒ වගේම අපේ නිෂ්පාදන සඳහා
ජාත්‍යන්තර ඉදිකිරීම් සමාගම් ද ඉහළ විශ්වාසයක් තබා තිබෙනවා.
ඔනික්‌ස් සමූහ ව්‍යාපාරයට ඇති ජාත්‍යන්තර සබඳතාවන් ඔස්‌සේ අපේ
නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙනයැමට දැනටමත් සැලසුම් සකස්
කරලා තියෙනවා" යෑයි නිරෝෂන් මහතා පැවසීය.
මෙම දැවැන්ත ආයෝජනයන් සමග QT (Quenching Tempering)
තාක්‍ෂණයෙන් යුතු සංයුක්‌ත (Compact) පළමු අධිතාක්‍ෂණික වානේ
නිෂ්පාදනාගාරයක් ශ්‍රී ලංකාවට ලැබිණි. මෙම වානේ නිෂ්පාදනාගාරය
ලෝකයේ වානේ කර්මාන්තයේ යන්ත්‍රොපකරණ නිපදවන පුරෝගාමීන් වන
ඉතාලියේ ඩැනියෙලි සමාගමේ නිපැයුමකි. එමෙන්ම උපරිම තාක්‍ෂණය
යටතේ ලංවා ආයතනය නිෂ්පාදනය කරනු ලබන වානේ කම්බි කූරු ලෝකයේ
ඕනෑම ඉදිකිරීමකට වර්තමානයේ භාවිත කළ හැකිය. දැනට ලංකාවේ භාවිත
වන කම්බි කූරුවල ශක්‌තිය 460 Mp වන මුත් ලංවා ආයතනයේ නව
නිෂ්පාදනවල ශක්‌තිය 500-550 Mp කි. ලෝකයේ දැනට භාවිත වන වානේ
කම්බිවල ඉහළම තාක්‍ෂණය මෙයයි. කම්බිවල ශක්‌තිය ද ඉහළ මට්‌ටමක
පවතින අතර, පතුරු ගැලවීම, ඉරි තැලීම, පිපිරී යැම ලංවා කම්බියේ
දක්‌නට නොලැබේ. මළ බැඳීම අඩු කරන අතර කම්බියට කම්බියක්
පෑස්‌සීමේ ඉහළ හැකියාවක්‌ද පවතී. තවද කම්බිය සතු නම්‍යශීලිත්වය
වැඩි වීම නිසා භූකම්පනයන්ට ඔරොත්තුදීමේ හැකියාව ද ඇත.
වර්තමානයේ ප්‍රමිතියෙන් තොර වානේ කම්බි වෙළෙඳපොළට පැමිණ ඇති බව
සත්‍යයකි. ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන ඉදිරියේ අන්ත අසරණභාවයට
පත්ව සිටින පාරිභෝගිකයාට සැනසුම් සුසුමක් හෙළා සතුටු විය හැකි
වානේ නිෂ්පාදන වගකීමක් සහිතව හඳුන්වා දී ඇත්තේ ලංකා වානේ
සංස්‌ථාව පමණි. එමෙන්ම වානේ නිෂ්පාදන අමුද්‍රව්‍යයක් ලෙස
භාවිත කොට තම ව්‍යාපාර මෙහෙයවන ආයතනයන්ට තමන්ගේ නිපැයුමට ඉහළ
ප්‍රමිතියක්, සාධාරණ මිලක්, තම සේවා දායකයාට විශ්වාසනීය
සේවයක් සලසාදීමට හැකි අමුද්‍රව්‍ය තත්ත්ව සහතිකයක් සහිතව
ලබාදීමට ලංකා වානේ සංස්‌ථාව ඇප කැප වී සිටියි. ශ්‍රී ලාංකීය
පාරිභෝගිකයාට සාධාරණ මිලකට ජාත්‍යන්තර මට්‌ටමේ නිෂ්පාදනයන් ලබා
දෙන එකම වානේ කර්මාන්තශාලාව ලංවා ආයතනය බවට විවාදයක් නැත.
මෙරට අංක එකේ වානේ නිෂ්පාදකයා ලෙස ලංවා ආයතනය වසරකට වානේ කම්බි
මෙටි්‍රක් ටොන් 9000 ක් පමණ ලංකාව පුරා බෙදාහරිමින් සිටියි.
නව නිෂ්පාදනාගාරය ඇරඹීමත් සමග එය මසකට ටොන් 1800 ක් වනු සැක
නැත. කිසිදු අවස්‌ථාවක ශ්‍රී ලාංකික වෙළෙඳපොළෙහි වානේ කම්බි
හිඟයක් ඇති නොවන අතර එය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ඉදිරි ගමනට
මහත් පිටිවහලක් වන බව නොඅනුමානය.
විදුලි උප පොළක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම ව්‍යාපාරික
ආයතනය ලංවා ආයතනය පමණි. විදුලියෙන් පමණක් ද නොව,
ජලපොම්පාගාරයකට හිමිකම් කියන ලංකාවේ එකම පුද්ගලික ආයතනය ද ලංකා
වානේ සංස්‌ථාව පමණි.
ලංකාවේ අති නවීණ යාන්ත්‍රික කම්හලකින්ද (Mechanical Shop) ලංවා
ආයතනය ශක්‌තිමත්ය. මේ නිසා යකඩවලින් සිදුකරනු ලබන ඕනෑම ලියවන
පට්‌ටල් නිපැයුමක් මෙහිදී පහසුවෙන් කරගත හැකිය. එමෙන්ම ලංකා
වානේ සංස්‌ථාව සතුව යකඩ නිපදවීමේ අමුද්‍රව්‍ය (Billets) මෙ.
ටොන් 15,000 ක් සහ ආරක්‍ෂිත තොග ලෙස නිමි ද්‍රව්‍ය මෙ. ටොන්
10,000 ක් ගබඩා කර ගත හැකි ගබඩා පහසුකම් ඇති බව සඳහන් කළ
යුතුය.
"හැම දේකටම වඩා අපිට වටින්නේ මිනිස් සම්පතයි. සියයට සියයක්‌ම
ලංකාවේ ශ්‍රමිකයන් තමයි අපේ ආයතනයේ සේවය කරන්නේ. ලෝහ
විද්‍යාඥයන්, විදුලි ඉංජිනේරුවරුන්, යාන්ත්‍රික ඉංජිනේරුවන්,
මෝටර් යාන්ත්‍රික ඉංජිනේරුවන් සහ සිවිල් ඉංජිනේරුවන් සහ විදේශ
රටවල විශේෂඥතා පුහුණුව ලත් රසායනාගාර විද්‍යාඥයන් ද අප ආයතනයේ
සේවය කරනවා. මේ වගේ විශේෂඥ දැනුමකින් පිරිපුන් ආයතනයක් නිසයි
රටට අවශ්‍ය ඕනෑම නිෂ්පාදනයක් අප ආයතනයට නිෂ්පාදනය කරන්න
පුළුවන් වෙලා තියෙන්නෙ. රුපියල් මිලියන අසූ හතරක වියදමින්
යුරෝපයේ නිෂ්පාදිත අති නවීන යන්ත්‍රෝපකරණ අපේ ආයතනයේ සවි කරලා
තියෙනවා. නිෂ්පාදන කටයුතු සඳහා අති නවීන යන්ත්‍රෝපකරණ යොදාගෙන
තියෙන ලංකාවේ ප්‍රථම හා එකම වානේ වාත්තු කර්මාන්තශාලාව අපේ
ආයතනය විතරයි. වර්ෂයකට වාත්තු නිෂ්පාදන ටොන් 6000 ක් දක්‌වා
වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙවැනි යන්ත්‍රෝපකරණ ආනයනය
කිරීමත් සමගයි.
අපගේ වාත්තු කම්හලේ නිර්මාණයන් අතර ශ්‍රී ලංකාවේ ඇති එකම සුදු
යකඩ බුදු පිළිමය විශ්මිත නිර්මාණයක් වෙනවා. ඒ නිසාම අපි ඒ
බුදු පිළිමය අපගේ ආයතනයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල තැන්පත්
කර තිබෙනවා. ඒ වගේම කාබන් වානේ සහ නොගෙවෙන වානේ රස්‌නයට
ඔරොත්තු දෙන වානේ, සුදු යකඩ සහ ඇලෝයි වාත්තු නිපදවන්න පුළුවන්
අපේ ආයතනයේ විතරයි. මෙම නිෂ්පාදන නිසා කෝටි ගණන් පිටරට ඇදී ගිය
විදේශ විනිමය රට තුළ නවතාගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. ඒ
වගේම අපේ රටට ආයනයනය කරන ත්ත්වයෙන් බාල වානේ පයිප්ප වෙනුවට
නියමිත ප්‍රමිතියෙන් යුත් පයිප්ප නිෂ්පාදනය කරලා විදේශ රටවලට
ඇදී ගිය විශාල විදේශ විනිමයක් අපි රටට ඉතුරු කරලා දෙන්න
බලාපොරත්තු වෙනවා. අපගේ නව වානේ පයිප්ප නිෂ්පාදනාගාරයේ
නිෂ්පාදන තව නොබෝ දිනකින් වෙළෙඳපළට ලබාදෙන්න අපි දැනටමත් අපි
සැලසුම් කර තිබෙනවා."
එසේ සමාජ සද්කාර්යන්ට උර දී සිටින ලංවා ආයතනය තම සේවකයන්ගේ
සුබසිද්ධිය උදෙසා විශාල සේවයක් කරන බව නොකිවමනාය. සිත් ගන්නා
සුළු වැටුප්, අමතර දීමනා, සෞඛ්‍ය සේවා ලබාදීමට සෞඛ්‍ය
දෙපාර්තමේන්තුව පිළිගත් මට්‌ටමේ ප්‍රතිකාර සහිත රෝහලක් ද
වෛද්‍ය මණ්‌ඩලයක් ද පවත්වාගෙන යනු ලැබේ. මෙවැනි දේශීය සහ
ජාත්‍යන්තර සම්මානයට සහ පැසසුම් ලබා ඇති කීර්තිමත් වානේ
නිෂ්පාදන ආයතනයක් සහිත වානේ කාර්මික ජනපදයක් ශ්‍රී ලාංකිකයකු
සතු වීම ජාතියට මහත් ආඩම්බරයක් නොවේද?
තරංග රත්නවීර |
|
|
|