|
|
|
|

ස්‌ලිම්-නීල්සන් ජනතා සම්මාන උළෙල
බ්‍රහස්‌පතින්දා වෝටර්ස් එඡ්හිදී
අජිත් අලහකෝන්
ජන
ප්‍රසාදයට පාත්‍ර වූ වසරේÊවිශිෂ්ටතම සමාගම්, වෙළෙඳ ලකුණු,
සන්නාම නාම මෙන්ම කලා ශිල්පීන් හා ක්‍රීඩකයන්ට සම්මාන පුදන
ස්‌ලිම් - නීල්සන් ජනතා සම්මාන උළෙල (SLIM - Nielsen Peoples
Awards) ලබන බ්‍රහස්‌පතින්දා (02 දා) සවස බත්තරමුල්ල වෝටර්ස්
ඒඡ්හිදී අභිමානවත් අන්දමින් පැවැත්වේ.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ නීල්සන් ආයතනය එක්‌ව මෙම
සම්මාන උළෙල වාර්ෂිකව පවත්වනු ලබයි.
දිවයින, දි අයිලන්ඩ් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන
ජනතා සම්මාන උළෙලේ විශේෂත්වය වන්නේ සම්මාන සඳහා සුදුස්‌සන්
තේරීම විනිශ්චය මඬුල්ලක් මගින් සිදු නොකිරීමයි. සම්මානලාභීන්
තෝරාපත් කර ගන්නා ජූරිය වන්නේ රට පුරා වෙසෙන ජනතාවය. ලෝක
ප්‍රකට පිළිගත් සමීක්‍ෂණ ආයතනයක් වන නීල්සන් සමාගම විසින්
ජනතා සම්මාන සඳහා සුදුස්‌සන් තෝරා ගැනීමේ සමීක්‍ෂණය ද පවත්වයි.
පසුගිය මාස හයක කාලය තුළදී රටේ සෑම පළාතක්‌ම නියෝජනය වන ආකාරයට
අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 2700 ක් සම්මුඛ පරීක්‍ෂණයට භාජන
කරමින් ස්‌ලිම් සහ නීල්සන් ආයතනය ජනතා සම්මානය සඳහා නියම
සුදුස්‌සන් තෝරා ගෙන ඇත.
විශිෂ්ටතම වෙළෙඳ ලකුණ, සන්නාම නාමය, කල් පවත්නා භාණ්‌ඩ, ජනතාවට
සේවා සපයන විශිෂ්ටතම සමාගම, හොඳම පාන වර්ගය, ජනතාවගේ ප්‍රසාදය
දිනාගත් හොඳම පුවත්පත, ගුවන්විදුලි නාලිකාව, රූපවාහිනි
නාලිකාව, නළුවා, නිළිය, වසරේ විශිෂ්ටතම ගීතය, ගායකයා සහ
ගායිකාව ක්‍රීඩකයා මෙන්ම තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය බීම
වර්ගය, ගුවන් විදුලි නාලිකාව, රූපවාහිනි නාලිකාව, තරුණ පරපුරේ
හදබැඳ ගත් නළුවා, නිළිය, ගායකයා, ගායිකාව ඇතුළු අංශ ගණනාවක්
නියෝජනය වන පරිදි ජනතා සම්මාන පිරිනැමේ.
|
|
|
|